මාකඳුරේ මධූෂ්ලංකාවට එවයි – කටුනායකදී CID අත්අඩංගුවට
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන මාකඳුරේ මධූෂ් ඩුබායි බලධාරීන් විසින් ශ්‍රී ලංකාවට පිටුවහල් කර තිබේ. ඔහු අද අලුයම 2,30 ට පමණ කටුනායකට පැමිණ ඇත .
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අද (05) අළුයම ඔහු අත්අඩංගුවට ගන්නා ලද බව පොලිස් මූලස්ථානය පවසයි.
