පාසල් අවට ආරක්ෂාව තර කෙරේ.
අනිද්දා ආරම්භ කිරීමට නියමිත නව පාසල් වාරය හේතුවෙන් පාසල් සඳහා පූර්ණ ආරක්ෂාවක් ලබාදීමට අවශ්‍ය වැඩපිළිවෙලක් පොලිසිය සකස් කර තිබෙනවා.
ඊට අදාළව සෑම පොලිස් ස්ථානයක් වෙතම අවශ්‍ය උපදෙස් මාලාවක් නිකුත්කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ.
එමෙන්ම පොලිස් කොට්ඨාශ මට්ටමින් පාසල් අවට පරීක්ෂා කිරීමේ කටයුතු ද සිදුවන බව ඔහු සඳහන් කළා.
මේ අතර කොළඹ ප්‍රදේශයේ පාසල් අවට පරීක්ෂා කිරීමේ විශේෂ මෙහෙයුමක් හෙට (05) සිදු කිරීමට නියමිතයි.
මෙම පරීක්ෂා කිරීම හේතුවෙන් හෙට පස්වරු 1න් පසු කොළඹ පාසල් අවට වාහන නතර කර තැබීමෙන් වළකින ලෙසට පොලිසිය ජනතාවට දැනුම්දෙනවා.
හෙට සිදු කෙරෙන මෙම විශේෂ මෙහෙයුම පිළිබඳ කලින් දැනුම්දෙනු ලබන්නේ මෙම සෝදිසි මෙහෙයුම් සිදු කිරීමේදී ඊට වෙනත් අර්ථකතන ලබාදී අසත්‍ය ප්‍රචාර පැතිරවීම වැළැක්වීමට බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ.
එමෙන්ම දිවයිනේ සියලුම පාසල් ද ආරම්භයෙන් පසු පාසල් අවට වාහන නතර කර තැබීමෙන් වළකින ලෙසටයි පොලිසිය ඉල්ලා සිටින්නේ.
කොළඹ නගරයේ පාසල්වලට පැමිණෙන ළමුන් ප්‍රවාහන වෑන් රථ මෙන්ම බස් රථ නතර කර තැබීම සඳහා වෙනම ක්‍රීඩාංගණ සහ රථ ගාල් සැලසුම්කර තිබෙන බව ද පොලිසිය සඳහන් කළා.
