ප්‍රහාරය වුණු දව‍සේ උ‍දේ රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා මට කතා කරලා ගහන්න යන්‍‍නේ ක‍තෝලික පල්ලිවලට ‍නො‍වෙයි, ‍මෙ‍තෝදිස්ත පල්ලිවලට කියල කිව්වා

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ඊයේ (6) පාස්කු ප‍්‍රහාරය පිළිබඳ විශේෂ තේරීම් කාරක සභාව හමුවේ සාක්කි දෙමින් කියා සිටියේ තමන්ගේ ලේකම් ධූරය ගෝඨාභයට තිබූ ආකාරයේ එකක් නොවූ බවත් සතියකට වරක් හෝ ආරක්‍ෂක ඇමැතිවූ ජනපති සමග සාකච්ඡා කිරීමට අවස්ථාවක් නොලද අසරණ ආරක්‍ෂක ලේකම්වරයෙක් බවට තමන් පත්ව සිටි බවයි ඇතැම්විට ලිපිගොනු අත්සන් කිරීම සඳහා ජනාධිපතිවරයා හමුවීමට…

260කට මරු කැදවූ බෝම්බ ප්‍රහාර මාලාවෙන් පසුව අගමැති කැදවූ ආරක්ෂක මණ්ඩල රැස්වීමට සහභාගී නොවන ලෙස ජනාධිපති ආරක්ෂක ලේකම්ට උපදෙස් දීලා

පාස්කු ඉරිදා 260කට මරු කැදවූ බෝම්බ ප්‍රහාර මාලාවෙන් පසුව හදිසියේ ගතයුතු පියවර සාකච්චා කිරීම සදහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කැදවූ ආරක්ෂක මණ්ඩල රැස්වීමට සහභාගී නොවන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන්ට උපදෙස් දුන් බව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ සක්ෂිදෙමින් ඊයේ ප්‍රකාශ කළේය . අගමැති , ආරක්ෂක රාජ්‍ය…

ලීමෝල් – වඩුමඩු තහනම් කරන බව ජනපති කියයි

ගස් කැපීම සඳහා පිටරටින් මැෂින් ගෙන ඒම සම්පුර්ණයෙන් තහනම් කරන බවත් ලීමෝල් හා වඩු මඩු ද තහනමට ලක්කරන්නට  අවශ්‍ය පියවර ගන්නා බවත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කළේය.ලී මෝල් හිමියන්ට වෙනත් වෘත්තීන් සොයාගැනීමට වසර පහක පමණ කාලයක් ලබා දෙන බව ද සිරිසේන මහතා කියා සිටියේය.ලී බඩු නිෂ්පාදනයේ දී අවශ්‍ය වන ලී පිටරටින් ගෙන්වීමට පියවර ගන්නා…

මීලග ජනාධිපතිත් පොහොට්ටුවෙන්.. අගමැතිත් පොහොට්ටුවෙන්.. ජාතික ආණ්ඩු අටවාගෙන රට කෑ ශ‍්‍රීලනිපය ඔ්න කුදයක් ගහගනිවු..- පොහොට්ටුවෙන් දරුණු ප‍්‍රතිචාර

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙකු නම් කරන බවත් ඔහු ජනාධිපතිවරයා ලෙස පත් වුනු ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසයි.එමෙන්ම ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු හිටපු ජනාධිපති වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා ලෙස පත්වනු ඇති ඔහු කියා සිටියේය. අද රටේ බහුතර…

පොලිස්පති ආරක්ෂක මණ්ඩල රැස්වීමට අනවශ්‍ය බව මෛත්‍රී දන්වලා !

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ඉදිරිපත් කිරීම ආරම්භ කර තිබේ. අද (06) සාක්ෂි ලබා දෙමින් පොලිස්පතිවරයා කියා සිටියේ, ආරක්ෂක කවුන්සලය වෙත සහභාගී වීමට අවශ්‍ය නොවන බව ජනාධිපතිවරයා විසින් පැවසු බව එවකට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා පවසා සිටි බවයි. ස්ථානමාරු…

නීතිය හා සාමය , ජනමාධ්‍ය රාජ්‍ය ඇමතිකම් එජාපයට – ජනාධිපති එකඟවෙයි

නීතිය හා සාමය හා ජනමාධ්‍ය රාජ්‍ය ඇමති ධුර දෙකක් එක්සත් ජාතික පක්ෂයට ලබා දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැමැත්ත පලකොට ඇති බව වාර්තා වෙයි . නීතිය හා සාමය විෂය එජාපයට දීමට ජනාධිපතිතුමා පසුගිය කාලයේ දැඩි ලෙස විරුද්ධ විය . මෙම එකඟ වීම එජාපය කෙරෙහි ජනාධිපතිතුමාගේ ස්ථාවරය ලිහිල් වීමක් බව නෙරීක්ෂකයෝ කියති .

ජනපතිවරණයට මම එන්නේ නෑ- රනිල් දාන්නත් එපා -ජනාධිපති එජාප ඇමති පිරිසකට කියලා

ජනපතිවරණයට මම එන්නේ නෑ- රනිල් දාන්නත් එපා -ජනාධිපති එජාප ඇමති පිරිසකට කියලා

ඉදිරි ජනාධිපතිවරණයට තමන් තරඟ නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එජාප ඇමති පිරිසක් සමග පවසා ඇතැයි වාර්තා වෙයි . ඊයේ පැවති කැබිනට් රැස්වීමෙන් පසුව සුහද කතාබහක යෙදෙමින් ජනාධිපතිතුමා පවසා ඇත්තේ එජාපයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් නොකොට අලුත් මුහුණක් ඉදිරිපත් කළ යුතු බවයි . තමන් මහින්ද රාජපක්ෂ පිලට සහාය නොදෙන බව ද ඔහු පවසා ඇත ….

සහරාන් හෂීම් ගෝටාභයගේ ඔත්තුකාරයෙක් !!!
|

සහරාන් හෂීම් ගෝටාභයගේ ඔත්තුකාරයෙක් !!!

පාස්කු ඉරිදා ප්‍රහාරය මෙහෙයවූ සහරාන් හෂීම් පසුගිය රජය සමයේ  ගොටාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්ව සිටියදී  ඔත්තුකාරයකු ලෙස රජයන් වැටුප් ලබාගෙන ඇති බව හෙළිදරවු වෙයි . විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ සහරාන් හෂීම් ඇතුළු ජාතික තව්හිඩ් ජමාත් සංවිධානයේ තිස් දෙනකුට පසුගිය රජය වැටුප් ගෙවා ඇති බවයි ….

සහරාන් හෂීම් ගැන 2017 සිට නිරන්තරයෙන් පොලිස්පතිතුමා දැනුවත් කළා – ජේෂ්ට නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා

“රාජ්‍ය බුද්ධි සේවාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෙලා ඉන්නකොට මගේ මතකයේ හැටියට 2013/2014 අන්තවාදී කල්ලි ගැන තොරතුරු ලැබුණා. සහරාන් ගැන දැනගත්තා. අන්තවාදයක් තිබුනට ඒ වනවිට ප්‍රචණ්ඩ අන්තවාදයක් තිබුණේ නෑ. ප්‍රචණ්ඩ අන්තවාදය තමයි පසුව ත්‍රස්තවාදීන් බවට පත්වෙන්නේ. 2016 ඉඳන් සහරන්ගේ ෆේස්බුක්, වෙබ් අපි දවස ගානේ දැඩිව විමර්ශනය කිරීම ආරම්භ කළා,” යනුවෙන් නාලක සිල්වා පවසයි. පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන පරීක්ෂණ පවත්වන…

සැණකෙළිය ඉදිරියට ; රතන හිමිගේ තක්කඩි උපවාසයෙන් සහරාන්ලාගේ වුවමනාව ඉටු වුණා – ඥානසාර හිමි

ඉස්ලාම් අන්තවාදයට එරෙහිව රට තුළ නැගෙන බලවේගය දැක තක්කඩි ලෙසින් තමන්ගේ පුද්ගලික න්‍යාය පත්‍ර පෙරට ගෙන ඉදිරියට පැමිණ ප්‍රශ්නය වෙනතකට හැරවීමට උත්සාහ දරන බවට බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමි අතුරලියේ රතන හිමිට චෝදනා කරයි. වහාබ්වාදයට එරෙහිව සිංහල සමාජයට වඩා ක්‍රියාකාරී වූයේ සාම්ප්‍රදායික මුස්ලිම් මිනිසුන් බව පැවසූ එහිමි මේ සිදුවන දේවල් නිසා ඔවුන්…

රිෂාඩ් ට එරෙහි විශ්වාසබංගයත් අහෝසියි

සියලු මුස්ලිම් ඇමතිවරුන් ආණ්ඩුවෙන් ඉවත්වීමත් සමග ඇමති රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව කතානායකට බාරදී තිබු විශ්වාස බංග යෝජනාවද බල රහිත වන බව වාර්තා වෙයි . ඒ අනුව මෙම මස 18, 19 දිනවල පැවැත්වීමට නියමිතව තිබු විවාදයද නොපැවැත්වෙනු ඇත . රජයට එරෙහිව ජවිපෙ බාරදුන් විස්වාසබංග යෝජනාවට විපක්ෂයේ සෙසු පක්ෂවල සහාය තවම ලැබී නැත .

වෛද්‍ය සාෆි සම්බන්ධ විමර්ශනයේ අතුරු වාර්තාව – සැත්කම්වලට සම්බන්ද වූ සියලු දෙන ගැන තොරතුරු ඕනෑ

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ෂෙයිගු ෂියාබ්දීන් මොහොමඩ් සාෆි වෛද්‍යවරයාට එරෙහිව ලැබී ඇති පැමිණිලි විමර්ශනය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පත්කළ සය පුද්ගල විමර්ශන කමිටුවේ මූලික විමර්ශනයේ අතුරු වාර්තාව සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මියට භාර දී ඇත. කමිටු සභාපති සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් සමරණායක මහතා විසින් මෙම අතුරු වාර්තාව ලේකම්වරිය වෙත අද(03)…