රෝගීන් ගණන 115 ට නගී

ඊයේ අලුතින් රෝගීන් 9ක් වාර්තා වීමත් සමඟ මෙරටින් හමු වූ කොව්ඩ් 19 රෝගීන් සංඛ්‍යාව 115ක් බවට පත්වීය. රෝගීන් 9ක් සුවය ලබා පිටව ගොස් ඇති අතර එක් අයකු මියගොස් ඇත.

මියගිය රෝගියාගේ අවසන් කටයුතු රජයෙන්

කොවිඩ් 19 වැළදීමෙන් ඊයේ මියගිය රෝගියාගේ සිරුර ඥාතීන්ට භාර නොදෙන බවත් , සියලු ආරක්‍ෂිත ක්‍රම අනුගමනය කරමින් සෞඛ්‍ය බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ අවසන් කටයුතු සිදුකරන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කරයි. ඒ අනුව , ආරක්‍ෂිත බෑගයකින් ආවරණය කරන මෘත දේහය ආදාහනය කිරීම හෝ අඩි අටක් ගැඹුරු වලක තැන්පත් කිරීම හෝ සිදුකිරීමට නියමිතය. රෝගියාගේ ලඟම ඥාතින්…

අද කොරෝනා ආසාධිතයින් 4යි. එකතුව 110යි. තව දෙදෙනකුට සුවයි.

අද දින අලුතින් කොවිඩ් 19 රෝගීන් හතර දෙනකු හඳුනාගැනීමත් සමග දිවයිනේ මෙතෙක් හදුනාගත් රෝගීන් සංඛ්‍යාව 110ක් බවට පත්විය. අද දෙදෙනෙකු සම්පුර්ණ සුවය ලබා පිටව ගියේය. ඒ අනුව සුවය ලැබූ මුළු සංඛ්‍යාව 9 කි. ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් සංඛ්‍යාව 101කි.

“සමාජ දුරස්ථකරණය” වැරදියි – ලෝක සෞඛ්‍ය සංවිධානය

කොවිඩ් 19 වසංගතයට මුහුණ දීම සඳහා යොදාගන්නා “සමාජ දුරස්ථකරණය” යන්න වැරදි අදහසක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නව රෝග අංශ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය ආචාර්ය මරියා වැන් කිර්ක්හොවේ මහත්මිය ප්‍රකාශ කරයි. මෙම රෝගයට මුහුණ දීමේ දී සමාජ සම්බන්ධතා පවත්වාගෙන යාම ඉතා වැදගත් බව කියන ඒ මහත්මිය අවශ්‍ය වන්නේ සමාජ සබඳතාවලට ඉඩ සලසමින් ” භෞතික දුරස්ථභාවය” පවත්වාගෙන යාම…

|

ස්වභාව ධර්මයේ පණිවුඩය තේරුම් ගනිමු-මිනිස් ගුණ ධර්ම වඩමු – වජිර අබේවර්ධන

මනුෂ්‍යත්වයේ නාමයෙන් සියලු ලෝ වැසියන් එකට එක් විය යුතුයි ස්වභාව ධර්මයට තව දුරටත් පිටු නොපෑමට සිතට ගත යුතුයි  ස්වභාව ධර්මය දුන් පණිවුඩය තේරුම් ගෙන සිය චිත්ත සංතානයන් හි මිනිස් ගුණ ධර්ම තව තවත් වගා කර ගනිමින් සියලු භේද ඉවතලා Covid-19 වසංගතයෙන් බේරීම් සඳහා මනසින් උසස් මිනිසුන් ලෙස සියලු ලෝ වාසීන් මනුෂ්‍යත්වයේ නාමයෙන් එකට එක් විය…

පෞද්ගලික රෝහල් රජයට සම්බන්ධ කරගන්න – එජාප නායක රනිල්

කොවිඩ් 19 වසංගතයට මුහුණ දීම සදහා රාජ්‍ය සෞඛ්‍ය සේවයට පෞද්ගලික රෝහල් ද සම්බන්ධ කරගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා රජයෙන් ඉල්ලීමක් කොට ඇත. එලෙස රාජ්‍ය පෞද්ගලික ඒකාබද්ධ යාන්ත්‍රණයක් ගොඩනගා එය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා යටතේ ක්‍රියාත්මක කරනා ලෙස ද ඒ මහතා ඉල්ලා ඇත. කොරෝනා පරීක්ෂණ කිරීමේ පෞද්ගලික අංශයේ පහසුකම් වර්ධනය කිරීමට…

කොරෝනා රෝගීන් ඊයෙත් නෑ ; පසුගිය දින තුනට ම 4 යි.

කොවිඩ් 19 වෛරසය අසාධනය වූ කිසිවකු ඊයේ දිනයේ දී  ද වාර්තා නොවූ බව සෞඛ්‍ය අංශ කියයි. පෙරේදා රාත්‍රීයේ වාර්තා  වූ රෝගීන් හතර දෙනා හැරුණු විට වෙනත් රෝගීන් කිසිවකු පසුගිය දින තුන තුල හදුනාගෙන නැත.

වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය 6ක් ඉල්ලලා, තුනක් ලැබිලා: පාදෙනියට නෑ !

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (ජීඑම් ඕඒ) ක‍්‍රියාකාරී නිලධාරීන් හය දෙනෙකු මහමැතිවරණයට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නාමයෝජනා ඉල්ලූ බවත් ඒ අතරින් තුන්දෙනෙකුට නාමයෝජනා ලබාදුන් බවත් අනිද්දා සමඟ අදහස් දැක්වූ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමයෝජනා කමිටුවේ සාමාජිකයෙක් පැවසීය. පසුගිය කාලයේදී තමන්ට සහයෝගය දැක්වූ සියලූ කණ්ඩායම්වලට නාමයෝජනා ලබාදුන් බවත්, ඒ අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයටද නාමයෝජනා ලබාදුන් බවත්…

ෆාමසි , සිල්ලර කඩ වැසීමට නියෝග

වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය ඔසුහල් හැර සියලු ඖෂධ වෙළෙඳසල් සහ සිල්ලර වෙළෙඳසල් වසා දැමීමට රජය නියෝග කොට ඇත. රෝගීන්ට අවශ්‍ය ඖෂධ නිවසටම ලබාදීමට කටයුතු කරන බව ද රජය කියයි.

ඩොලර් ට්‍රිලියන 2ක (2,000,000,000,000.00) කොරෝනා සහන පැකේජයට ඇමෙරිකානු කොන්ග්‍රස් මණ්ඩල අනුමැතිය

කොරෝනා වසංගතය නිසා පසුබෑමට ලක්ව ඇති ඇමෙරිකානු ආර්ථිකය ගලවාගැනීම සදහා වන ඩොලර් ට්‍රිලියන 2ක සහන පැකේජයට ඊයේ ඇමෙරිකානු කොන්ග්‍රස් මණ්ඩලයේ අනුමැතිය හිමි වීය. මෙය ඇමෙරිකානු ඉතිහාසයේ මෙන් ම ලෝක ඉතිහාසයේද විශාලතම සහන පැකේජය යි . කොරෝනා නිසා පසුබෑමට ලක්ව ඇති ව්‍යාපාර සදහා සහනාධාර පිරිනැමීම මෙන් ම වසරකට ඩොලර් 75,000 කට වඩා අඩු ආදායම් ලබන සියලු…

‘අදත් කිසිදු කොරෝනා ආසාදිතයකු වාර්තා වී නැහැ’ – සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි

කිසිදු කොරෝනා ආසාදිතයකු අද (26) දිනයේදීද මේ වනතුරු  හමු නොවූ බවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කීවාය. ඊයේ (25) දිනයේදීත් කිසිදු ආසාදිතයකු වාර්තා නොවු අතර අද සවස 4.45 වන තුරුත් කිසිදු අසාදිතයකු වාර්තාවී නොමැත. ඒ අතර අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිත රෝගීන් සිව් දෙනකුද සුවය ලබා අද නිවෙස්වලට ගොස් ඇතැයිද අමැතිවරිය පැවසුවාය. මේ වන විට ශ්‍රී…

තවත් කොරෝනා රෝගී 4ක් සුවය ලබති

කොරෝනා හෙවත් කෝවිඩ් 19 රෝගයට ගොදුරු වූ තවත් රෝගීන් 4 දෙනකු සම්පුර්ණ සුවය ලබා අද පිටව ගිය බව වාර්තා වෙයි . මීට පෙර සුවය ලබා සිටි සංඛ්‍යාව 3කි. ඒ අනුව මේ වනවිට සම්පුර්ණ සුවය ලැබූ රෝගීන් සංඛ්‍යාව හතකි. අද දින හවස් වනතුරු අලුතින් කොවිඩ් 19 රෝගීන් කිසිවකු ගැන වාර්තා වුයේ නැත.