මියගිය රෝගියාගේ අවසන් කටයුතු රජයෙන්

කොවිඩ් 19 වැළදීමෙන් ඊයේ මියගිය රෝගියාගේ සිරුර ඥාතීන්ට භාර නොදෙන බවත් , සියලු ආරක්‍ෂිත ක්‍රම අනුගමනය කරමින් සෞඛ්‍ය බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ අවසන් කටයුතු සිදුකරන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කරයි.

ඒ අනුව , ආරක්‍ෂිත බෑගයකින් ආවරණය කරන මෘත දේහය ආදාහනය කිරීම හෝ අඩි අටක් ගැඹුරු වලක තැන්පත් කිරීම හෝ සිදුකිරීමට නියමිතය.

රෝගියාගේ ලඟම ඥාතින් දෙදෙනකුට පමණක් මෘතදේහය බැලීමට ඉඩ දෙන බව කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *