වරාය නගර කොමිසම් පනත් කෙටුම්පතට එරෙහිව එජාපය නඩු මගට

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන කොළඹ වරාය නගර කොමිසම්  පනත් කෙටුම්පතට එරෙහිව නඩු පැවරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර සිටී. කොළඹ වරාය නගර කොමිසම පනත් කෙටුම්පතට එරෙහිව එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් නඩු පවරනු ලබන්නේ එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන සහ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර යන මහත්වරුන්ය . ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවය හා ස්වෛරිත්වයට හානි කරමින්…

වෙළඳපලේ පිළිකා කාරක අඩංගු ආහාර තිබෙනවා, හෙලි නොකලේ ජනතාව බිය වෙන නිසා – සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකක අධ්‍යක්‍ෂ

වෙළඳපල තුළ පිළිකා කාරක අඩංගු ආහාර ද්‍රව්‍ය අලෙවි වූ බවට දැන ගත්තද ඒ පිළිබඳව ජනතාව දැනුවත් නොකළේ ජනතාව බියට පත්වන නිසා බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය තිලක් සිරිවර්ධන මහතා සඳහන් කරයි. පුවත්පතක් සමග සාකච්චාවකට එක්වෙමින් ඒ මහතා මෙසේ අදහස් පල කරයි. ‘මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කළා නම් ඔවුන් බියට පත්වෙනවා. නමුත්…

පක්ෂයේ ඒකමතික තීරණය රනිල් පාර්ලිමේන්තු යා යුතු බවයි; වෙනත් පක්ෂ වලිනුත් එම ඉල්ලීම තිබෙනවා – එජාප සභාපති වජිර අබේවර්ධන

පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය භාරගෙන පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු යා යුතු බව පක්ෂයේ ඒකමතික තීරණය බවත්, වෙනත් පක්ෂවල අයගෙනුත් එම ඉල්ලීම ලැබී ඇති බවත් , එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කරයි. තවත් මාසයකින් හෝ දෙකකින් වික්‍රමසිංහ මහතා මෙම යෝජනාව පිළිගෙන පාර්ලිමේන්තු එනු ඇති බව අබේවර්ධන මහතා කියයි. ගාල්ලේ පැවතී…

යාපන නගරාධිපතිට ඇප දුන්නේ ජනාධිපතිද? අධිකරණයද? හිටපු මහ ඇමැති විග්නේශවරන් උත්තරයක් ඉල්ලයි!

පසුගිය 09දින පොලීසිය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ යාපන නගරාධිපති විශ්වලංගම් මනිවන්නන් අත්අඩංඟුවට ගත්තේ එල්ටීටීඊ සංවිධානය යළි ගොඩනැගිමට යන්නේය යන චෝදනාව උඩය. ඔහු විසින් යාපන නගරයේ පරිසය බලකායකට ලබා දෙන ලද නිල ඇදුම මෙයට දස වසරකට පෙර පරාජය වූ එල්ටීටීඊ සංවිධානයේ පොලීසියේ ඇදුමම යැයි ශ්‍රී ලංකා පොලීසිය මෙන්ම රාජපක්ෂවාදී ජනමාධ්‍ය ද චෝදනා කළේය. දෙරණ නාලිකාවේ අරැණ…

බැසිල්ගේ උත්සාහය පොහොට්ටු සන්ධානයේ කුඩා පක්ෂ දිය කරන්නලු ! එකතු වී සටන් කරන්න පක්ෂ හවුලක් !

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ලෙස එකතු වූ පක්ෂ අතර කුඩා පක්ෂ දියකර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තනි බලයක් ගොඩ නැගීමට බැසිල් රාජපක්ෂ මහතා කටයුතු කරමින් සිටින බව එම පක්ෂවල තක්සේරුව වී ඇති බව වාර්තා වෙයි. බැසිල්ගේ මෙම උත්සාහයට එරෙහිව සටන් වැදීමට එම පක්ෂ එකොළහක් පසුගිය දා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ දී රැස් වී…

හිට්ලර් වගේ පාලනයක් ගේන්න කියන අයට ජනතාව ඉක්මනින්ම උත්තර දෙයි – මුරුත්තෙට්ටුවේ හිමි

හිට්ලර් පන්නයේ පාලනයක් මෙරටට ගෙන ආයුතු බවක් කිසිවෙකු කියන්නේ නම් ජනතාව වැඩිකල් නොයවාම ඔවුන්ට පිළිතුරු ලබාදෙනු ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිතවත් ප්‍රබල භික්ෂුවක් වන මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ  පවසති. දිළුම් අමුණුගම රාජ්‍ය අමාත්‍යවරයා පසුගියදා කළ ප්‍රකාශයක් තරයේ හෙළාදකිමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ. “මොන පැත්තෙන්වත් හිතන්නෑ ගෝඨාභය මහත්තයා හිට්ලර් කෙනෙක් වෙයි කියන එක නම්,…

රන්ජන් පාවාදීම ගැන සජිත්ට දැඩි විරෝධයක්

උසාවියට අපහාස කිරීමේ චෝදනාවකට වරදකරු වී සිරගතව සිටින රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ මන්ත්‍රීධුරය අහෝසි කළ වහා ම එම ධුරයේ දිවුරුම් දීමට අජිත් මාන්නප්පෙරුම මහතාට උපදෙස් දීමෙන් පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ එකඟතාව බිඳීම සහ රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් කළ යුතුව තිබු සටන අතහැරීම ගැන සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමෙන් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට බලවත් විරෝධයක් එල්ල වී…

ගොටාභය ජනාධිපති කරන්න කඩේ ගිය තිස්ස ජනනායකට රෙද්දක් ඇඳන් පාරේ යන්න බැරි ලු !

දැන් රටේ සිදුවන දේවල් බැලූ විට රෙද්දක් ඇඳන් පාරේ යන්න බැරි තත්වයක් උද්ගතව ඇති බවත් , තමන් දැන් සිටින්නේ රටින් පිටවෙනවද කියා සිතා බලමින් බවත් , ගොටාභය රාජපක්ෂ මහතා ජනාධිපති කරවීමට විශාල වැඩ කොටසක් කළ ප්‍රවීණ උපකාරක පන්ති දේශක තිස්ස ජනනායක මහතා ප්‍රකාශ කොට ඇත. තමන් සියලු දෙනාට කියන්නේ හොඳට ඉගෙන ගෙන රටින් පිටවන ලෙස…

පාම් තෙල් සෞඛ්‍යයට හානිදායක බවට සාක්ෂි කෝ ? – මහාචාර්ය රොහාන් සමරජීව     

 ලෝකයේ සියලු ධනවත් රටවල් දියුණු වුනේ විද්‍යාව මත පදනම්වය.  මෑත කාලයේ මොන යම් හෝ හේතුන් පදනම් කරගෙන අප රටේ ආණ්ඩුවේ බලධාරීන් විද්‍යාව පිටුදකිමින් මිත්‍යාව ප්‍රවර්ධනය කරමින්, විද්‍යාත්මක සාක්ෂි නැතුව හෝ අභව්‍ය සාක්ෂි මත පදනම්ව රටේ ජනතාවට බලපාන වැදගත් තීන්දු තීරණ ගන්නා බවක් පෙනෙන්නට තිබේ. උදාහරණයක් ලෙස, පාම් තෙල් තහනම නිසි ක්‍රමවේදයකින් තොරව කරනු ලබන්නේ එය…

ගම්මන්පිලයි විමලුයි මායි නැත්නම් පොහොට්ටුවක් නෑ. පැරදෙන්න බලාන පළාත් සභා ගේන්න – මුරුත්තෙට්ටුවේ හිමි

පරාජයට පත්වීමේ බලාපොරොත්තුවක් නොමැති නම් පළාත් සභා මැතිවරණය නොපවත්වන්නැයි තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අවවාද කරන බව නාරාහේන්පිට අභයාරාමයේ විහාරාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ  පවසති. “හෙණහුරෙක් පාත්වුණා වගේ එක පාරටම මේ පොල්තෙල් ප්‍රශ්නයත් ආවා. බඩුමිල රොකට් වේගෙන් ඉහළ යනවා. ඇමතිවරු කොහොම කතා කළත් බඩුගන්න යන්න තියෙන්නෙ කඩේට. ඉතිං කඩේට ගියාම මේ ඇමතිවරු කියන එව්වා නෙවෙයි එතන…

නිදහස් මාධ්‍යවේදී මලික අබේකෝන් වහාම නිදහස් කර ඔහුට පහරදීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතුයි – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

නිදහස්  මාධ්‍යවේදියෙකු සහ ඡායාරූප ශිල්පියෙකු වන මලික අබේකෝන් අත්අඩංගුවට ගැනීම සහ පහර දීම පොලීසිය විසින් කරන ලද පිළිකුල් සහගත ක්‍රියාවක් ලෙස සලකන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය එය දැඩි සේ හෙළා දකී. අප්‍රේල් මස 07 වැනිදා කොළඹදී පැවති සෞඛ්‍ය සේවක විරෝධතා ව්‍යාපාරයක් අතරතුරදී මරදාන පොලීසිය විසින් මලික අබේකෝන් අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිසිය වෙත රැගෙන ගිය ඔහුට…

කොළඹ නගර සභාවේත් එල් ටී ටී ඊ නිල ඇඳුම් !

කොළඹ නගර සභාවේ ආරක්ෂක භටයන්ට දී ඇත්තේ යපනේය නගරාධිපති එම නගර සභාවේ භටයන්ට දී ඇති නිල ඇඳුම බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් ශානක්කියන් මහතා ඊයේ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය. යාපනය නගර සභාවේ ආරක්ෂකයින්ට එල් ටී ටී ඊ පොලිසියේ නිල ඇඳුමට සමාන නිල ඇඳුම් ලබා දී ඇති බවට චෝදනා කරමින් යාපනය මහනගර සභාවේ…