පක්ෂයේ ඒකමතික තීරණය රනිල් පාර්ලිමේන්තු යා යුතු බවයි; වෙනත් පක්ෂ වලිනුත් එම ඉල්ලීම තිබෙනවා – එජාප සභාපති වජිර අබේවර්ධන

පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය භාරගෙන පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු යා යුතු බව පක්ෂයේ ඒකමතික තීරණය බවත්, වෙනත් පක්ෂවල අයගෙනුත් එම ඉල්ලීම ලැබී ඇති බවත් , එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කරයි.
තවත් මාසයකින් හෝ දෙකකින් වික්‍රමසිංහ මහතා මෙම යෝජනාව පිළිගෙන පාර්ලිමේන්තු එනු ඇති බව අබේවර්ධන මහතා කියයි.
ගාල්ලේ පැවතී මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
