රන්ජන් පාවාදීම ගැන සජිත්ට දැඩි විරෝධයක්

උසාවියට අපහාස කිරීමේ චෝදනාවකට වරදකරු වී සිරගතව සිටින රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ මන්ත්‍රීධුරය අහෝසි කළ වහා ම එම ධුරයේ දිවුරුම් දීමට අජිත් මාන්නප්පෙරුම මහතාට උපදෙස් දීමෙන් පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ එකඟතාව බිඳීම සහ රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් කළ යුතුව තිබු සටන අතහැරීම ගැන සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමෙන් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට බලවත් විරෝධයක් එල්ල වී ඇති බව තතු දත් ආරංචි මාර්ග කියයි.

මෙය රන්ජන් රාමනායක මහතා පාවාදීමක් බව එම මන්ත්‍රීවරුන්ගේ මතය වී තිබේ.

සාර්ථකත්වය කුමක් වුවත් , රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් තවදුරටත් සටන් කළ යුතුව තිබු බව එම මන්ත්‍රීවරු කියති.

මෙයින් කෝපයට පත්ව සිටින හරින ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කියා ඇත්තේ රන්ජන් වෙනුවෙන් තමා තීරණාත්මක පියවරකට වුව ද සුදානම් බව යි. රන්ජන්ට පාර්ලිමේන්තු එන්නට අවස්ථාවක් ලැබෙන්නේ නම් තම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත්ව එම තනතුරට රන්ජන් පත් කරන ලෙස ඉල්ලා සිටීමට හරීන් ප්‍රනාන්දු මහතා සුදානම් වන බව කියති.

රන්ජන්ගේ මන්ත්‍රී ධුරය අහෝසි කොට පැය විසි හතරක් යන්නට පෙර පක්ෂයේ තව කෙනෙකු  එම ධුරයේ දිවුරුම් දීම සමගි ජන බලවේගයට නින්දාවක් බව පක්ෂයේ බහුතරයේ මතය වී ඇතැයි කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *