කිසිම බැංකුවකින් ගිණුම් ඉවත්කර ගන්නැයි අපි කාටවත්ම කියා නැහැ – සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානය

ශ්‍රී ලංකාවේ කිසිදු පෞද්ගලික බැංකුවක ඇති ගිණුම් ඉවත් කරගන්නා ලෙස තමන් මුස්ලිම් ජනතාවට දැනුම්දී නැතැයි සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානය ප්‍රකාශ කරයි. ප්‍රසිද්ධ පෞද්ගලික බැංකුවක මුස්ලිම් ජාතිකයන් සතු ගිණුම් ඉවත්කර ගන්නා ලෙස ජම්ඉයියතුල් සංවිධානය විසින් අනුබල දෙන බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මාධ්‍ය හමුවකදී කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් කරන ලද විමසීමකදී එම…

රවී ඇතුළු 07 ක් අත්අඩංගුවට ගැනීමට නිකුත් කළ වරෙන්තු අභියාචනාධිකරණයෙන් අත්හිටුවයි

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු 07 දෙනෙකු  අත්අඩංගුවට ගැනීම සඳහා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ වරෙන්තු අත්හිටුවන්නැයි අභියාචනාධිකරණ අද නියෝග කළේය. බැඳුම්කර වංචාවට අදාලව රවී කරුණානායක මහතා ඇතුළු 07 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබිණි. ඊට එරෙහිව කරුණානායක මහතා ඇතුළු පිරිස අභියාචනාධිකරණය හමුවේ රීට් පෙත්සමක් ගොනුකළ අතර…

මම රනිල්ව අල්ලේ නැටෙව්වා – මෛත්‍රීපාල

තමන්ව නටවන්නට හිතාගෙන රනිල් වික්‍රමසිංහ මහතා තමන් ජනාධිපති කර වූ බවත් , අන්තිමේදී තමන් රනිල් වික්‍රමසිංහ මහතා අල්ලේ නැට වූ බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කොට ඇත. කළුතර පැවති ජන හමුවක් අමතමින් සිරිසේන මහතා කියා  ඇත්තේ තමන් නටවන්නට සිතා  සිටි රනිල් වික්‍රමසිංහ මහතාට අන්තිමේ සිද්ධ වුයේ තමන්ගේ අල්ලේ නටවෙන්නට බව යි. 2015 දී…

කවුරුත් නොකී දේ රෝහිත රාජපක්ෂ කියයි ; “තාත්තට වැඩිය ඇවිදින්න බැහැ “

“තාත්තාට වැඩිය ඇවිදින්න බැරි නිසා මට ගිහින් ටිකක් කතාකරලා එන්න කිවුවා” යි මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ මහතා කුරුණෑගල මාවතගම පැවති මැතිවරණ රැස්වීමකට සහභාගී වෙමින් අද ප්‍රකාශ කළේ ය. අයියලා කාර්ය බහුල නිසා නිතර  හැමතැනම යන බවත් තාත්තා සමග ගෙදර ඉන්නේ තමා බවත් රෝහිත රාජපක්ෂ මහතා වැඩි දුරුටත් පැවසීය. ඒ මහතා වැඩි දුරටත් මෙසේ…

අශෝක වඩිගමංගාව රිය අනතුරකින් ජීවිතක්ෂයට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක වඩිගමංගාව මහතා රිය අනතුරකින් අභාවප්‍රාප්ත වී තිබේ. ඔහු මෙවර මහමැතිවරණය සඳහා සමගි ජන බලවේගය පුත්තලම දිස්ත්‍රික් අපේක්ෂකයෙකු ලෙස ද ඉදිරිපත්ව සිටියේය.  අද (05) පස්වරුවේ  කුරුණෑගල – පුත්තලම මාර්ගයේ පාදෙණිය, මාරගස්ගොල්ල ප්‍රදේශයේ දී එමරිය අනතුර සිදු වී ඇති බවයි පොලීසිය පවසන්නේ.  එම අනතුර සිදුව ඇත්තේ කුරුණෑගල – පුත්තලම මාර්ගයේ, නිකවැරටිය දෙසට ධාවනය…

2011 ලෝක කුසලානයේදී පාවාදීමක් සිදු වූ බවට කිසිදු සාක්ෂියක් නෑ – ICC

2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගයේදී පාවදීමක් සිදු වූ බවට කිසිදු සාක්ෂියක් හමු වී නොමැති බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකය අවධාරණය කරනවා. එහි සාමාන්‍යාධිකාරී අලෙක්ස් මාෂල් මහතා පවසන්නේ ඒ සම්බන්ධයෙන් තමන්ට කිසිදු විමර්ශනයක් ආරම්භ කිරීමේ හැකියාවක් නොමැති බවයි. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයටද අවසන් තරගය සම්බන්ධයෙන් කිසිදු සැකයක් නොමැති අතර එහිදී පාවාදීමක් සිදුවීමට කිසිදු ඉඩක්…

සී.අයි.ඩීය හිටපු අගමැතිගෙන් පැය 4 ක් ප්‍රශ්න කරයි

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාලව හිටපු අගමැති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද  (03) පැය 4 කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගත් බව පොලිස් මූලස්ථාන කියයි. අද  පස්වරු 3.40 ට  මෙම ප්‍රකාශ සටහන් කර ගැනීම ආරම්භ කළ  අතර  පස්වරු 7.30 ට අවසන් ව තිබුණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ …

MCC නැති වුනොත් ඇ.ඩො මිලියන 480ක් නැතිවෙනවා – අමාත්‍ය බන්දුල

අද (02) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ලක්සිරි ගුණරුවන් මහතා ප්‍රමුඛ කමිටුව මඟින් MCC සමාලෝචන කමිටු වාර්තාව පිළිබඳව මාධ්‍යවේදීන් ප්‍රශ්න කරනු ලැබුවා. එහි සඳහන් පරිදි කොටස් දෙකකට මේ වන විට අත්සන් තබා ඇති බවට පවසන නමුත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා “ඇක්සා” සහ “සෝෆා” ගිවිසුම් පමණක් අත්සන් කර තිබෙන බව පැවසීම ගැටළු සහිත බව…

ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් කාණ්ඩයෙන් පහළ මැදි ආදායම් කාණ්ඩයට ඇදවැටෙයි

ලෝක බැංකු වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාව පහළ මැදි ආදායම් ලබන රටක් බවට කාණ්ඩ ගත කර තිබේ. ලෝක බැංකුවේ මෙම වර්ගීකරණය සෑම වසරකම ජූලි 01 දින යාවත්කාලීන වන අතර මීට පෙර ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් කාණ්ඩයේ පසුවිය. මෙම වර්ගීකරණයේ දී ලෝක බැංකුව විසින් ලොව රටවල්, දළ දේශීය ඒක පුද්ගල ආදායම අනුව කාණ්ඩ 4 ක් යටතේ…

13 වැනි සංශෝධනය ආරක්ෂා කරනවා ඒකීය රටක් තුළ බලය බෙදිය යුතුයි – සජිත් උතුරේදී පවසයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනයට තමන් සම්පූර්ණයෙන් එකඟ බවත්, ඒකීය රටක් තුළ 13 වැනි සංශෝධනය හරහා උපරිම බලය බෙදීමක් ලබාදීම වෙනුවෙන් තමන් පෙනී සිටින බවත් සමගි ජන බලවේගයේ නායක, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ උතුරේ සංචාරයක් අතරතුර අද (02) යාපනය මාධ්‍ය සමාජයේදී පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි. පළාත්…

රෝසි සේනානායක යලි එජාපයට එක්වෙයි

වරෙක සජිත් පිලට එක්ව සිටි කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය යලි එක්සත් ජාතික පක්ෂයට එක්ව ඇති බව වාර්තා වෙයි . ඊයේ ඇය එජාප මාධ්‍ය සාකච්ඡාවකට ද එක්ව සිටියා ය. පසුගුය දා ඇය ප්‍රකාශ කළේ තමන් කිසිදු පාර්ශවයකට සහය නොදී මධ්‍යස්තව සිටින බව යි.

MCCඅත්සන් කරන්න ආණ්ඩුව අමෙරිකාවෙන් කල් ඉල්ලාගෙන !

ඇමරිකාව සමග යෝජිත MCC හෙවත් සහශ්‍රක අභියෝගතා සමායතන ගිවිසුම අත්සන් කිරීම සඳහා ගොටාභය රාජපක්ෂ ආණ්ඩුවට කාලය ලබාදෙන ලෙසට කළ ඉල්ලීමට අනුව ඒ සඳහා අවශ්‍ය කාලය ලබාදීමට ඇමෙරිකා එක්සත් ජනපදය එකඟ වී ඇති බව තතුදත් දේසපාලන ආරංචි මාර්ග කියයි. ඒඅනුව මුලින් එකඟ වූ මාස හයක කාලය ඉක්ම ගිය පසුව ද තවත් කල් ලබාදීමට ඇමෙරිකාව එකඟ වී…