අශෝක වඩිගමංගාව රිය අනතුරකින් ජීවිතක්ෂයට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක වඩිගමංගාව මහතා රිය අනතුරකින් අභාවප්‍රාප්ත වී තිබේ. ඔහු මෙවර මහමැතිවරණය සඳහා සමගි ජන බලවේගය පුත්තලම දිස්ත්‍රික් අපේක්ෂකයෙකු ලෙස ද ඉදිරිපත්ව සිටියේය.

 අද (05) පස්වරුවේ  කුරුණෑගල – පුත්තලම මාර්ගයේ පාදෙණිය, මාරගස්ගොල්ල ප්‍රදේශයේ දී එමරිය අනතුර සිදු වී ඇති බවයි පොලීසිය පවසන්නේ. 

එම අනතුර සිදුව ඇත්තේ කුරුණෑගල – පුත්තලම මාර්ගයේ, නිකවැරටිය දෙසට ධාවනය වු හිටපු මන්ත්‍රීවරයාගේ මෝටර් රථය මාර්ගයෙන් දකුණු පැත්තට ගමන් කිරීම හේතුවෙන් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි කුඩා ප්‍රමාණයේ ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටීමෙනි.

අනතුර සිදු වු අවස්ථාවේ මෝටර් රථයේ සිට ඇත්තේද වඩිගමංගාව මහතා පමණි.  
 
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *