කවුරුත් නොකී දේ රෝහිත රාජපක්ෂ කියයි ; “තාත්තට වැඩිය ඇවිදින්න බැහැ “

“තාත්තාට වැඩිය ඇවිදින්න බැරි නිසා මට ගිහින් ටිකක් කතාකරලා එන්න කිවුවා” යි මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ මහතා කුරුණෑගල මාවතගම පැවති මැතිවරණ රැස්වීමකට සහභාගී වෙමින් අද ප්‍රකාශ කළේ ය.

අයියලා කාර්ය බහුල නිසා නිතර  හැමතැනම යන බවත් තාත්තා සමග ගෙදර ඉන්නේ තමා බවත් රෝහිත රාජපක්ෂ මහතා වැඩි දුරුටත් පැවසීය.

ඒ මහතා වැඩි දුරටත් මෙසේ ද කීය. ” මෙ පැත්තේ අයට තියෙන ප්‍රශ්නයක් තමයි – අපෙන් ඡන්දේ අරගෙන ගිහින් හම්බන්තොටට හරි කොළඹට හරිවෙලා ඉඳියි – අපට මොකද වෙන්නේ කියන එක . ඒකට විසඳුමක් විදිහට අපි අගමැති කාර්යාලයක් කුරුණෑගල පිහිටුවන්න කටයුතු කරනවා “

පානීය ජල ප්‍රශ්නය වැනි ගැටළු විසදීමට ද කටයුතු කරන බව රෝහිත රාජපක්ෂ මහතා වැඩිදුරටත් කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *