මම රනිල්ව අල්ලේ නැටෙව්වා – මෛත්‍රීපාල

තමන්ව නටවන්නට හිතාගෙන රනිල් වික්‍රමසිංහ මහතා තමන් ජනාධිපති කර වූ බවත් , අන්තිමේදී තමන් රනිල් වික්‍රමසිංහ මහතා අල්ලේ නැට වූ බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කොට ඇත.

කළුතර පැවති ජන හමුවක් අමතමින් සිරිසේන මහතා කියා  ඇත්තේ තමන් නටවන්නට සිතා  සිටි රනිල් වික්‍රමසිංහ මහතාට අන්තිමේ සිද්ධ වුයේ තමන්ගේ අල්ලේ නටවෙන්නට බව යි.

2015 දී පොදු අපේක්ෂක ලෙස ඉදිරිපත් වූ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයේ දී කිවේ තමා  නිර් පාක්ෂික ජනාධිපතිවරයෙක් වන බව යි. ඔහු ජනාධිපති වුයේ එජාපයේ සහායෙනි.

කෙසේ වෙතත් ජනාධිපති වී මාසයක් ගතවන්නට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිත්වය ලබාගත් ඔහු ඉන්පසුව දිගටම වැඩ කළේ තමා බලයට පත්කළ පිරිසට එරෙහිව ය.

දැන් ඔහු ඒ ගැන වහසි බස් දොඩන තත්ත්වයට පත් වී  ඇති බව පෙනෙන්නට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *