රවී ඇතුළු 07 ක් අත්අඩංගුවට ගැනීමට නිකුත් කළ වරෙන්තු අභියාචනාධිකරණයෙන් අත්හිටුවයි

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු 07 දෙනෙකු  අත්අඩංගුවට ගැනීම සඳහා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ වරෙන්තු අත්හිටුවන්නැයි අභියාචනාධිකරණ අද නියෝග කළේය.

බැඳුම්කර වංචාවට අදාලව රවී කරුණානායක මහතා ඇතුළු 07 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබිණි. ඊට එරෙහිව කරුණානායක මහතා ඇතුළු පිරිස අභියාචනාධිකරණය හමුවේ රීට් පෙත්සමක් ගොනුකළ අතර එම පෙත්සමේ තීන්දුව අද ප්‍රකාශයට පත් කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *