කබ්රාල් , ආටිගල නාවත් අද කැබිනට් රැස්වීම උණුසුම් වන ලකුණු

අද දින පැවැත්වීමට නියමිත කැබිනට් මණ්ඩල රැස්වීමට කලින් යොදාගෙන තිබු පරිදි මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ  භාණ්ඩාගාරයේ ලේකම් එස් ආර් ආටිගල මහත්වරුන් සහභාගී නොවුව ද , රටේ තත්ත්වය ගැන ප්‍රශ්න මතුකිරීමට බොහෝ  ඇමතිවරුන් සුදානම්ව සිටින හෙයින් එය උණුසුම් විවාදයන්ට හේතු වන රැස්වීමක් වනු ඇතැයි තතු දත් දේශපාලන අංශ කියයි. නව වසරක් උදා වන…

අගමැතිධූරයෙන් මහින්ද අස්වෙන්නේ නැහැ – අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිවේදනයක්

මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයෙන් ඉල්ලා ඇස නොවන බව සඳහන් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් අද (03) උදෑසන නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉවත් වන බවට ප්‍රධාන මාධ්‍ය හා සමාජ ජාලා මාධ්‍යන්හි දින කිහිපයක් පුරා සහ අද දින පැතිර යන ප්‍රචාරයන්හි කිසිදු සත්‍යතාවක් නොමැති බවය. රටේ ජනතාව නොමඟ යවන…

“ආණ්ඩුවේ කාලය ඉවරයි” – රාජ්‍ය ඇමති සුසිල් ප්‍රේමජයන්ත කියයි

රට අද මුහුණ දී ඇති ප්‍රශ්නවලට විසඳුම් දීමට ආණ්ඩුවට තිබු කාලය ඉක්ම ගොස් ඇති බවත්, දැන් ප්‍රශ්න විසඳීමට හැක්කේ වෙනත් කණ්ඩායමකට බවත් රාජ්‍ය ඇමති සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කරයි. කෘෂිකර්මයට දැන් කර ඇති විනාශය විදේශ ආක්‍රමණ මගින් වත් සිදු නො0වු බව ඒ මහතා කියයි රටම අමාරුවෙ වැටුණේ කරන්න බැරි දේවල් කිරීමට යෑම නිසා යැයි ද…

කොවිඩ් මරණ 15,000 පනී ; අද මරණ 24 යි , නව ආසාදිතයින් 339 යි

අද දිනයේ තවත් කොවිඩ් මරණ 24 ක් රජය විසින් තහවුරු කරනු ලැබූ අතර නව කොවිඩ් ආසාදිතයින් 339 ක් හඳුනාගත් බව ද වාර්තා කොට ඇත. ඒ සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 15,000 සීමාව ඉක්මවා ගිය අතර එය දැන් සටහන් වන්නේ 15,019 ක් වශයෙනි. මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව මේ වනවිට 587,935 ක් වශයෙන්…

හෙට කැබිනට් රැස්වීමට කබ්රාල් , ආටිගල නැහැ ; විදෙස් මුදල් ගෙන්න තවත් කල් ඉල්ලාගෙන ?

හෙට දිනයේ පැවැත්වෙන කැබිනට රැස්වීමට මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සහ භාණ්ඩාගාරයේ ලේකම් එස් ආර් ආටිගල මහත්වරුන් සහභාගී කර ගැනීම නොකරන බවත්, ඔවුන්ට වෙනත් දිනයක් ලබා දීමට තීරණය කොට ඇති බවත්, තතු දත් ආරංචි මාර්ග කියයි. ශ්‍රී ලංකාවට දෙසැම්බරයේ ලැබෙන්නට තිබු විදේශ ණය ප්‍රමාද වී ඇති බවත්, එම මුදල් ජනවාරි මුල ලැබෙනු ඇති…

උද්ධමනය සියයට 12 දක්වා ඉහළට – වසර 13 කට පසු ඉහළ ම අගය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව දෙසැම්බර් මාසයේ මෙරට උද්ධමනය සියයට 12.1 දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කොට ඇත. ආර්ථික නිරීකෂ්කයින් කියන්නේ මෙය වසර 13 කට පසු වාර්තා වී ඇති ඉහළ ම අගය බවයි. එමෙන් ම ආහාර මිල උද්ධමනය සියයට 22 ඉක්මවා ගොස් ඇති බව ද වාර්තා වී තිබේ. මෙම උද්ධමනයට…

‘‘නව වසාක් උදාවෙද්දීත් ආණ්ඩුවට සැලැස්මක් නෑ‘‘, ” රට පුරා ජනතාව පෝලිම්වල ” – එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන

  ආණ්ඩුවේ සැලසුමක් නැති කටයුතු හේතුවෙන් නව වසරක් උදාවන මොහොතේ පවා ජනතාවට ගෑස් හා කිරි පිටි පෝලිම්වල පැය ගණන් රැදී සිටීමට සිදුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය. නව වසරක් උදාවන මොහොතේ එය සතුටින් සැමරීම පසෙක තබා දරුවන්ගේ අවශ්‍යතා වෙනුවෙන් ලිප ගිනි මොලවන්නට මෙරට මිනිසුන් පෝලිම් ගැසී සිටිනු දැකීම නව වසරේ…

‘‘ඩොලර් හිඟය බෙහෙත්වලටත් බලපාවි‘‘ – සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල

  විදේශ විනිමය ප්‍රශ්නය නිසා ඖෂධ ගෙන්වීමටද යම් බලපෑමක් එල්ල වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසීය. කෙසේ වෙතත් රටේ ඖෂධ හිඟයක් ඇති නොවීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතැයි පැවසූ සෞඛ්‍ය අමාත්‍යවරයා සෑමවිටම සෞඛ්‍ය ක්ෂේත්‍රයට ප්‍රමුඛත්වය ලබා දෙන්නැයි ජනාධිපතිවරයා අදාළ අංශවලට උපදෙස්දී ඇතැයිද සඳහන් කළේය. රටේ ඖෂධ හිඟයක් ඇති නොවන තැනට කටයුතු සිදුකරන…

අද කොවිඩ් වාර්තා : මරණ 16 යි ; නව ආසාදිතයින් 351 යි

රජය අද දිනය තුළ තහවුරු කළ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 16 ක් වන අතර අද හඳුනාගත නව කොවිඩ් ආසාදිතයින් ලෙස වාර්තා කොට ඇති සංඛ්‍යාව 351 කි. ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 14,995 ක් වශයෙනි. මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 587,596 ක් වශයෙන්…

ඉන්දියාවෙන් ඩොලර් මිලියන 1500 ක ‘ක්‍රෙඩිට් කාඩ්’ එකක් !

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින දැඩි විදේශ විනිමය අර්බුදය හමුවේ එයට මුහුණ දීමට සහයක් ලෙස ඩොලර් මිලියන 1,500 ක් ( බිලියන 1.5 ක ) ණය පහසුකමක් ලබා දීමට ඉන්දියාව එකඟ වී ඇති බව වාර්තා වෙයි. මෙම ණය පහසුකම ලැබෙන්නේ ඉන්දියාවෙන් භාණ්ඩ ආනයනය සඳහා පමණකි. ඉන්දියාවෙන් අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ මිල දී ගැනීමට ඩොලර් මිලියන 1000…

ගෑස් පෝලිම් තවත් සති තුනක් – ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ

ජනතාවට පෙර පරිදි සාමාන්‍ය ආකාරයට ගෑස් සිලින්ඩරයක් මිලදී ගැනීමට තව සති තුනක පමණ කාලයක් ගත වනු ඇති බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා ප්‍රකාශ කරයි අලුතින් හඳුන්වාදුන් නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා වැඩි කාලයක් කාලයක්  ගතවීම නිසාත් යන්ත්‍රසූත්‍ර විශාල ප්‍රමාණයක් රටට ආනයනය කිරීමට කටයුතු යොදා ඇති නිසාත් යම්කිසි ප්‍රමාදයක් පවතින බවත් සභාපතිවරයා පවසයි මීට පෙර…

චීන පොහොර බාරගන්න නීති කඩන්න කැබිනට පත්‍රිකාවක් !

ශ්‍රී ලංකාවේ පවතින ශාක නිරෝධායන නීති යටතේ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සහ කෘෂිකර්ම බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කළ චීන පොහොර යලි භාරගැනීම සඳහා ශ්‍රී ලංකාවේ පවතින නීති නොතකා ක්‍රියා කිරීමට අවස්ථාව ලබා ගැනීමට කැබිනට් පත්‍රිකාවක් සඳුදා පවත්වන කැබිනට රැස්වීමට ඉදිරිපත් කිරීමට සුදානම් කොට ඇති බව වාර්තා වෙයි. චීන සමගම සමග කළ සාකච්ඡා අනුව ඉදිරිපත් කරන සම්මුතියක් ලෙස…