“ආණ්ඩුවේ කාලය ඉවරයි” – රාජ්‍ය ඇමති සුසිල් ප්‍රේමජයන්ත කියයි

රට අද මුහුණ දී ඇති ප්‍රශ්නවලට විසඳුම් දීමට ආණ්ඩුවට තිබු කාලය ඉක්ම ගොස් ඇති බවත්, දැන් ප්‍රශ්න විසඳීමට හැක්කේ වෙනත් කණ්ඩායමකට බවත් රාජ්‍ය ඇමති සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කරයි.

කෘෂිකර්මයට දැන් කර ඇති විනාශය විදේශ ආක්‍රමණ මගින් වත් සිදු නො0වු බව ඒ මහතා කියයි

රටම අමාරුවෙ වැටුණේ කරන්න බැරි දේවල් කිරීමට යෑම නිසා යැයි ද රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවැසීය.

දැන් තිබෙන්නේ විහින් හදාගත් අර්බුද බවත්, ආහාර අර්බුදයක් නොවැලක්විය හැකි බවත්, එයට අදාල්  විෂයභාර ඇමැතිවරුන් සහ ප්‍රතිපත්තිමය තීන්දු ගත් පුද්ගලයන් වගකිව යුතු බවද හෙතෙම සඳහන් කළේය.

බඩු මිල වැඩි වීමට වෙළෙඳ ඇමැති කෘෂිකර්මඇමැති, ආහාර ඇමැති වගකිවයුතු බව පැවසූ ප්‍රේමජයන්ත මහතා කෘෂිකර්ම ඇමැති සම්පූර්ණයෙන්ම “ෆේල්” ( අසමත්) බවද ප්‍රකාශ කළේය.

රටේ ඩොලර් නැතිනම් ඒවාට වගකිව යුතු වන්නේද ඩොලර් නැති කළ අය බව ඔහු පෙන්වා දුන්නේය.

පොහොර ටික නැති කළාම බඩු මිල ඉහළ යන එක කියන්නත් දෙයක් දැයි මෙහිදී ප්‍රකාශ කළ රාජ්‍ය අමාත්‍යවරයා ආණ්ඩුවේ සිටියත් ප්‍රතිපත්ති තීන්දු ගන්න ස්ථානවල තමා නැතැයිද සඳහන් කළේය.

තමා බංකුවක තබා සිටින බවද හෙතෙම කීවේය.

මේ ප්‍රශ්නවලට ආණ්ඩුවට  විසඳුම් දිය හැකි කාලය ඉක්මවා ගොස් ඇති බවත් දැන් මේවාට විසඳුම් දිය හැක්කේ වෙනත් කණ්ඩායමකට බවත් සුසිල් ප්‍රේමජයන්ත මහතා වැඩිදුරටත් පැවසීය.

දෙල්කඳ පොළ භුමියේ කළ සංචාරයක් අතර මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙම කරුණු ප්‍රකාශ කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *