හෙට කැබිනට් රැස්වීමට කබ්රාල් , ආටිගල නැහැ ; විදෙස් මුදල් ගෙන්න තවත් කල් ඉල්ලාගෙන ?

හෙට දිනයේ පැවැත්වෙන කැබිනට රැස්වීමට මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සහ භාණ්ඩාගාරයේ ලේකම් එස් ආර් ආටිගල මහත්වරුන් සහභාගී කර ගැනීම නොකරන බවත්, ඔවුන්ට වෙනත් දිනයක් ලබා දීමට තීරණය කොට ඇති බවත්, තතු දත් ආරංචි මාර්ග කියයි.
ශ්‍රී ලංකාවට දෙසැම්බරයේ ලැබෙන්නට තිබු විදේශ ණය ප්‍රමාද වී ඇති බවත්, එම මුදල් ජනවාරි මුල ලැබෙනු ඇති බවත්, කියමින් නව මුදල් තත්ත්වය දැන්වීමට මහ බැංකුව තවත් කල් ඉල්ලීම නිසා මෙම තීරණය ගෙන ඇති බව දැනගන්නට ඇත.
ඒ අනුව රටේ පවතින විදේශ විනිමය අර්බුදයට විසඳුම් සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ලබා ගන්නේ ද යන්න තීරණය කිරීම හෙට කැබිනට් රැස්වීමේ දී සිදු නොවන බවත්, වෙනත් කැබිනට පත්‍රිකා රැසක් ගැන හෙට තීරණ ගැනීමට නියමිත බවත් කියති.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ගැනීමට විරුද්ධ වී ඇති මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට ඇති විකල්ප පෙන්වීම සඳහා මෙම කාලය යොදාගනු ඇතැයි කියති.
ශ්‍රී ලංකාවට ණය ලබා ගැනීමට මහ බැංකුව රටවල් ගණනාවක් සමග සාකච්ඡා කොට ඇති අතර තවමත් එම මුදල් ලැබී නැත. මහ බැංකුව කියන්නේ ඉදිරි සති දෙක තුළ මුදල් ලැබෙනු ඇති බවයි.
මේ වනවිට ලැබීමට තිබු මුදල් ප්‍රමාද වුයේ ශ්‍රේණිගත කිරීමේ ආයතන ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය පහත දමා තිබීම නිසා බව මහ බැංකුව ප්‍රකාශ කරයි.
