කබ්රාල්ගේ බළලා මල්ලෙන් පනී ! රුපියල් නැතිව තෙල් සංස්ථාවට ඩොලර් නොදෙන බව කියයි

අවශ්‍ය ප්‍රමාණය සඳහා රුපියල් වලින් තැන්පත් නොකර ඛනිජ තෙල් සංස්ථාවට ඩොලර් නිකුත් නොකරන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඩේලි මිරර් පුවත්පතට ප්‍රකාශ කොට ඇත. තෙල් සංස්ථාවට ණය නොදෙන ලෙස මහ බැංකු අධිපතිවරයා කලින් ම නියෝග කොට තිබු අතර ඩොලර් ලබා ගැනීමට රුපියල් සොයා ගැනීම එමගින් වලකනු ලැබීය. විදුලි බල මණ්ඩලය ඇතුළු රජයේ…

බැසිල්ගේ මැතිවරණ ඉල්ලීමට ජෙෂ්ඨයෝ බැහැ කියති

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශක්තිමත් කිරීම සඳහා වහාම පළාත් පාලන මැතිවරණ පැවැත්විය යුතු බවට මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා කළ ඉල්ලීම ආණ්ඩුවේ ජෙෂ්ඨ ඇමතිවරුන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇති බව වාර්තා වෙයි. බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කොට ඇත්තේ පළාත පාලන මැතිවරණ පැවැත්වීම මගින් බිම් මට්ටමින් පොදුජන පෙරමුණ ශක්තිමත් කරගත හැකි වන බවයි. කෙසේ වෙතත්, ජෙෂ්ඨයින්…

අද කොවිඩ් මරණ 30 ක් නව ආසාදිතයින් 1206 ක් වාර්තා වෙයි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අද නිකුත් කළ නිවේදන අනුව දිනය තුළ තහවුරු කරන ලද කොවිඩ් මරණ සංඛ්‍යාව 30 ක් වන අතර අලුතින් හඳුනාගත් කොවිඩ් ආසාධිත සංඛ්‍යාව 1206 කි. මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව මේ වනවිට සටහන් වන්නේ 16,024 ක් වශයෙනි. මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව මේ වනවිට සටහන් වී ඇත්තේ 638,043…

තෙල් නැව් මුදාගන්න ඩොලර් ඉල්ලන නිසා කබ්රාල් සංස්ථාවේ බැංකු ණය නවතා දමයි !

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට බැංකු ණය නොදෙන ලෙස මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සියලු බැංකුවලට හදිසියේ නියෝග කළේ වරායට පැමිණ ඇති පෙට්‍රල් සහ ඩීසල් නැව් දෙක මුදා ගැනීමට ඩොලර් නිකුත් කිරීමට නොහැකි තත්ත්වයක මහ බැංකුව සිටින නිසා බවත්, බැංකු ණය ගෙන තෙල් සංස්ථාව ඩොලර් ඉල්ලා සිටීම වැලැක්වීම එහි අරමුණ බවත්, තෙල් සංස්ථාවට…

යල් කන්නයට සියලු වර්ගයේ පොහොර ඇතිවෙන්න දෙනවා – ඇමති එස් එම් චන්ද්‍රසේන

ලබන යල් කන්නයේ දී ගොවීන්ට කිසිදු හිගයකින් තොරව සෑම පොහොර වර්ගයක් ම ලබා දෙන බව ඇමති එස් එම් චන්ද්‍රසේන මහතා ඊයේ අනුරාධපුර විලච්චිය ප්‍රදේශයේ පැවති ගොවි හමුවක දී  ප්‍රකාශ කළේ ය. එමෙන් ම වගා පාලු වූ ඉඩම්වලට වන්දි ලබා දීමට ද තමා කටයුතු කරන බව ඒ මහතා කී ය. මෙවර මහ කන්නයේ අස්වනු නෙලීම නිරීක්ෂණය…

තෙල් සංස්ථාවට ණය දීම බැංකුවලට තහනම් – මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගෙන් සියලුම බැංකුවලට විශේෂ නියෝගයක්

  ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට මින් ඉදිරියට ණය මුදල් ලබාදීම සම්පූර්ණයෙන්ම තහනම් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සියලුම බැංකුවලට විශේෂ නියෝගයක් ලබාදී ඇතැයි එම බැංකු ආරංචි මාර්ග මාර්ග කියයි. මේ අතර ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට මේ ආකාරයට දිගින් දිගටම විශාල වශයෙන් ණය මුදල් ලබා දුනහොත් බැංකු පද්ධතිය වැඩිකල් නොගොස් සම්පූර්ණයෙන්ම…

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කමල් ලියනාරච්චි අභාවප්‍රාප්ත වෙයි

  ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කමල් ලියනාරච්චි අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වෙයි. හදිසියේ ඇතිවූ රෝගී තත්වයක් හේතුවෙන්  ඔහු ඊයේ  (20) රාත්‍රී 8.30ට පමණ කළුතර නාගොඩ රෝහලට ඇතුලත් කර ඇති අතර රෝහලට ඇතුලත් කරනවිටත් ඔහු මියගොස් සිටි බව වාර්තාවේ. මේ වන විට ඔහු 54 වියෙහි පසුවිය. ‘යුක්තිය’ පුවත්පත හරහා සිය මාධ්‍ය ජීවිතය ආරම්භකළ කමල් ලියනාරච්චි, ලක්බිම පුවත්පතේ…

පාස්කු ප්‍රහාරයට බුද්ධි අංශ සම්බන්ධයක් ගැන රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂ ශ්‍රේෂ්ටාධිකරණයට කරුණු කියයි

පාස්කු ඉරුදින ත්‍රස්තවාදී ප්‍රහාරයට රාජ්‍ය බුද්ධි අංශවල තිබු සම්බන්ධතා පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ශ්‍රේෂ්ටාධිකරණයට ඉදිරිපත් කළ මානව හිමිකම් පෙත්සමක් මගින් කරුණු හෙළිදරව් කොට තිබේ. රාජ්‍ය බුද්ධි සේවය සහ යුද හමුදා බුද්ධි සේවා ත්‍රස්තවාදීන් සමග පැවැත් වූ සම්බන්දතා පිළිබඳව එමගින් හෙළිදරව් කොට ඇත. තමන් අත් අඩංගුවට ගැනීම හෝ රඳවා ගැනීම වලක්වන…

ජනාධිපති නියෝගය භාණ්ඩාගාරය නොතකා හරී ; තෙල් සංස්ථාවට ඇති ලංවිම ණය ගෙවන්න බැරිලු

ලංකා විදුලි බල මණ්ඩලයට සැපයු ඛනිජ තෙල් සඳහා ලංවිමය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවීමට ඇති හිග මුදල් මහා භාණ්ඩාගාරයෙන් ගෙවන ලෙස ජානධිපතිතුමා පසුගිය දා කළ නියෝගය මහා භාණ්ඩාගාරය විසින් නොතකා හැර ඇති බව වාර්තා වෙයි. එම මුදල්වලින් සැලකිය යුතු කොටසක් හෝ ගෙවන ලෙස තෙල් සංස්ථාව විදුලි බල මණ්ඩලයට දන්වා ඇත්තේ තෙල් ලබා ගැනීමට තමන්…

මහ රැජිනට කොරෝනා – බකිංහැම් මාලිගය නිවේදනය කරයි

බ්‍රිතාන්‍යයේ එලිසබත් මහ රැජිනට ‘කොවිඩ් 19’ වයිරසය ආසාදනය වී ඇතැයි බකිංහැම් මාලිගය අද නිවේදනය කළේය. 95 හැවිරිදි මහ රැජින සුළු සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයකින් පෙළෙන බවත්, වෛද්‍යවරුන් ඇය ගැන පැය 24 පුරා විමසිල්ලෙන් පසුවන බවත් බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙයි. ‘කොවිඩ් 19’ වසංගතය බ්‍රිතාන්‍යයේ ව්‍යාප්ත වූ දා සිට මහ රැජින රැඳී සිටින්නේ ඇගේ…

කොවිඩ් මරණ 16,000 ආසන්නයේ ; අද මරණ 25 යි ; නව ආසාධිතයින් 1231 යි

තවත් කොවිඩ් ආසාදිත මරණ 25 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් අද දිනයේ තහවුරු කිරීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 16,000 කට ආසන්න වී තිබේ. මේ වනවිට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 15,994 ක් වශයෙනි. අද දිනයේ අලුතින් හඳුනාගත් කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 1231 ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වාර්තා කොට තිබේ. ඒ…

මහ බැංකුවේ මැද පෙරදිග ධුත මෙහෙවර අසාර්ථකයි ; අලුතින් ඩොලරයක් වත් නැහැ !

වත්මන් විදේශ විනිමය අර්බුදයට මුහුණ දීමට ණය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජිතයින් මැද පෙරදිග රටවල කළ ධුත මෙහෙවර අසාර්ථක වී ඇති බවත්, කලින් එකඟ වී තිබූ ඇතැම් ව්‍යාපෘති ආධාර හැරුණු විට කිසිදු මුදලක් මෙතෙක් ලැබී නැති බවත්, තතු දත් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. ණය ලබා ගැනීමේ අරමුණින් මහ බැංකු නියෝජිත පිරිසක් පසුගිය…