බැසිල්ගේ මැතිවරණ ඉල්ලීමට ජෙෂ්ඨයෝ බැහැ කියති

ශ්රී ලංකා පොදුජන පෙරමුණ ශක්තිමත් කිරීම සඳහා වහාම පළාත් පාලන මැතිවරණ පැවැත්විය යුතු බවට මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා කළ ඉල්ලීම ආණ්ඩුවේ ජෙෂ්ඨ ඇමතිවරුන් විසින් ප්රතික්ෂේප කරනු ලැබ ඇති බව වාර්තා වෙයි.
බැසිල් රාජපක්ෂ මහතා ප්රකාශ කොට ඇත්තේ පළාත පාලන මැතිවරණ පැවැත්වීම මගින් බිම් මට්ටමින් පොදුජන පෙරමුණ ශක්තිමත් කරගත හැකි වන බවයි.
කෙසේ වෙතත්, ජෙෂ්ඨයින් පවසා ඇත්තේ, විදේශ විනිමය අර්බුදය, අධික උද්ධමනය සහ ඉන්ධන ප්රශ්නය ආදී ලෙස හැම අතින් ම ආර්ථිකය අර්බුදයට ගොස් ඇති මොහොතක මැතිවරණ පැවැත්වීමෙන් ආණ්ඩුව තවත් දුර්වල වනු ඇති බව යි.
පාර්ලිමේන්තු මැතිවරණ පැවැත්වීමට ද යෝජනා වී ඇතත්, බැසිල් රාජපක්ෂ ඇමතිවරයා ප්රකාශ කොට ඇත්තේ පළමුව පළාත් පාලන මැතිවරණ පවත්වා පක්ෂය ශක්තිමත් කළ යුතු බව යි.
කෙසේ වෙතත්, ජෙෂ්ඨ ඇමතිවරුන් පෙන්වා දී ඇත්තේ, පවතින ආර්ථික අර්බුදය හමුවේ කුමන මැතිවරණයක් වුව ද ආණ්ඩුවට අවාසිදායක වන බව යි.
