කබ්රාල්ගේ බළලා මල්ලෙන් පනී ! රුපියල් නැතිව තෙල් සංස්ථාවට ඩොලර් නොදෙන බව කියයි

අවශ්‍ය ප්‍රමාණය සඳහා රුපියල් වලින් තැන්පත් නොකර ඛනිජ තෙල් සංස්ථාවට ඩොලර් නිකුත් නොකරන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඩේලි මිරර් පුවත්පතට ප්‍රකාශ කොට ඇත.

තෙල් සංස්ථාවට ණය නොදෙන ලෙස මහ බැංකු අධිපතිවරයා කලින් ම නියෝග කොට තිබු අතර ඩොලර් ලබා ගැනීමට රුපියල් සොයා ගැනීම එමගින් වලකනු ලැබීය.

විදුලි බල මණ්ඩලය ඇතුළු රජයේ ආයතනවලින් ලැබෙන්නට ඇති හිග මුදල් ඇප ලෙස භාවිත කොට බැංකු ණය ලබා ගැනීමට තෙල් සංස්ථාවට ඉඩ නොදීම නිසා ඩොලර් ඉල්ලීමට තෙල් සංස්ථාවට මුදල් නැත.

තෙල් සංස්ථාවේ සේවකයින් කියන්නේ තෙල් ගන්න දීමට ඩොලර් නැති නිසා මහ බැංකු අධිපතිවරයා ගැටයක් ගසා ඇති බවයි.

මහ බැංකු අධිපතිවරයාගේ ප්‍රකාශයෙන් ඒ බව තහවුරු වී තිබේ.

මහ බැංකු අධිපතිවරයා වැඩි දුරටත් ප්‍රකාශ කොට ඇත්තේ එක් ගනුදෙනුකරුවකුට දිය හැකි උපරිම මුදල් සීමාවක් ක්‍රියාත්මක කොට ඇති බව සහ එම සීමාව ද තෙල් සංස්ථාවට බලපාන බවයි.

මෙම තත්ත්වය නිසා දින තුනකට පෙර වරායට පැමිණි තෙල් නැව් වලින් තෙල් බා ගත නොහැකිව රට විශාල ඉන්ධන අර්බුදයකට සහ විදුලි අර්බුදයකට මුහුණ දී සිටියි.

රටේ කිසිදු අර්බුදයක් නැති බව පුන පුනා කියන මහ බැංකුව, වරායේ ඇති නැව් වලින් තෙල් ගොඩ බා ගන්න ඩොලර් මිලියන හැටක් නැතිව එය වහගැනීමට  නොයෙක් උප්පරවැට්ටි යොදමින් සිටින්නේ ඒ ආකාරයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *