විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි – ශ්‍රේෂ්ටාධිකරණය තීන්දු කරයි

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති විශේෂ භාණ්ඩ සහ සේවා බදු පනතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත්, එම පනත සම්මත කිරීමට නම් ජනමත විචාරණයකින් අනුමත කළ යුතු බවත් , ශ්‍රේෂ්ටාධිකරණය තීන්දු කොට ඇති බව කතානායක තුමා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය.

පනතට එරෙහිව ශ්‍රේෂ්ටාධිකරණයට ඉදිරිපත් වූ පෙත්සම් විභාගයේ අධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට දැනුම් දෙමින් කතානායක තුමා මේ බව පැවසී ය.

මෙම පනත මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සීමා ඉක්මවන බලයක් විෂය භාර ඇමතිවරයාට ලබාදෙන බවට පෙත්සම්කරුවෝ අධිකරණයට කරුණු දක්වා තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *