අද කොවිඩ් මරණ 31 ක්, නව ආසාදිතයින් 1254 ක් වාර්තා වෙයි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අද නිකුත් කළ නිවේදන මගින් කොවිඩ් මර 31 ක් තහවුරු කොට ඇති අතර අලුතින් හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 1254 කි.
ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 16,055 ක් දක්වා ඉහළ ගොස් ඇත.
මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 639,297 ක් වශයෙනි.
