මහ බැංකු අධිපති හිර කළ තෙල් සංස්ථාව ගොඩ දමන්න ඇමති මණ්ඩලය තීරණය කරයි !

 

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ණය නොදෙන ලෙස බැංකුවලට නියෝග කරමින් සහ තෙල් නැව් ගොඩ බා ගැනීමට ඩොලර් නිකුත් නොකර තෙල් සංස්ථාව හැම අතින් ම හිර කිරීමට මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා කටයුතු කළ ද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පැවතී කැබිනට් රැස්වීමේ දී තීරණය කළේ තෙල් සංස්ථාවට විදුලි බල මණ්ඩලයෙන් ගෙවීමට ඇති ණය රජයේ මුදලින් ගෙවා තෙල් නැව් ගොඩ බෑමට ඩොලර් ද ලබා දී තෙල් සංස්ථාව අර්බුදයෙන් ගොඩ දමන්නට ය.

රට මුහුණ දී සිටින තෙල් සහ විදුලි අර්බුදයෙන් ගොඩ යාම සඳහා ඇමති මණ්ඩලය මෙම තීරණ ගත් බව සම කැබිනට් ප්‍රකාශක රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළේ ය

එමෙන් ම තෙල් මිල මේ අවස්ථාවේ වැඩි නොකිරීමට ද ඇමති මණ්ඩලය තීරණය කොට තිබේ.

මහ බැංකු අධිපතිවරයා කියා සිටියේ තෙල් මිල වහා ම විශාල ලෙස වැඩි කළ යුතු බව යි.

මහජනයා හැම අතින් ම පීඩාවට පත් වී සිටින මේ අවස්ථාවේ තෙල් මිල වැඩි නොකිරීමටත් අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට අවශ්‍ය ඉන්ධන ලංකා විදුලි බල මණ්ඩලයට සැපයීමටත් විශේෂ කැබිනට් රැස්වීමේ දී තීරණය වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *