කිව්ව නාහන ආණ්ඩුව – චන්ද්‍රානි ශාන්ති බණ්ඩාරවත්ත

 

 

අලුත්ම තොරතුරු අනුව පැය පහකට ආසන්න කාලයක් විදුලිය කපන්නට නියමිතය. රටට කළුවරේ ඉන්නට සිදුවන දිනය ඈතක නොවන බව වෘත්තීය සමිති කීවේය. ආණ්ඩුව ගණන් ගත්තේ නැත. විදුලිය ටික ටික නොකපන්නේ නම් අනාගතයේ වැඩි කාලයක් විදුලිය කපන්නට සිදුවනු ඇති බව ගම්මන්පිල ද කීවේය. ආණ්ඩුව ගණන් ගත්තේ නැත. තෙල් පිරිපහදුව වසා දැමීම හේතුවෙන් අනාගතයේ විදුලිය ප්‍රශ්නයක් පමණක් නොව ජල ප්‍රශ්නයක්ද ඇතිවිය හැකි බව ඛනිජ තෙල් වෘත්තීය සමිති කියන විට බලශක්ති ඇමතිත් අනම්මනම් කියා ලිස්සා ගියේය. දැන් සියලු අනාවැකි තහවුරු කරමින් පැය පහකට ආසන්න කාලයක් විදුලිය කැපෙන්නට නියමිතය.

කිව්වා නාහන පිළිවෙත නිසා ආණ්ඩුව තමාත් අමාරුවේ වැටී ජනතාවත් අමාරුවේ දැමූ පළමු අවස්ථාව මෙය නොවේ. රසායනික පොහොර තහනම සහ කාබනික පොහොර හදිසිය හේතුවෙන් රට අවුලකට පත්විය හැකි බව දැණුමැත්තන් කී විට ආණ්ඩුව පිළිගත්තේ නැත.අන්තිමට රටින් සහල් ගෙන්වන තැනට ආණ්ඩුව පත් විය.

කොරෝනා ප්‍රශ්නයේදී ද ආණ්ඩුව වෛද්‍ය මතය පසෙක ලා මිථ්‍යාව පසුපස ගොස් වැඩ වනකර ගත්තේය.

රටේ ඉන්ධන හිගයක් පවතී. ඛනිජ තෙල් නැවක් වරායට පැමිණි බව ප්‍රවෘත්ති වල කියැවෙන තරමට ප්‍රශ්නය උග්‍රය. තෙල් නැවු බාරගන්නට ඇමැතිලා බාන් පිටින් වරායට යන එකම රට ලංකාවයි.

තෙල් නැවු බාරගන්නට ඇමැතිලා බාන් පිටින් වරායට යන එකම රට ලංකාවයි.

⁣ඩීසල්, පෙට්‍රල් පමණක් නොව විදුලිය ජනනයට දැවිතෙල් , නැප්තා ද නැත. දැවිතෙල් නොමැති බැවින් දැවිතෙල් බලාගාර වලටත් ඩීසල් දෙන්නට සිදුවී තිබේ. වෘත්තීය සමිති වලට ඇහුම්කන් දී පිරිපහදුව වැසීම නොකර සිටියේ නම් විදුලියට දැවිතෙල් නැති වන්නේ නැත.දැන් බලාගාර වලට⁣ සපයන ඩීසල්,  ප්‍රවාහන කටයුතු ආදි වෙනත් වැදගත් කටයුත්තකට යොදා ගන්නට තිබුණි.

විදුලිය අර්බුදය විසඳීම සඳහා , ඛනිජ තෙල් සංස්ථාවට විදුලි බලමණ්ඩලය ගෙවිය යුතු මුදල් භාණ්ඩාගාරයෙන් ගෙවන බව කි⁣යති. ආණ්ඩුවේ ප්‍රකාශකයන් ඒ බව කියන්නේ වීරකමක් ලෙස වුව,  භාණ්ඩාගාරයේ මුදල් යනු ජනතාවගේ මුදල්ය. ඒ අනුව භාණ්ඩාගාරයෙන් මුදල් ගෙවීම යනු ජනතාව මත වක්‍රව බර පැටවීමකි. එනම් විදුලිබලමණ්ඩලයේ අකාර්යක්ෂමතාවට  වන්දි ගෙවීමට ජනතාවට සිදුවීමයි. ඒ අතරම ආණ්ඩුව ශ්‍රී ලන්කන් වැනි සුදු අලින්ද ජනතා මුදලින් නඩත්තු කරමින් සිටී.

විදුලිය අර්බුදය විසඳීම සඳහා , ඛනිජ තෙල් සංස්ථාවට විදුලි බලමණ්ඩලය ගෙවිය යුතු මුදල් භාණ්ඩාගාරයෙන් ගෙවන බව කි⁣යති. ආණ්ඩුවේ ප්‍රකාශකයන් ඒ බව කියන්නේ වීරකමක් ලෙස වුව,  භාණ්ඩාගාරයේ මුදල් යනු ජනතාවගේ මුදල්ය. ඒ අනුව භාණ්ඩාගාරයෙන් මුදල් ගෙවීම යනු ජනතාව මත වක්‍රව බර පැටවීමකි. එනම් විදුලිබලමණ්ඩලයේ අකාර්යක්ෂමතාවට  වන්දි ගෙවීමට ජනතාවට සිදුවීමයි. ඒ අතරම ආණ්ඩුව ශ්‍රී ලන්කන් වැනි සුදු අලින්ද ජනතා මුදලින් නඩත්තු කරමින් සිටී. 

ඛලශක්ති ඇමතිට හෝ ඛනිජ තෙල් ඇමතිට අනාගත දැක්මක් තිබුණේ නම් තෙල් හිඟයක් හෝ විදුලිය කැපීමක් සිදුවන්නේ නැත. ජලාශ හින්දවා විදුලිය නිපදවීමේ මෝඩ පිළිවෙත අනුගමනය කළ ආණ්ඩුව  ජලය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්නට යැයි ජනතාවට කියයි. අන්තිමට ජනතාවට කිරි පිටි නැත. ගෑස් නැත. සිමෙන්ති නැත. සහල් නැත. ඉන්ධනත් නැත. විදුලියත් නැත. ජලයත් නැත. ඉතිරිව ඇත්තේ සෞභාග්‍යයේ දැක්මය.

  චන්ද්‍රානි ශාන්ති බණ්ඩාරවත්ත

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *