ඊයේ අයි එම් එෆ් හමු වූ මුදල් ඇමති අද ම ඉන්දීයා යයි

ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිත පිරිස  ඊයේ හමු වී සාකච්ඡා කළ මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා අද ඉන්දියාවේ නව දිල්ලි නුවර බලා පිටත්ව ගොස් ඇත. ඉන්දියාවේ දෙදින සංචාරයක යෙදෙන මුදල් ඇමති වරයා ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලබා දීමට අනුමත කොට ඇති ඩොලර් බිලියනයක ණය ගිවිසුමට අත්සන තැබීමේ කටයුතු ද අවසන් කරනු ඇතැයි කියති….

මුල්‍ය අරමුදලේ නියෝජිතයෝ ජනාධිපති හමුවෙති

මෙරට මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදයේ දී සහය දිය හැකි ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමට මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ  කිහිප දෙනෙක් අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වුහ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියානු පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය චන්ග්යොන්ග් රී (Changyong Rhee), නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය ඈන්-මෙරී ගල්ඩ්-වුල්ෆ් (Anne-Marie Gulde-Wolf) සහ…

අද කොවිඩ් මරණ 8 ක් , නව ආසාදිතයින් 428 ක් වාර්තා වෙයි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අද දින නිකුත් කළ නිවේදන අනුව දිනය තුළ තහවුරු කළ කොවිඩ් මරණ සංඛ්‍යාව 8 ක් වන අතර හඳුනාගත් නව ආසාදිතයින් සංඛ්‍යාව 428 කි. මෙරටින් මේ වනවිට වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 16,415 ක් වෙයි. මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව වාර්තා වන්නේ 656,814 ක් වශයෙනි.

අයි එම එෆ් වැඩ සටහනකට කැබිනට් අනුමැතිය

රටේ අද පවතින ආර්ථික අර්බුදය හමුවේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ලබාගන්නා වැඩ පිළිවෙලක් සඳහා ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී අමුමතිය හිමි වී තිබේ. මීට පෙර 16 වතාවක් ශ්‍රී ලංකාව මුල්‍ය අරමුදලේ සහය ලබාගෙන ඇති බවත්, එබැවින් තවත් වතාවක් එබඳු වැඩ පිළිවෙළකට යාමට බිය වීමේ තේරුමක් නැති බවත්, ඇමතිවරුන් ගණනාවක් එහි දී පෙන්වා දී තිබේ….

බස් ගාස්තු ඉහළට ; අවම ගාස්තුව 20 යි

බස් ගාස්තු ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළ යනු ඇත. අවම බස් ගාස්තුව රුපියල් 20 ක් වන අතර අනෙකුත් ගාස්තු සියයට 15 කින් ඉහළ යන බව කියති.

ජනාධිපතිගේ තවත් ජාතිය ඇමතීමක් බදාදා

ජානාධිපති ගොටාභය රාජපක්ෂ මහතා 16 දා, බදාදා නැවත වරක් ජාතිය අමතා කතා කිරීමට නියමිත බව ජානාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කොට ඇත. වරින් වර ජාතිය අමතමින් රටේ තත්ත්වය ගැන ජනතාවට කරුණු කියා දෙන ජනාධිපතිතුමා පසුගිය අගෝස්තු මාසයේ ද ජනතාව අමතා කතා කළේ ය. ජනවාරි 18 දා නව පාර්ලිමේන්තු සැසිය විවෘත කරමින් ජනාධිපතිතුමා එවකට පැවති තත්ත්වය ගැන…

අද කොවිඩ් මරණ 10 ක් , නව ආසාදිතයි 345 ක් වාර්තා වෙයි

රජයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ නිවේදන අනුව අද දිනයේ තහවුරු කරන ලද කොවිඩ් මරණ සංඛ්‍යාව 10 ක් වන අතර නව ආසාදිතයින් ලෙස වාර්තා කොට ඇති සංඛ්‍යාව 345 කි. මෙරටින්වර්තවන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව මේ වන විට සටහන් වී ඇත්තේ 16,407 ක් වශයෙනි. මෙරටින් මෙතෙක් හමු වී ඇති සමස්ත කොවිඩ් ආසාදීත සංඛ්‍යාව 656,386 ක් ලෙස සටහන්…

අයි එම එෆ් නවත්තපු තැනින් පටන්ගනී ; ජනාධිපති ගොටාභය කැපු බදු යලි පනවන්න කියයි

රජයට මුදල් ලබා ගැනීම සඳහා මුදල් අච්චු ගැසීම නවතා බදු වැඩි කරන ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදල රජයට උපදෙස් දී ඇති බව වාර්තා වන අතර ඒ අනුව ක්‍රියා කරන්නේ නම් ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා බලයට පත් වූ විගස විශාල ලෙස අඩු කළ බදු නැවත පැනවීමට සිදුවනු ඇත. ගොටාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය ජය ගන්නා අවස්ථාව වන විට…

අද කොවිඩ් මරණ 7 යි, නව ආසාදිතයින් 311 යි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අද නිකුත්කළ නිවේදන අනුව තවත් කොවිඩ් මරණ 7 ක් අද දිනය තුළ තහවුරු කොට ඇති අතර අලුතින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 311 කි. ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ලෙස වාර්තා වන්නේ 16,397 කි. මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 656,041 ක් ලෙස…

ජාතික ආණ්ඩු අවශ්‍ය නැහැ, අවශ්‍ය වන්නේ ජාතික එකඟතාවක් – එජාප නායක රනිල් වික්‍රමසිංහ

දැන් අවශ්‍යව ඇත්තේ ජාතික ආණ්ඩුවක් නොව ජාතික එකඟතාවක් බවත්, ජාතික ආණ්ඩුවක් අවශ්‍ය නැති බවත්, එක්සත් ජාතික පක්ෂ නායක ,හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. ආණ්ඩුව කාලයක් බලාගෙන සිට ඩොලරය පා කළත් එයින් ප්‍රශ්නය නොවිසඳෙන බවත්, ඉදිරයේ තවත්,ප්‍රශ්නවලට මුහුණ දීමට ඇති බවත් ඒ මහත කියයි. ආණ්ඩු මාරු කිරීමට කතා කරන්නට පෙර රට රැක ගත යුතුව…

ජනාධිපති – අයි එම් එෆ් හමුව අඟහරුවාදා

ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය සමාලෝචනය සහ අවශ්‍ය ආධාර ලබා දීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකාවට අද පැමිණෙන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිත පිරිස සහ ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා අතර හමුව 15 දා අඟහරුවාදා සිදුවන බව වාර්තා වෙයි. විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ඇතුළු ශ්‍රී ලංකාවට ආධාර සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ බලධාරීන් සමග සාකච්ඡා කිරීම සඳහා මෙම…

වැඩ වර්ජනය කර සිටින තමා ඉවත් කරන්නැයි වාසු ආණ්ඩුවට කියයි

ඇමති තනතුරේ වැඩ වර්ජනය කර සිටින තමා ඉවත් කිරීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව ජල සම්පාදන ඇමැති වාසුදේව නානායක්කාර මහතා කියයි. තම ඇමති ධුරයෙන් ඉවත් නොවන්නේ, ඉවත් වීමයි, ඉවත් කිරීමයි අතර වෙනස පෙන්වීම සඳහා බව ද ඇමතිවරයා කියයි. ආණ්ඩුව සමග තවදුරටත් කිසිදු ගනු දෙනුවක් නැති බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.