අද කොවිඩ් මරණ 7 යි, නව ආසාදිතයින් 311 යි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අද නිකුත්කළ නිවේදන අනුව තවත් කොවිඩ් මරණ 7 ක් අද දිනය තුළ තහවුරු කොට ඇති අතර අලුතින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 311 කි.

ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ලෙස වාර්තා වන්නේ 16,397 කි.

මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 656,041 ක් ලෙස මේ වනවිට සටහන් වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *