ජාතික ආණ්ඩු අවශ්‍ය නැහැ, අවශ්‍ය වන්නේ ජාතික එකඟතාවක් – එජාප නායක රනිල් වික්‍රමසිංහ

දැන් අවශ්‍යව ඇත්තේ ජාතික ආණ්ඩුවක් නොව ජාතික එකඟතාවක් බවත්, ජාතික ආණ්ඩුවක් අවශ්‍ය නැති බවත්, එක්සත් ජාතික පක්ෂ නායක ,හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

ආණ්ඩුව කාලයක් බලාගෙන සිට ඩොලරය පා කළත් එයින් ප්‍රශ්නය නොවිසඳෙන බවත්, ඉදිරයේ තවත්,ප්‍රශ්නවලට මුහුණ දීමට ඇති බවත් ඒ මහත කියයි.

ආණ්ඩු මාරු කිරීමට කතා කරන්නට පෙර රට රැක ගත යුතුව ඇති බව ද , ඒ සඳහා ජාතික එකඟතාවක් අවශ්‍ය බව ද, ඒ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික්කයේ සාමාජික ප්‍රවර්ධන වැඩ සටහනට එක්වෙමින් අද කිරුලපොන ප්‍රදේශයේ පවතී ජන හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *