විදුලිබල පනතේ දී පොහොට්ටු මන්ත්‍රීවරු ජනපතිට එරෙහි වෙති

පසුගියදා විවාදාත්මක විදුලිබල සංශෝධන පනත සම්මත කිරීමේ දී එයට සංශෝධන එකතු කරන ලෙස ජනාධිපතිතුමා කළ ඉල්ලීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් බහුතරයක් විරුද්ධ වූ බව වාර්තා වෙයි. ලංවිම වෘත්තීය සමිති ඉල්ලන සංශෝධන පනතට ඇතුළත් කරන ලෙස ජනාධිපති කළ ඉල්ලීම නොතකා හැර පනත ඉදිරිපත් කොට තිබු ආකාරයෙන් ම සංශෝධන රහිතව සම්මත කිරීමට මන්ත්‍රීවරුන්ගේ බහුතරයේ සහය හිමි…

|

සුළං ව්‍යාපෘතිය අදානිට දෙන කතාව කියවුණේ මගේ ඔලුව මඤ්ඤං වෙලා – ලංවිම සභාපති කොන්දේසි විරහිතව සමාව ඉල්ලයි

  මන්නාරමේ සුළං බල ව්‍යාපෘතිය ඉන්දියාවේ අදානි සමාගමට ලබාදෙන ලෙස ඉන්දීය අගමැතිවරයා ඉල්ලා ඇති බවත් ,ඒ අනුව එය ලබා දීමට කටයුතු කරන ලෙසත්, ජනාධිපතිතුමා තමාට පැවසු බවට කෝප් කමිටුව හමුවේ සිදු කළ ප්‍රකාශය පිළිබඳව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා  සමාව ඉල්ලා තිබේ. කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් වෙත ලිපියක් යොමු කරමින්…

සර්ව පාක්ෂික ආණ්ඩුවකට යළි සාකච්ඡා ; සජබය , ශ්‍රීලනිපය කැමැත්ත ප්‍රකාශ කරයි.

  පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එකතු වී හදන සර්ව පාක්ෂික ආණ්ඩුවකට එකඟ බව සමගි ජන බලවේගයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ප්‍රකාශ කොට ඇති අතර එම සාකච්ඡා යළි ආරම්භ වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි. සර්ව පාක්ෂික ආණ්ඩුවකට කැමති බව සමගි ජන බලවේගයේ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන…

පොහොට්ටුව දෙකඩ වෙයි ; ඩලස්ගේ නායකත්වයෙන් නව සන්ධානයක්

  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ස්ථිර වශයෙන් ම දෙකඩ වී ඇති බවත්, ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් නව පක්ෂයක් සහ දේශපාලන පෙරමුණක් ගොඩ නැගීමට කටයුතු කෙරෙමින් පවතින බවත් දේශපාලන ආරංචි මාර්ග කියයි. පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 117 කින් පිරිසක් ස්වාධින වීම සහ පසුපෙළ කණ්ඩායමක් නිර්මාණය වීම නිසා එහි පාර්ලිමේන්තු බහුතරය ගිලිහී ගොස් ඇත. මේ අතරින් මන්ත්‍රීවරුන් 49…

දුප්පත් ම ලක්ෂ 20 කට නොමිලේ ආහාර වේල් දෙකක්

රටේ දිළිඳු ම සියයට 10 ක් ජනයාට දිනකට ආහාර වේල් දෙකක් නොමිලේ ලබාදීමේ වැඩ සටහනක් සකස් කොට ඇති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. මාධ්‍ය ආයතන හිමිකරුවන් සමග ඊයේ පැවති සාකච්ඡාවක දී අගමැති තුමා මෙම කරුණ හෙළිකොට තිබේ. ජනගහනයෙන් සියයට 10 ක් යනු ලක්ෂ 22 කට ආසන්න ජන සංඛ්‍යාවකි. අගමැතිතුමා කියන්නේ මෙම පිරිසට වත්මන්…

දින 12 ක දී ඉන්ධන නෞකා 5 ක බලාපොරොත්තුවක්

  මෙම මස 11 වැනිදා සිට 22 වැනිදා දක්වා දින 12 කට කාලය තුළ ඉන්ධන නෞකා 5 ක් ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය. මේ මස 11 සහ 12 දෙදින පෙට්‍රල් සහ ඩීසල් නෞකා දෙකක්, 16 වැනිදා ඉන්දීය ණය ක්‍රමයේ අවසන් ඩීසල් නෞකාව, 22 වැනිදා තවත් පෙට්‍රල් නෞකාවක්…

ශ්‍රී ලංකාවේ ලක්ෂ 49 ක ජනතාවකට ආහාර ආධාර ඕනෑ – එක්සත් ජාතීන් ලෝකයට කියයි

  ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් සියයට 22 කට එසේත් නැතිනම් ලක්ෂ 49 කට ආහාර ආධාර ලබාදීම  අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක  හැනා සිංගර් හැම්ඩි මහත්මිය ප්‍රකාශ කළාය. විශේෂයෙන් අඩු ආදායම්ලාභීන් ආහාර අහේනියෙන් දැඩි ලෙස පීඩා විඳින බව එතුමිය කියයි ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවට සාධක කිහිපයක් බලපෑම් එල්ල කර ඇති බව ඇය පැවසුවාය. රසායනික…

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගැන කෝප් සභාපතිගෙන් බරපතළ ප්‍රකාශයක්

  ශ්‍රී ලංකන් ගුවන් සමාගම රටේ රාජ්‍ය යාන්ත්‍රණයට  මූල්‍යමය වශයෙන් බරපතල බරක්  හෙයින් එම ආයතනය   රාජ්‍ය ව්‍යාපාරයක් ලෙස රටේ ජාතික ආර්ථිකයට සිදුකරන  අහිතකර  බලපෑම සම්බන්ධයෙන් විශේෂයෙන් මැදිහත් වන ලෙස   කෝප් කමිටුවේ සභාපති,  මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදි අද (10) රජයෙන් ඉල්ලිමක්  කළේය. ඔහු මෙම ඉල්ලීම කළේ  පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ තෙවැනි වාර්තාව පාර්ලිමේන්තුවට…

13 දා සඳුදා රජයේ නිවාඩු දිනයක් කරයි

ලබන සඳුදා 13 දා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කොට ඇත. එයට අදාල චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් අද නිකුත් කරනු ලැබ තිබේ. රජයේ සහ කතෝලික පාසල් සඳහා ද මෙම නිවාඩුව ලබා දී තිබේ.

යූරියා ගන්න ගිවිසුමකට අත්සන් කරයි

  යූරියා පොහොර මෙට්ට්‍රික් ටොන්  65,000 ක් මිලදී ගැනීම සඳහා ඩොලර් මිලියන 55 ක්  ලබා ගැනීම සඳහා වන ගිවිසුමකට මුදල් අමාත්‍යංශය සහ ඉන්දීය එක්සිම් බැංකුව  අද අත්සන් කළේය. යල කන්නයේ  යූරියා පොහොර ඉල්ලුම සපුරාලීම සඳහා යූරියා මෙට්‍රික් ටොන් 65,000 ක්  ආනයනය කිරීමට  ශ්‍රී ලංකා රජය ඉන්දීය රජයෙන් ණය පහසුකම් ඉල්ලා සිටි අතර එම ඉල්ලීමට ප්‍රතිචාර…

ගෑස් බෙදීම අවුලක් කළ විජිත හේරත් ලිට්‍රෝ සභාපති ධූරයෙන් ඉවත් වෙයි

  මෙරටට ප්‍රමාණවත් තරම් ගෑස් ගෙන්වා ගැනීමට සහ ලැබෙන තොග බෙදා හැරීමට කටයුතු නොකිරීම ගැන චෝදනා එල්ල වී සිටි  ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති ඉංජිනේරු විජිත හේරත් මහතා ධූරයෙන් ඉවත් වූ බව   අද (10) පස්වරුවේ ප්‍රකාශ කොට ඇත. මෙරටට පැමිණ තිබු නැවකින් ගෑස් ගොඩබෑමට ඉක්මන් පියවර ගැනීමට කටයුතු නොකිරීම ගැන කෝප් කමිටුව පරීක්ෂා කළ යුතු බව…

පවිත්‍රාට ඇමැති තනතුරක් !

හිටපු ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට ඇමති තනතුරක් හිමිවීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග කියයි. ජනාධිපතිතුමා ඊයේ නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් අලුතින් බිහි කළ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය ඒ මහත්මියට හිමිවනු ඇතැයි  කියති.