සර්ව පාක්ෂික ආණ්ඩුවකට යළි සාකච්ඡා ; සජබය , ශ්රීලනිපය කැමැත්ත ප්රකාශ කරයි.

පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එකතු වී හදන සර්ව පාක්ෂික ආණ්ඩුවකට එකඟ බව සමගි ජන බලවේගයත් ශ්රී ලංකා නිදහස් පක්ෂයත් ප්රකාශ කොට ඇති අතර එම සාකච්ඡා යළි ආරම්භ වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි.
සර්ව පාක්ෂික ආණ්ඩුවකට කැමති බව සමගි ජන බලවේගයේ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සහ ශ්රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේ දී ප්රකාශ කළේය.
අගමැති රනිල් වික්රමසිංහ මහතා ප්රකාශ කළේ යෝජිත ජාතික සභාව, පක්ෂ නායකයින්ගේ සහභාගීත්වයෙන් ගොඩ නගා එමගින් සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා තීරණය ගත හැකි බව යි.
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන තෙක් වෙනත් ඇමති ධුර සහ රාජ්ය ඇමති ධුර පත් නොකරන ලෙස අනෙක් පක්ෂ ඉදිරිපත් කොට ඇති ඉල්ලීමට රජයෙන් යහපත් ප්රතිචාරයක් දක්වා ඇති බව ද කියති.
ඒ අනුව රාජ්ය ඇමතිවරුන් පත්කිරීම මේ වනවිට අත්හිටුවා තිබේ.
