ශ්‍රී ලංකාවේ ලක්ෂ 49 ක ජනතාවකට ආහාර ආධාර ඕනෑ – එක්සත් ජාතීන් ලෝකයට කියයි


 

ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් සියයට 22 කට එසේත් නැතිනම් ලක්ෂ 49 කට ආහාර ආධාර ලබාදීම  අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක  හැනා සිංගර් හැම්ඩි මහත්මිය ප්‍රකාශ කළාය.

විශේෂයෙන් අඩු ආදායම්ලාභීන් ආහාර අහේනියෙන් දැඩි ලෙස පීඩා විඳින බව එතුමිය කියයි

ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවට සාධක කිහිපයක් බලපෑම් එල්ල කර ඇති බව ඇය පැවසුවාය. රසායනික පොහොර නොමැති වීම හේතුවෙන් 2021/2022 මහ කන්නයේ අස්වැන්න සියයට 40-50 ත් අතර ප්‍රමාණයකින් අඩු වී ඇතැයි ද ඇය සඳහන් කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *