ප්රහාරය වුණු දවසේ උදේ රාජ්ය බුද්ධි අංශ ප්රධානියා මට කතා කරලා ගහන්න යන්නේ කතෝලික පල්ලිවලට නොවෙයි, මෙතෝදිස්ත පල්ලිවලට කියල කිව්වා
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දු මහතා ඊයේ (6) පාස්කු ප්රහාරය පිළිබඳ විශේෂ තේරීම් කාරක සභාව හමුවේ සාක්කි දෙමින් කියා සිටියේ තමන්ගේ ලේකම් ධූරය ගෝඨාභයට තිබූ ආකාරයේ එකක් නොවූ බවත් සතියකට වරක් හෝ ආරක්ෂක ඇමැතිවූ ජනපති සමග සාකච්ඡා කිරීමට අවස්ථාවක් නොලද අසරණ ආරක්ෂක ලේකම්වරයෙක් බවට තමන් පත්ව සිටි බවයි ඇතැම්විට ලිපිගොනු අත්සන් කිරීම සඳහා ජනාධිපතිවරයා හමුවීමට…
