|

පෙබරවාරියෙන් පසු මට ධම්මික පෙරේරා හමු වී නැහැ – අගමැති රනිල් වික්‍රමසිංහ

පෙබරවාරියෙන් පසු තමාට  ධම්මික පෙරේරා මහතා  හමු වී නැති බව  අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත . පසුගිය දිනක රනිල් වික්‍රමසිංහ මහතා සහ ධම්මික පෙරේරා මහතා අතර හමුවක් පැවති බවට හා එහිදී එජාපෙ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන ලෙස ධම්මික පෙරේරා මහතාට ආරාධනා කළ බවට සමාජ මාධ්‍ය මගින් ගෙනයන ප්‍රචාර සම්බන්ධයෙන් රවුෆ් හකීම් ඇමතිවරයා කළ…

මුස්ලිම් කාන්තාවන් විවාහ වියයුතු අවම වයස් සීමාව අවුරුදු 18 දක්වා ඉහළ දැමීමට රජයේ අවධානය – අගමැති

මුස්ලිම් ජාතිකයන්ගේ විවාහ සහ දික්කසාද සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන නීති සංශෝධනය කිරීම සදහා රජය සූදානම් වෙයි. විශේෂයෙන් මුස්ලිම් කාන්තාවන් විවාහ වියයුතු අවම වයස් සීමාව සාමාන්‍ය පරිදි වයස අවුරුදු 18 දක්වා ඉහළ දැමීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බවයි අගමැතිවරයා පවසන්නේ. අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සදහන් කළේ ඊයේ (24) මෙරට සිටින රාජ්‍යතාන්ත්‍රික නිළධාරීන් පිරිසක් සමග…

ඝණ සහ අර්ධ ඝණ ආහාර සදහා වර්ණ සංකේත ක්‍රමය ජුනි 01වනදා සිට

  ඝණ ආහාර සහ අර්ධ ඝණ ආහාර සදහා වර්ණ සංකේත ක්‍රමය ජුනි මස 01 දා සිට ක්‍රියාත්මක බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. ඊට අදාල ගැසට් නිවේදනය ඉදිරියේ දී නිකුත් කිරීමට නියමිත අතර, එම ගැසට් නිවේදනයට සෞඛ්‍ය අමාත්‍යවරයා පසුගියදා අත්සන් කරන ලදි. මෙම වර්ණ සංකේත ක්‍රමය අප්‍රේල් මස 02…

ඥානසාර හිමියන්ට සමාව දීම වැරදි තිරණයක්” – TNA

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ජනපති සමාව ලබාදීමට ගත් තීරණයට ද්‍රවිඩ ජාතික සන්ධානය විරෝධය දක්වා තිබෙනවා. එහි මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ඥානසාර හිමියන්ට ජනපති සමාව දීමට ගත් තීරණය හරහා වැරදි පණිවිඩියක් රටට ලබාදී ඇති බවයි.

පාස්කු ප්‍රහාරය : හිටපු පොලිස්පති , හිටපු ආරක්ෂක ලේකම් ,ජේෂ්ට නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකුට එරෙහිව අපරාධ පරීක්ෂණ – නීතිපති උපදෙස්

පාස්කු ප්‍රහාරය අවස්ථාවේ සාපරාධි ලෙස රාජකාරිය පැහර හැරීම සම්බන්ධයෙන්  හිටපු පොලිස්පතිවරයාට , හිටපු ආරක්ෂක ලේකම්වරයාට හා ජේෂ්ට නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකුට එරෙහිව අපරාධ පරීක්ෂණ  ආරම්භ කරන ලෙස නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට  උපදෙස්දී ඇත . මෙහිදී චෝදනාවට ලක්ව ඇති ජේෂ්ට නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන්නේ බටහිර පළාත බාර ජේෂ්ට  නියෝජ්‍ය පොලිස්පති…

තාජුඩීන් ඝාතනය සැගවුවාට හිටපු ජ්‍යෙෂ්ඨ ‍නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකට අධිචෝදනා

වසීම් තාජුඩීන් ඝාතනය පිළිබඳ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට එරෙහිව දණ්ඩනීති සංග්‍රහයේ 198වැනි වගන්තිය යටතේ නීතිපතිවරයා කොළඹ මහාධිකරණයට අධිචෝදනා පත්‍රයක් ඉදිරිපත් කළේය. තාජුඩීන් ඝාතන නඩුවේ වරදකරුවන් නීත්‍යානුකූල දඬුවමින් ආවරණය කිරීම සඳහා අසත්‍ය තොරතුරු සැපයීම සම්බන්ධයෙන් හා මරණ දඬුවමින් දඬුවම් කළහැකි  වරදක් සිදුකර ඇති බව දැන දැනම අසත්‍ය තොරතුරු මගින් වරදකරුවන් ආවරණය කිරීම පිළිබඳ…

සහරාන් කල්ලියේ පළමු පෙළ මියගිහින් ; දෙවන පෙළ ඇතුළේ ; තවත් ප්‍රහාරයකට ඉඩක් නෑ – බුද්ධි අංශ කියයි

පාස්කු ඉරිදා ප්‍රහාර එල්ලකළ සහරාන් හෂීම් කල්ලියේ ප්‍රධාන නායකයන් සියලු දෙනාම මේ වනවිට මියගොස් ඇති බවත් දෙවන පෙළ නායකයන් ඇතුළු කල්ලියේ සියලු දෙනාම පාහේ අත් අඩංගුවට ගෙන ඇති බවත් හමුදාවේත් , පොලිසියේත් බුද්ධි අංශ ප්‍රකාශ කරයි . බුද්ධි අංශ කියන්නේ තවත් ප්‍රහාරයක් කිරීමේ හැකියාව ඉතාමත් අල්ප බවයි . මෙම කණ්ඩායම සම්පුර්ණයෙන්ම වගේ දේශීය වශයෙන් බිහිවී…

පොදු අපේක්සහකයෙක් නෑ ,ජනපතිවරණයට එජාප අපේක්ෂකයෙක් – මුදල් රාජ්‍ය ඇමති එරාන් වික්‍රමරත්න

පොදු අපේක්සහකයෙක් නෑ ,ජනපතිවරණයට එජාප අපේක්ෂකයෙක් – මුදල් රාජ්‍ය ඇමති එරාන් වික්‍රමරත්න

ඉදිරියේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් අපේක්ෂකයකු ඉදිරපත් කරන බවත් පොදු අපේක්ෂකයකුට සහය දෙන බවට පැතිරෙන අරන්චිවල සත්‍යතාවක් නැති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේය . ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය සංවිධානය කොට තිබු සාකච්චාවක් අතරතුර සිදු කතාබහකදී මාධ්‍යවේදියකු මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව පැවසීය . ව්‍යාපාරික ධම්මික…

හදිසි විදුලි මිලදී ගැනීමකට ඇමති මණ්ඩල අනුමැතිය

විදුලිබල ක්ෂේත‍්‍රයේ උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වයට විසඳුමක් ලෙස හදිසි විදුලි මිලදී ගැනීම් ලෙස ලබන වසරේ මැයි මාසය දක්වා  බලාගාර දෙකකින් විදුලිය මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.වර්තමානයේ ඇතිවී තිබෙන විදුලිබල අර්බුදය විසඳීම සඳහා ගත යුතු කෙටි, මධ්‍ය හා දිගු කාලීන ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පත්කර ඇති අමාත්‍ය…

රාජ්‍ය සේවය ගමට දිස්ත්‍රික් සහන සේවා වැඩසටහන මාතලෙන් ඇරඹෙයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ  උපදේශකත්වයෙන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මගපෙන්වීමෙන්, අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සංවිධානය කරන රාජ්‍ය සේවය ගමට දිස්ත්‍රික් සහන සේවා වැඩසටහනෙහි රාජ්‍ය හා ක්ෂේත්‍ර නිලධාරින් දැනුවත් කිරීමේ හමුවක් අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (23) බ්‍රහස්පතින්දා මාතලේ එඩ්වඩ් ක්‍රීඩාංගණයේදී…

රාජ්‍ය ‍සේවකයන්හට රු.2500/- ක මාසික දීමනාවක්

රාජ්‍ය ‍සේවකයන්ට රු.2500/- මාසික දීමනාවක් ‍ගෙවීමට අදාළ චක්‍රලේඛය ‍මේ වන විය නිකුත්කර ඇතැයි මුදල් අමාත්‍යාංශය නි‍වේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ඒ අනුව මුදල් අමාත්‍ය මංගල සමරවීම මහතා විසින් ඉදිරිපත් කරන ලද 2019 අය වැය ‍යෝජනා මගින් ‍යෝජිත රු.2500/- ක මාසික අන්තර් දීමනාව ජුලි මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි සියලු රාජ්‍ය සේවකයන් හට ‍ගෙවීමට…

කැනඩාවට යන ජනාධිපතිට එරට අගමැති හමුවීමේ අවස්ථාවක් නෑ : ව්‍යවස්ථාව කැඩුවට විරෝධයක් !

කැනඩාවේ ඔටාවා නුවරදී පැවැත්වෙන විවෘත ආණ්ඩුකරන සහභාගිත්ව සමුළුවට සහභාගිවීම සදහා ලබන සතියේ කැනඩාවට යන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරට අගමැති ජස්ටින් ට්‍රරුඩෝ මහතා හමුවීමට අවස්ථාවක් ලබා දී නැති බව වාර්තා වෙයි . මෙය සිරිසේන ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංගණය කිරීමට තම නොසතුට ප්‍රකාශ කිරීමට ගත පියවරක් බව රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග කියති . වෙනත් රටක රාජ්‍ය…