කැනඩාවට යන ජනාධිපතිට එරට අගමැති හමුවීමේ අවස්ථාවක් නෑ : ව්‍යවස්ථාව කැඩුවට විරෝධයක් !

කැනඩාවේ ඔටාවා නුවරදී පැවැත්වෙන විවෘත ආණ්ඩුකරන සහභාගිත්ව සමුළුවට සහභාගිවීම සදහා ලබන සතියේ කැනඩාවට යන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරට අගමැති ජස්ටින් ට්‍රරුඩෝ මහතා හමුවීමට අවස්ථාවක් ලබා දී නැති බව වාර්තා වෙයි . මෙය සිරිසේන ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංගණය කිරීමට තම නොසතුට ප්‍රකාශ කිරීමට ගත පියවරක් බව රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග කියති .

වෙනත් රටක රාජ්‍ය නායකයකු තම රටට පැමිණි විට රාජ්‍ය නායකයා සමග පෞද්ගලික හමුවක් ලබාදීමේ සම්ප්‍රධායක් ඇත . මෙහි දී එම සම්ප්‍රධාය නොතකා හැරීමක් සිදුවෙයි . එය සැලකෙන්නේ රටක නොසතුට ප්‍රකාශ කිරීමක් වශයෙනි . මේ නිසා කණඩා අගමැති සමග හමුවක් ලබාගැනීමට ජනාධිපති කාර්යාලය දිගටම උත්සහ දරමින් සිටින බව වාර්තා වෙයි .

ජනාධිපති තුමාගේ කැනඩා සංචාරය  මෙම 28 දා සිට ලබන මස 01දා දක්වා සිදුකිරීමට නියමිතව ඇත .

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බ්‍රතාන්‍ය අගමැති තෙරේස මේ ඇතුළු බටහර රාජ්‍ය නායකයන් ජනාධිපතිවරයාට කතා නොකොට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට කතා කළේද ඔවුන්ගේ විරෝදය පෙන්වීමක් වශයෙන් බව කියති .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *