රාජ්‍ය සේවකයන්හට රු.2500/- ක මාසික දීමනාවක්
රාජ්‍ය සේවකයන්ට රු.2500/- මාසික දීමනාවක් ගෙවීමට අදාළ චක්‍රලේඛය මේ වන විය නිකුත්කර ඇතැයි මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඒ අනුව මුදල් අමාත්‍ය මංගල සමරවීම මහතා විසින් ඉදිරිපත් කරන ලද 2019 අය වැය යෝජනා මගින් යෝජිත රු.2500/- ක මාසික අන්තර් දීමනාව ජුලි මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි සියලු රාජ්‍ය සේවකයන් හට ගෙවීමට නියමිතය.
මේ සඳහා වන චක්‍රලේඛය මහා භාණ්ඩාගාරයේ එකඟතාවය ඇතිව රාජ්‍ය පරිපාලන හා අපදා කළමණාකරන අමාත්‍යාංශය විසින් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත දැනටමත් නිකුත් කර ඇති බව අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.
අන්තර් දීමනාව වශයෙන් රු.2500/-ක් ජුලි 01 සිට ලැබුව ද රාජ්‍ය සේවකයන් හට මාසිකව ගෙවනු ලබන රු.7800/- ජීවන වියදම් දීමනා තවදුරටත් ගෙවීමද එලෙසම ක්‍රියාත්වක වන බව මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් පවසයි.
මනෝජ්
