පාස්කු ප්‍රහාරය : හිටපු පොලිස්පති , හිටපු ආරක්ෂක ලේකම් ,ජේෂ්ට නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකුට එරෙහිව අපරාධ පරීක්ෂණ – නීතිපති උපදෙස්
පාස්කු ප්‍රහාරය අවස්ථාවේ සාපරාධි ලෙස රාජකාරිය පැහර හැරීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පතිවරයාට , හිටපු ආරක්ෂක ලේකම්වරයාට හා ජේෂ්ට නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකුට එරෙහිව අපරාධ පරීක්ෂණ ආරම්භ කරන ලෙස නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට උපදෙස්දී ඇත . මෙහිදී චෝදනාවට ලක්ව ඇති ජේෂ්ට නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන්නේ බටහිර පළාත බාර ජේෂ්ට නියෝජ්‍ය පොලිස්පති , විශේෂ කාර්ය බලකායේ කොමාන්ඩන්ට් සහ ජාතික බුද්ධි සේවාවේ ප්‍රධානියාය . පොලිස් කොමිසමේ අනුමැතිය යටතේ මොවුන්ට එරෙහෙව විනය පියවර ගන්නා ලෙසද නීතිපතිතුමා උපදෙස් ලබා දී තිබේ .
නීතිපතිතුමා මෙම උපදෙස් ලබාදී ඇත්තේ පාස්කු ඉරිදා සිදුවීම් පිළිබඳව පරික්ෂා කරන ජනාධිපති කමිටුවේ අතුරු වාර්තා දෙකක් සම්බන්ධයෙන් තම උපදෙස් ලබාදෙමිනි .
මෙම නිලධාරීන්ට එරෙහි පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (රහස් පොලිසිය ) මගින් සිදුකොට එම වාර්තා තමා වෙත ඉදිරිපත් කරන ලෙසද නීතිපතිතුමා වැඩිදුරටත් උපදෙස් දී තිබේ .
