රුපියල තවදුරටත් ශක්තිමත් වෙයි

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල  තවදුරටත් ශක්තිමත් වී ඇති බව වාර්තා වෙයි. ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව අද (26) දිනයේ ඩොලරයේ ගැනුම් මිල රුපියල් 295 ශත 62ක් ලෙස වාර්තා වී තිබුණි. ඩොලරයේ විකුණුම් මිල දැක්වුනේ රුපියල් 308 ශත 54ක් ලෙසය.

රත්රන් ගෙනා චුදිත මන්ත්‍රී ආණ්ඩුවට එරෙහි වෙයි ; ජනපතිට , අගමැතිට කිව්වත් උදව් කළේ නැතිලු

  නීති විරෝධී ලෙස රත්රන් සහ සෙලියුලර දුරකථන ගෙන ආ බවට චෝදනා ලබා  තමා අමාරුවේ වැටුණු වෙලාවේ ආණ්ඩුව තමා බේරා නොගත් නිසා ආණ්ඩුවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ බව පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා පැවැසීය. මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාවට විරුද්ධව ඡන්දය ලබා දීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී මාධ්‍යවේදීන්…

ජනකගේ සහයට පාර්ලිමේන්තුවේ කිසිවකු නැහැ ; යෝජනාවට විරුද්ධ වුවත් ජනකගේ වැඩ අනුමත නොකරති !

  මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඉවත්කිරීමේ යෝජනාවට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් 77 ක් චන්දය ප්‍රකාශ කළ ද ජනකගේ වැඩ අනුමත නොකරන බව විපක්ෂයේ කථිකයින් සියලු දෙනාම පාහේ ප්‍රකාශ කිරීම විශේෂත්වයක් වී ය. විපක්ෂයේ කථිකයින් කීවේ ස්වාධින කොමිසමක සභාපති ඉවත් කිරීමට එරෙහිව ඡන්දය භාවිත කරන නමුත් ජනක රත්නායක මහතාගේ හැසිරීම සහ ප්‍රකාශ අනුමත නොකරන…

වැඩි ඡන්ද 46 කින් යෝජනාව සම්මතයි ; ජනක රත්නායක ධුරයෙන් ඉවතට

  මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ධුරයෙන් ජනක රත්නායක මහතා ඉවත් කිරීමේ යෝජනාව වැඩි ඡන්ද 46 කින් සම්මත විය. අද දිනය පුරා පාර්ලිමේන්තුවේ දී මෙම යෝජනාව විවාදයට ගැනීමෙන් අනතුරුව ඡන්ද විමසීමකට ලක් කරන ලදී. එහිදී ඡන්ද යෝජනාවට පක්ෂව ඡන්ද 123ක් හා විපක්ෂව ඡන්ද 77ක් ලැබිණි

|

ස්වාධීන කොමිසන් විවරණයකට – සුනන්ද මද්දුමබණ්ඩාර

  මහජන උපයෝගීතා කොමිසන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා එම තනතුරින් ඉවත් කිරීම සඳහා වූ යෝජනාවක් අද පාර්ලිමේන්තුවේ දී සලකා බැලීමට නියමිතය. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එම පනතට විපක්ෂව ඡන්දය දෙන බව ප්‍රකාශ කර තිබේ. පනත සම්මත වීම සඳහා සරල බහුතරයක් එනම් ඡන්ද 113ක් ලබාගත යුතුව ඇත. එනිසා අද පාර්ලිමේන්තුව උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි…

රුපියල අධි ප්‍රමාණ වෙද්දී මහ බැංකුව ඩොලර් ගනී

  පසුගිය මාස කිහිපයේ දී ඩොලරය ඉදිරියේ රුපියල අධි ප්‍රමාණ වෙමින් පවතින අතර මහ බැංකුව ඩොලර් මිල දී ගෙන ඇති බව වාර්තා වෙයි. එය රුපියලේ අධි ප්‍රමාණ වීම පාලනය කිරීමේ පියවරක් බව කියති එලෙස, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය 2023 අප්‍රේල් මාසයේ දී ඩොලර් මිලියන 147.75 ක් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් මිල දී ගෙන…

උද්ධමනය තව පහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව 2023 මාර්තු මාසයේ දී වාර්තා වූ 49.2%ක් වූ ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය අප්‍රේල් මාසයේ දී 33.6% ක් දක්වා පහළගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. එහිදී ආහාර කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2023 මාර්තු මාසයේ දී 42.3% සිට 2023 අප්‍රේල් මාසයේ දී 27.1% ක් දක්වා පහළ ගොස් තිබේ. ආහාර නොවන කාණ්ඩයේ…

ඉදිරි මැතිවරණවලට චම්පික එජපෙන් – තීන්දුව අද ප්‍රකාශ කරයි

  පාටලී චම්පික රණවක මහතා තම ඉදිරි දේශපාලනය එක්සත් ජනරජ පෙරමුණ හෙවත් එජපෙ ලෙස කිරීමට තීන්දු කොට ඇත. එම පක්ෂය අද නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ. ඒ මහරගම තරුණ සේවා සභාවේ දී පවත්වන සමුළුවක දී ය. එජපෙ ඡන්ද ලකුණ ලෙස පැන්සල තෝරාගෙන ඇත.

මැති ඇමති වරප්‍රසාද වැඩියෙන් ම කපා ඇත්තේ මේ මුදල් ඇමැතියි – මුදල් රාජ්‍ය ඇමති රන්ජිත් සියඹලාපිටිය

  බොහෝ කලකට පසු කුඩා ම කැබිනට් මණ්ඩලය පවත්වාගෙන යන්නේත් මැති ඇමති වරප්‍රසාද විශාල ලෙස කපා ඇත්තෙත්, වර්තමාන මුදල් ඇමති යටතේ බව මුදල් රාජ්‍ය ඇමති රන්ජිත් සියඹලාපිටිය මහතා අද ප්‍රකාශ කළේය. ඇමතිවරුන්ට ලැබෙන්නේ මන්ත්‍රී වැටුප බවත්, කරය මණ්ඩලය තුනෙන් දෙකකින් අඩුකර ඇති බවත්, වියදම් සීමා කොට ඇති බවත්, කී ඒ මහතා ලැබෙන වැටුපට සහ සියලු…

|

සටනින් පැරදුණු සරසවි ඇදුරෝ ජනාධිපතිගේ හොඳ කියති

  ආදායම් බදු ඉවත් කර ගැනීමට කළ සටන විසඳුමකින් තොරව අවසන් කළ විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය  පසුගිය දා ජනාධිපතිතුමා සමග කළ සාකච්ඡාවෙන් පසු තම ප්‍රශ්නය ගැන සංවේදී වූ ජනාධිපතිතුමාගෙන් ප්‍රශ්නයට විසඳුමක් ලැබෙනු ඇතැයි ප්‍රකාශ කරන බව වාර්තා වෙයි. තමන්ගේ ප්‍රශ්නය සංවේදී ප්‍රශ්නයක් බව ප්‍රකාශ කළ ජනාධිපතිතුමා අයි එම් එෆ් ඉදිරි සමාලෝචනයේ දී ඒ ගැන සලකා…

නිදහස් ඡන්දය වලකා අන්තරේ කැඳවුම්කරු ලෙස පෙරටුගාමියෙක් පත්කර ගනී

රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කෑ ගසන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විශ්ව විද්‍යාල ගණනාවක් ඡන්දය දීමෙන් ඉවත් කර තමන්ගේ විශ්ව විද්‍යාලයේ ද බලයක් නැති දේශපාලන ක්‍රියාකාරිකයකු කැඳවුම් කරු ලෙස පත් කරගෙන ඇත. පේරාදෙණිය, රුහුණ, මොරටුව , සවුන්දරය ඇතුළු විශ්ව විද්‍යාල සහ පීට ගණනාවක ශිෂ්‍ය සංගම් මෙම නිලවරණයට සහභාගී වීම වළකා මෙම පත්කිරීම සිදුකොට තිබේ. එමෙන්…

රනිල්ගේ වැඩ නිසා සජබෙට කට උත්තර නැති වෙලා ; වෙන්න ආර්යාවෝ එක්ක රට හදන්න බෑ ; මං වෙනම ගමනක් අරඹනවා – පාඨලී චම්පික රණවක

  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගෙන යන වැඩපිළිවෙළ හේතුවෙන් සමගි ජන බලවේගය පිරිසටකට කටඋත්තර නැති වී ඇති බව සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ රනිල් වික්‍රමසිංහ ගේ ආර්ථික ප්‍රතිපත්තිය රාජපක්ෂලාගේ ආර්ථික ප්‍රතිපත්තිය නොවන බවයි. මේ හේතුවෙන් සමගි ජන බලවේගය බරපතළ ප්‍රතිපත්තිමය ගැටලුවකට මුහුණ පා සිටින බව…