ජනකගේ සහයට පාර්ලිමේන්තුවේ කිසිවකු නැහැ ; යෝජනාවට විරුද්ධ වුවත් ජනකගේ වැඩ අනුමත නොකරති !

 

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඉවත්කිරීමේ යෝජනාවට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් 77 ක් චන්දය ප්‍රකාශ කළ ද ජනකගේ වැඩ අනුමත නොකරන බව විපක්ෂයේ කථිකයින් සියලු දෙනාම පාහේ ප්‍රකාශ කිරීම විශේෂත්වයක් වී ය.

විපක්ෂයේ කථිකයින් කීවේ ස්වාධින කොමිසමක සභාපති ඉවත් කිරීමට එරෙහිව ඡන්දය භාවිත කරන නමුත් ජනක රත්නායක මහතාගේ හැසිරීම සහ ප්‍රකාශ අනුමත නොකරන බව යි.

ජනක රත්නායක මහතා මාධ්‍ය සංදර්ශන පවත්වන මයික් ටයිසන් කෙනෙකු වී ඇති බව රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා පැවසීය. විජිත් හේරත් මහතා කීවේ මයික් ටයිසන් ගෙනාවේ ආණ්ඩුව බව යි. ඔහුට චරිත සහතික දීමට ඉදිරිපත් නොවන බව ද හේරත් මහතා කී ය.

විපක්ෂයේ අනෙක් කථිකයින් ද කීවේ ඉවත්කිරීමේ යෝජනාවට විරුද්ධ වුවත්, ජනකගේ හැසිරීම නොපිළිගන්නා බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *