ඇමති විමල් වීරවංශ ඉඩම් අක්කර 111 ක් සමග ඇඹිලිපිටිය කඩදාසි කම්හල විකුණයි !

ඇඹිලිපිටියේ ජාතික කඩදාසි කම්හලත් එයට අයිති අක්කර 111 යි රූඩ් දෙකක ඉඩමත් කොරියානු පෞද්ගලික සමාගමකට පවරා දීමට කර්මාන්ත ඇමති විමල් වීරවංශ මහතා කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ. මෙම කම්හල සහ ඉඩම පවරා දී ඇත්තේ කොරියා සපා පැකේජින් නම් සමාගමට ය. එය තිස් අවුරුදු බදු ගිවිසුමක් බව රජය නිවේදනය කොට ඇත. විමල් වීරවංශ මහතා…

නොකඩවා විදුලිය දෙන්නැයි ජනාධිපති යළි නියෝග කරයි

නොකඩවා විදුලිය ලබා දීමට කටයුතු කරන ලෙසත්, එයට අවශ්‍ය ඉන්ධන සහ මුදල් ලබාදෙන ලෙසත්, ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා ඊයේ කැබිනට් රැස්වීමේ දී යලිත් වතාවක් නියෝග කොට ඇත. මාර්තු 5 දා සිට කැපීමකින් තොරව විදුලිය දෙන ලෙස ජනාධිපති තුමා ඇමතිවරුන්ට පවසා තිබේ. ඒ අනුව ක්‍රියාත්මක වන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇමති මණ්ඩලයට ප්‍රකාශ කොට…

අද කොවිඩ් මරණ 32 යි ; නව ආසාදිතයින් 996 යි

කොවිඩ් ආසාදිත මරණ 32 ක් අද දිනයේ තහවුරු කොට ඇති සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නව ආසාදිතයින් 996 ක් හඳුනාගත් බව වාර්තා කොට ඇත. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 16,222 ක් වශයෙනි. මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසා දීත සංඛ්‍යාව සටහන් වන්නේ 646,033 ක් වශයෙනි.

‘මහ බැංකුව දෙනවා කී ඩොලර් දෙන්නේ නැහැ’ – බලශක්ති ඇමති උදය ගම්මන්පිල

  ඉන්ධන සඳහා මහ බැංකු අඛණ්ඩව ඩොලර් නිදහස් කරන බව පැවසුවද මහපොළව තුළ එය ඉටුනොවන බවත් ඩොලර් අඛන්ඩව ලබාදෙන්නේ නම් ඉන්ධන අර්බුදයක් නොමැතිව ඉන්ධන අඛණ්ඩව සැපයිම සහතික කළ හැකි බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද (28) පැවසීය.   තමන් ද ඇමතිවරයෙක් වන ආණ්ඩුව දැන් කළ යුත්තේ ප්‍රමුඛතා හදුනාගෙන ඇපල්, මිදි සහ දොඩම් කාලා කළුවරේ ඉන්නවාද,…

විදේශගතවුවන්ගෙන් ලැබෙන මුදල් වසර 13 කට පසු අඩුම අගය වාර්තා කරයි

  විදෙෂගතවුවන්ගෙන් මෙරටට ලැබෙන මුදල් ප්‍රමාණය වසර 13 ක දී අඩුම අගය වාර්තා කොට ඇති බව මහ බැංකු වාර්තා උපුටා දක්වමින් ඩේලි එෆ් ටී පුවත්පත වාර්තා කරයි. 2022 ජනවාරි මාසයේ එම ලැබීම් සටහන් වන්නේ ඩොලර් මිලියන 259 ක් වශයෙනි . 2021 ජනවාරියේ එම මුදල ඩොලර් මිලියන 675 ක් ලෙස වාර්තා වී ඇත . ඒ අනුව…

අද කොවිඩ් වාර්තා ; මරණ 24 යි , නව ආසාදිතයින් 977 යි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අද නිකුත් කළ නිවේදන මගින් කොවිඩ් ආසාදිත මරණ 24 ක් තහවුරු කොට ඇති අතර නව ආසාදිතයින් 977 ක් හඳුනාගත් බව ද වාර්තා කොට ඇත. මේ වනවිට මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 16,190 ක් වශයෙනි. මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 645,037 ක් වශයෙනි.

දැන් බඩුමිල තීරණය වෙන්නේ කළුකඩ ඩොලර් මිලට, රුපියල පා කිරීමෙන් ලොකු වෙනසක් වෙන්නේ නැහැ – සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා

ආනයන කරුවන් මේ වනවිටත් විදේශ විනිමය සපයා ගන්නේ රුපියල් 250 ක් පමණ ගෙවා කළුකඩ මිලට බවත්, දැනටත් බදු මිල නියම වී ඇත්තේ එම කළුකඩ ඩොලර් මිල අනුව බවත්, එබැවින් වෙළෙඳපොළේ මිල තීරණය වීමට රුපියල පා කිරීමෙන් බඩු මිල විශාල ලෙස වැඩි නොවනු ඇති බවත්, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ…

ආර්ථික ප්‍රතිසංස්කරණ වලට සුදානම් නොවී අයි එම් එෆ් යෑම විසඳුමක් නොවේ – අඩ්වකාටා මෙහෙයුම් අධ්‍යක්ෂ ධනනාත් ප්‍රනාන්දු

ආර්ථිකයේ කළ යුතු ප්‍රතිසංස්කරණ සඳහා සුදානම් නොවී ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ඉල්ලීමෙන් පමණක් අපගේ ආර්ථික අර්බුදයට විසඳුම් නොලැබෙන බව අඩ්වෝකාටා ආයතනයේ මෙහෙයුම් අධ්‍යක්ෂ ධනනාත් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ගන්න ලෙස සම දෙන ම කියන තත්ත්වයක් තුළ මුල්‍ය අරමුදලට යෑමෙන් සියලු ප්‍රශ්න විසඳෙන බව දැන් බොහෝ දෙනා සිත සිටියත්, එය එසේ නොවන…

කියෙව් නගරයට ඇතුළුවීමට හැදු රුසියන් හමුදා පලවා හැරියා – යුක්රේන ජනාධිපති කියයි

යුක්රේන අගනුවර වන කියෙව් නුවරට ඇතුළුවීමට උත්සහ දැරූ රුසියානු ආක්‍රමණික හමුදා පලවා හැරීමට තම හමුදා සමත් වූ බව යුක්රේන ජනාධිපති වොලොදොමීර් සෙලෙන්ස්කි අද ප්‍රකාශ  කළේ ය. තම රටේ බටහිර නගර දක්වා සියලු ප්‍රදේශ වලට රුසියන් ප්‍රහාර එල්ල වී ඇතත්, කෙසේ හෝ සටන්කර රට රක ගනිමු යයි ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලීමක් ද කළේ ය. රටෙන් පිටව ගිය…

අයි එෆ් එම හමුවෙන්න මුදල් ඇමති බැසිල් අප්‍රේල් මාසයේ ඇමෙරිකාවට

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ලබා ගැනීමේ සාකච්ඡා සඳහා මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා අප්‍රේල් මාසයේ ඇමෙරිකාවේ සංචාරය කිරීමට සැලසුම් කොට ඇති බව වාර්තා වෙයි. ඒ සඳහා වන මුලික සාකච්ඡා මේ වන විටත් ආරම්භ වී ඇති බව ද එම වාර්තා වැඩි දුරටත් ප්‍රකාශ කරයි. මුදල් ඇමතිවරයා මෙලෙස මුල්‍ය අරමුදල හමුවීමට යන්නේ…

ලොව මවිත කරමින් සටන් වැදුණු යුක්රේන ජනයා බටහිර ආකල්ප කණපිට හරවති

දැවැන්ත රුසියානු යුද බලය ඉදිරියේ යුක්රේනය දින කිහිපයකින් යටත් වනු ඇතැයි සිතා ඔවුන්ට යුද ආධාර දීම ද ප්‍රතික්ෂේප කර සිටි බටහිර ජාතීන්ගේ එම ස්ථාවරයන් යුක්රේන ජනයාගේ අධිෂ්ටාන සහගත සටන ඉදිරියේ කණපිට හැරී ඇති බව වාර්තා වෙයි. යුධ ආධාර දෙනු වෙනුවට ඇමෙරිකාව සහ ප්‍රංශය කීවේ යුක්රේන ජානාධිපතිවරයා ආරක්ෂිතව රැගෙන යාමට කැමති බවයි. එම යෝජනාව ප්‍රතික්ෂේප කරමින්…

රුපියල පා කරන්නත්, අයි එම් එෆ් යන්නත් කබ්රාල් බෑ ම කියයි ; ඉන්දියානු ණයත් නවතින ලකුණු !

වෙළෙඳපොළේ ඉල්ලුම සහ සැපයුම අනුව රුපියලේ අගය පා කරන ලෙස මුදල් අමාත්‍යංශයේ උපදේශකයින් කළ නිර්දේශ මෙන් ම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ලබා ගැනීම ද තරයේ ප්‍රතික්ෂේප කරන ස්ථාවරයක මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිටින බව වාර්තා වෙයි. රුපියල පා කර එහි නියම අගයෙන් ගනුදෙනු සිදු කිරීමෙන් රටට ඩොලර් ලැබීම වැඩි වී අර්බුදයෙන් මිදීමට…