අයි එෆ් එම හමුවෙන්න මුදල් ඇමති බැසිල් අප්‍රේල් මාසයේ ඇමෙරිකාවට

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ලබා ගැනීමේ සාකච්ඡා සඳහා මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා අප්‍රේල් මාසයේ ඇමෙරිකාවේ සංචාරය කිරීමට සැලසුම් කොට ඇති බව වාර්තා වෙයි.
ඒ සඳහා වන මුලික සාකච්ඡා මේ වන විටත් ආරම්භ වී ඇති බව ද එම වාර්තා වැඩි දුරටත් ප්‍රකාශ කරයි.
මුදල් ඇමතිවරයා මෙලෙස මුල්‍ය අරමුදල හමුවීමට යන්නේ එයට එරෙහිව ආණ්ඩුව ඇතුළේ කණ්ඩායමක සහ මහා බැංකුවේ විරෝධය පළ වී තිබිය දී ය.
කෙසේ වෙතත්, ආර්ථික විද්‍යාඥයන් දිගින් දිගට ම පෙන්වා දුන්නේ මෙම අර්බුදයට මුහුණ දීමට මුල්‍ය අරමුදලේ සහය අවශ්‍ය බව යි.
ඒ සඳහා දැනටත් ප්‍රමාද වැඩි බව මේ වන විට බහුතර මතය වී තිබේ.
