කියෙව් නගරයට ඇතුළුවීමට හැදු රුසියන් හමුදා පලවා හැරියා – යුක්රේන ජනාධිපති කියයි

යුක්රේන අගනුවර වන කියෙව් නුවරට ඇතුළුවීමට උත්සහ දැරූ රුසියානු ආක්රමණික හමුදා පලවා හැරීමට තම හමුදා සමත් වූ බව යුක්රේන ජනාධිපති වොලොදොමීර් සෙලෙන්ස්කි අද ප්‍රකාශ කළේ ය.
තම රටේ බටහිර නගර දක්වා සියලු ප්‍රදේශ වලට රුසියන් ප්‍රහාර එල්ල වී ඇතත්, කෙසේ හෝ සටන්කර රට රක ගනිමු යයි ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලීමක් ද කළේ ය.
රටෙන් පිටව ගිය ජනතාවට ද නැවත පැමිණ සටනට එක්වන ලෙස ද සෙලෙන්ස්කි මහතා කී ය.
ආක්‍රමණිකයාට සහය දැක්වූ බෙලරුස් රාජ්‍යයේ දී සාම සාකච්ඡා කිරීම ද යුක්රේන ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කළේ ය.
රුසියාව කියන්නේ බෙලරුස් හි මින්ස්ක් අගනුවර සාම සාකච්චා පැවැත්විය යුතු බව යි.
යුක්රේනය සමඟ සාකච්ඡා කිරීම සඳහා රුසියන් දූත පිරිසක් බෙලරුස් වෙත පැමිණ ඇති බව ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් පැවසීය.
“එළඹී ඇති එකඟතාවයට අනුව, විදේශ කටයුතු අමාත්‍යාංශයේ, ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ජනාධිපති පරිපාලන ඇතුළු අනකුත් දෙපාර්තමේන්තුවල නියෝජිතයින්ගෙන් සමන්විත රුසියානු නියෝජිත කණ්ඩායම යුක්රේනය සමඟ සාකච්ඡා කිරීම සඳහා බෙලාරුස් වෙත පැමිණ ඇත. එකඟතාවයකට පැමිණීම සඳහා සාකච්ඡා ආරම්භ කිරීමට අපි සූදානම්,”පෙස්කොව් වාර්තාකරුවන්ට පැවසීය.
රුසියාව සාකච්ඡා සඳහා සූදානම් අපි ඉන්නේ යුක්රේනයේ දූත පිරිස එනකන් ක්‍රෙම්ලිනයේ ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.
බෙලරුසියානු විදේශ අමාත්‍යාංශය පැවසුවේ රුසියාව සහ යුක්රේනය අතර සාකච්ඡා සඳහා අවශ්‍ය සියල්ල සූදානම් කර ඇති බවයි.
ජනාධිපති සෙලෙන්ස්කි ප්‍රකාශයට පත් කරන ලද වීඩියෝ පණිවිඩයකින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ යුක්රේනයට රොකට් ප්‍රහාර එල්ල කරන බෙලරුසියාවේ සිට තමන් සාකච්ඡ කිරීමට සුදානම් නැති බවයි.
ජනාධිපති සෙලෙන්ස්කි සාකච්ඡාවට සුදානම් නගර ලෙස පෝලන්තයේ වර්සෝ,හංගේරියාවේ බුඩාපේස්ට් සහ තුර්කියේ ඉස්තාන්බුල් නුවර නම් කර තිබුණි.
මේ අතර රුසියානු හමුදා මේ වනවිට යුක්රේනයේ දෙවැනි ප්‍රධාන නගර වන කර්කිව් වෙත ප්‍රහාර අමින් සිටින බව වාර්තා වෙයි.
