ඩොලර් අර්බුදය : කබ්රාල් බෝලය බැසිල්ට පාස් කරයි

රටේ විදේශ විනිමය සංචිත පිරිහීමේ ප්‍රශ්නයට ඉක්මන් පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා මහා බැංකුව මුදල් අමාත්‍යංශයට දැනුම් දීමක් කර ඇති බව වාර්තා වෙයි. ඒ සඳහා මුදල් අමාත්‍යාංශය ගත යුතු පියවර ගණනාවක් ද ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් අමාත්‍යංශයට දැනුම් දී ඇත. ඒ අනුව , විදේශ ආයෝජන ලබා ගැනීමට, රටේ අපනයන වර්ධනය කිරීමට සහ විදේශ වෙත…

කෘෂිකර්ම ඇමති මහින්දානන්දගෙන් තවත් ” වගකීමෙන් යුතු සහතිකයක් ” !!!

ඉදිරි කාලයේ රටේ සාගතයක් ඇති නොවන බවට තමන් කෘෂිකර්ම ඇමති ලෙස “වගකීමෙන් යුතුව සහතික වන” බව කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේ ය. මාධ්‍ය වෙත ඊයේ විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා මෙම සහතිකය ලබා දුන්නේ ය. ඒ මහතා මෙම ප්‍රකාශය කළේ පවතින තත්ත්වය යටතේ ඉදිරි කාලයේ රටේ සාගතයක් ඇතිවීම වැළක්විය නොහැකි බව ප්‍රකාශ කළ…

|

එක දවසින් කාබනික කරන්න ගිහින් කළ විනාශයට රතන හිමිට ඇඩේනවාලු !

රසායනික පොහොර තහනම් කොට කාබනික ගොවිතැන් කරන්නැයි රජයට අනුසාසන කළයි සමහරු තමන් වහන්සේට ද දොස් කියන බවත්, එසේ වුවත් ආණ්ඩුවේ රසායනික පොහොර තහනම ගැන තමන් කිසිවක් දැන නොසිටි බවත්, එකවර කාබනික කරන්නට උපදෙස් නොදුන් බවත්, පුජ්‍ය අතුරලියේ රතන හිමියෝ අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළහ. එකවර කරන්නට ගොස් කාබනික ගොවිතැන වැනි වටිනා සංකල්පයක් විනාශ වීම ගැන…

“හාල් නැත්නම් මුං ඇට කාපල්ලා” – ඇමති චමල් රාජපක්ෂ ( හාල් කිලෝව රු: 150/= යි , මුං ඇට කිලෝව රු: 750/= යි )

හාල් හිගයක් දැනටත් රටේ පවතින බවත්, එබැවින් මහජනයා මුං ඇට, කවුපි, මඤ්ෙඤාක්කා ආදිය කෑමට හුරුවන ලෙසත්, ඇමති චමල් රාජපක්ෂ මහතා මහනුවර මහා මළුවේ දී පෙරේදා ප්‍රකාශ කළේ ය. තම ප්‍රදේශයේ විශාල මුන් අස්වැන්නක් ලැබී ඇති බවත්, රජය ඒවා මිල දී ගන්නා බවත්, ඇමතිවරයා වැඩි දුරටත් කී ය. හාල් හිගය නිසා රුපියල් 150 කට සහල් මිල…

කොමියුනිස්ට් පක්ෂයේ සභාපති කොල්ලුරේ ගුරුවරුන්ගේ පඩි කපන බව කියයි

21 වැනි දින පාසල් නොපැමිණෙන ගුරුවරුන්ගේ වැටුප් නතර කරන බවට සහ වැටුප් කපන බවට, මෙරට ප්‍රධාන වාමාංශික පක්ෂයක්ව තිබු ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ වත්මන් සභාපති සහ වයඹ ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා ප්‍රකාශ කොට ඇත. එම ගුරුවරුන්ට 25 දින පාසල්වලට ඇතුළු වන්නට ඉඩ නොදෙන බවට ද කොමියුනිස්ට් පක්ෂ නායකයා තර්ජනය කරයි. ඔහු එම තර්ජන කරන්නේ මෙරට…

සහල් අඩුවට දීම මගේ වගකීමක් නොවේ – මහින්දානන්දගෙන් අලුත් බයිලාවක් !

සහල් අඩුමිලට ලබාදීම තම වගකීමක් නොවන බව කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා දැන් ප්‍රකාශ කරයි. ඒ මහතා දැන් කියන්නේ තමන්ගේ වගකීම වන්නේ ගොවීන්ට වී සඳහා ඉහළ මිලක් ලබා දීම පමණක් බව යි. විද්‍යුත් නාලිකාවක සජීවී වැඩ සටහනකට අද උදේ සහභාගී වෙමින් ඒ මහතා කීවේ ” කෘෂිකර්ම ඇමතිවරයා විදිහට මගේ වගකීම තියෙන්නේ ගොවියාට ඉහළ මිලක් ලබා…

බාර් ඇරිල්ල බැලන්ස් කරයි ; පොත් සාප්පු අරින්නත් අවසර දෙයි

නිරෝධායන ඇඳිරි නීතිය පවතිද්දී පොත් සාප්පු විවෘත කිරීමට ද රජය අවසර දී තිබේ. මත්පැන් අලෙවි සල් විවෘත කිරීමට රජය පසුගිය සතියේ අවසර දුන් අතර ඒ පිළිබඳව විවේචන එල්ල වෙමින් තිබිය දී පොත් සාප්පු විවෘත කිරීමේ අවසරය හිමි වී තිබේ. බාර් එකට යනවා කියා එලියට යන්නට මහජනයාට ගිය සතියේ අවස්ථාව ලැබුණු අතර දැන් පොත් සාප්පුවට යනවා…

රාජ්‍ය ඇමති ධුරයෙන් ලොහාන්ගේ අස්වීම ගැන ජනාධිපති මාධ්‍ය අංශය බොරු කියලා !

බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරු පුනරුත්තාපන රාජ්‍ය ඇමති ධුරයෙන් ලොහාන් රත්වත්තේ මහතා ඉල්ලා අස්වීම ගැන ජනාධිපති මාධ්‍ය අංශය, මාධ්‍ය වෙත බොරු තොරතුරු සපයා ඇති බව හෙළිදරව් වෙයි. මෙම තොරතුරු හෙළි වන්නේ රත්වත්තේ මහතා මාධ්‍යයට කළ ප්‍රකාශ මගිනි. ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ ලොහාන් රත්වත්තේ මහතා තමන් අතින් සිදු වූ වරද පිළිගෙන සිය ඉල්ලා අස්වීම භාරදුන් බව…

මෙරට ජනතාවට රෙදි අවශ්‍ය නැති බව මහ බැංකුව තීරණය කරයි !

රෙදිපිළි ඇතුළු භාණ්ඩ ගණනාවක් මෙරට ජනතාවට අත්‍යවශ්‍ය නොවන බව තීරණය කොට ඇති ශ්‍රී ලංකා මහ බැංකුව එම භාණ්ඩ ආනයනය සඳහා අමතර කොන්දේසි පනවා තිබේ. කොවිඩ් තත්ත්වය තුළ පාසල් දරුවන්ගේ මාර්ගගත අධ්‍යාපනයට මෙන් ම ,රජයේ සහ පෞද්ගලික අංශ සේවකයින්ගේ නිවසේ සිට වැඩ කිරීමට අත්‍යවශ්‍ය වී ඇති ජංගම දුරකථන , ස්ථාවර දුරකථන, පරිගණක ඇතුළු සන්නිවේදන උපකරණ ද…

” හාල් නාට්‍යයේ නවතම තොරතුරු ” – කුසුමිත මුදිත් පෙරේරා

වී මිලත් , හාල් මිලත් අතර පැවතිය යුතු පරතරය කුමක්දැයි නොදත් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ රජයේ අද පොළොන්නරුවේ මහා පරිමාණ මෝල් හිමියන්ගේ සහල් තොග යම් ප්‍රමාණයක් සතොස වෙත ලබා ගැනීමට කටයුතු කරනු ලැබ තිබෙනවා .. මේ සදහා රාජ්‍ය නිළධාරීන් 50 පමණ වාහන 15/20 ( සතොස ලොරි හැර ) පොළොන්නරුව පුරා මේ වන විට කැරකෙනු දක්නට පුලුවන්…..

පාදෙනිය යනු මම කැමතිම චරිතයකි – සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා 

වෛද්‍ය පාදෙනිය යනු මම කැමතිම චරිතයකි. නිර්මාණශීලී මිනිසෙකි. හැමදෙයක් ගැනම විකල්ප මතයක් ඔහුට ඇත. සමාන්‍ය මිනිස්සුන්ට නොපෙනන දේ ඔහුට දැනේ. දෙවියන් සහ යක්ෂයන් සමග සන්නිවේදනයයට ඔහුට ඇති හැකියාව දුර්ලභය . ඔහුම කියන පරිදි , ඔහු නාථ දෙවියන්ගේ “දේව සභාවේ” සමාජිකයෙකි. ඔහුගේ සොයාගැනීම් සහ අදහස් ශ්‍රී ලාංකික අපේ හිත්තුළ පැළපදියම් කිරීමට ඔහු සමත්වී ඇත. එලෙස බලනවිට…

වෛද්‍ය පාදෙණිය ඇතුළු සියලු වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ දමයි

රජයේ ප්‍රබල උපදේශකයකු වී සිටින විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා ඇතුළු රජයේ සේවයේ සියලු වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 63 දක්වා ඉහල දම තිබේ. ඒ අනුව රජයේ සේවයේ නියුතු සියලුම ශ්‍රේණීන්ට අයත් සියලු වෛද්‍ය නිලධාරීන්ගේ අනිවාර්යය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 63 දක්වා දීර්ඝ වනු ඇත. ඊයේ රාතියේ නිකුත් කළ ඇති විශේෂ ගැසට් නිවේදනයක් මගින්…