වෛද්‍ය පාදෙණිය ඇතුළු සියලු වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ දමයි

රජයේ ප්‍රබල උපදේශකයකු වී සිටින විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා ඇතුළු රජයේ සේවයේ සියලු වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 63 දක්වා ඉහල දම තිබේ. ඒ අනුව රජයේ සේවයේ නියුතු සියලුම ශ්‍රේණීන්ට අයත් සියලු වෛද්‍ය නිලධාරීන්ගේ අනිවාර්යය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 63 දක්වා දීර්ඝ වනු ඇත.

ඊයේ රාතියේ නිකුත් කළ ඇති විශේෂ ගැසට් නිවේදනයක් මගින් මෙය සිදුකොට තිබේ.

රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මඟින් ඊට අදාළ ගැසට් පත්‍රය ඊයේ (30) නිකුත් කෙරුණි.

වෛද්‍ය  නිලධාරීන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහය  සංශෝධනය කිරීම සඳහා පසුගිය අප්‍රේල් මස 20 වනදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන තිබේ.

මීට පෙර රජයේ සේවයේ නියුතු සියලුම ශ්‍රේණිවලට අයත් වෛද්‍ය නිලධාරීන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60ක් වු අතර එය පසුගිය වසරේ දි 61ක් දක්වා දීර්ඝ කර තිබුණි.

වෛද්‍ය සේවයට සමාන වෙනත් වෘත්තීන්හි විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව පෙර පරිදි ම වයස අවුරුදු 55 සහ 60 වශයෙන් පවතියි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *