ඵීස්සට දැමූ කකුල් මාට්ටු
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යෝජිත විසිවැනි සංශෝධනය සම්බන්ධයෙන් මෙය ලියන මොහොත වනවිටත් පවතින්නේ විශාල අවිනිශ්චිත තත්ත්වයකි. මීට පෙර වරෙක පෙනී ගියේ එයට සියලූ පක්ෂවල සහාය ලැබී ක්‍රියාත්මක වන තත්ත්වයට පත්ව තිබෙන බවයි. විසඳා ගැනීමට තිබෙන එකම ප්රශ්නය පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සංඛ්‍යාව ඉහළ යාම බව පෙනෙන්නට තිබිණි. එසේ වුවද ඉන් පසුව දක්නට ලැබුණේ සියල්ල අවුල් ජාලයක් වන බවකි. එක් අතෙකින් පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව වැඩි වීමට විරුද්ධත්වයක් පැන නැඟී තිබේ. අනෙක් අතට කුඩා පක්ෂ සියල්ල දැන් එක හඬින් කියන්නේ විසි වැනි සංශෝධනය සැකසීමේදී තම අදහස් සැලකිල්ලට ගෙන ඇති බවයි. මනාප ක්‍රමය අහෝසි කිරීමටත් කොට්ඨාස අනුව මන්ත්‍රීවරුන් පත්වන ක්රමයකටත් තමන් විරුද්ධ නැතත් කුඩා පක්ෂවලට අභියෝගයක් නොවන ලෙස ඡන්ද පත්‍රිකා දෙකක් මගින් ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රමයක් අවශ්‍ය බව කුඩා පක්ෂ එක හඬින් කියා සිටිති. ඔවුන් කියන්නේ වත්මන් සංශෝධන යෝජනාව ප්‍රධාන පක්ෂ දෙකේ අවශ්‍යතා පමණක් සලකා සකස් කරන ලද්දක් බවයි.
පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සංඛ්‍යාව දෙසිය විසි පහක් වන ලෙස සකස් කළ සංශෝධන යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සඳහා මුලදී ඉදිරිපත් කොට තිබිණි. එක්සත් ජාතික පක්ෂය කීවේ මන්ත්‍රී සංඛ්‍යාව දෙසිය විසි පහකට වඩා වැඩි නොවිය යුතු බවය. ඇත්ත වශයෙන්ම නම් එම විරෝධය මුලින්ම ඉදිරිපත් කළේ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ නිල නොවන නායකයා ලෙස කැපී පෙනෙන තත්ත්වයකට පත්ව සිටින දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා විසිනි. එය ඔහු ඉදිරිපත් කළේ මහජන එක්සත් පෙරමුණේ ස්ථාවරය වශයෙනි. ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ වන එක්සත් ජාතික පක්ෂයත් එම ස්ථාවරයම ගත් විට මුලින් කී යෝජනාව නන්නත්තාර වීම නොවැළැක්විය හැකිය.
ඊළඟට වාර්තා වූයේ මන්ත්‍රී සංඛ්‍යාව දෙසිය විසි පහක් වන යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු බවයි. සුළුතර ජාතීන් නියෝජනය කරන පක්ෂ හා කුඩා පක්ෂ සියල්ලම කීවේ තමන් යෝජනා ඉදිරිපත් කළේ මන්ත්‍රී ධුර දෙසිය පනස් පහක් වන යෝජනාවට බවයි. දෙසිය විසි පහේ යෝජනාව සාකච්ඡාවට ගැනීමට එම කුඩා පක්ෂ සූදානම් නැති බව පෙනෙන්නට තිබිණි. දැන් ඔවුන් කියන්නේ ඡන්ද කොට්ඨාසයේ ජයග්‍රහණය සඳහා එක ඡන්දයක් හා දිස්ත්‍රික් සමානුපාතික ක්‍රමයෙන් පක්ෂවලට නියෝජිතයන් හිමිකර ගැනීමට තවත් ඡන්දයක් ලෙස ඡන්ද දෙකක් අවශ්‍ය බවයි. විසි වැනි සංශෝධනය පිළිබඳ සාකච්ඡාවේදී කුඩා පක්ෂවල මෙම යෝජනාව මීට පෙරද ඉදිරිපත් කරන ලද නමුත් එය ප්‍රතික්ෂේප කරන ලද්දේ සංකීර්ණ හා ප්‍රායෝගික වශයෙන් ප්‍රශ්න මතුවිය හැකි ක්‍රමයක් වශයෙනි.
කෙසේ වෙතත් මෙම ඉල්ලීම යළිත් මතුවීමත් සමඟ දැන් සිදුවී තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසි වැනි සංශෝධනය සම්මත කර ගැනීම කොට උඩ යන තත්ත්වයකට නිර්මාණය වීමයි. ඒ සමගම යළිත් ඉස්මත්තට පැමිණ ඇත්තේ පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස කරන ඉල්ලීමයි. එක්සත් ජාතික පක්ෂය පසුගියදා ජනාධිපතිවරයාට යැවූ ලිපියකින් කීවේ විසිවැනි සංශෝධනයට එකඟත්වයක් නැති බව හා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අවශ්‍ය බවයි.
ඇත්ත වශයෙන්ම නම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කළ යුතුව තිබුණේ පසුගිය අප්‍රේල් මාසයේ අවසානයේදීය. ඊට පෙර මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම ද කළ යුතුව තිබිණි. එසේ සැලසුම්වල තිබූ නමුත් මැතිවරණ ක්‍රම සංශෝධනය සඳහා එකඟත්වයක් ඇතිකර ගැනීම තරමක් කල් ගතවන ක්‍රියාවක් බව බෙහෝ දෙනා දැන සිටියහ. එසේ වුවද එයට උත්සාහයක් දැරිය යුතු බව බොහෝ දෙනාගේ පිළිගැනීම වී තිබිණි. වත්මන් පාලනයේ දින සියයේ වැඩපිළිවෙළ වෙනුවට එය දින එකසිය පනහ ද ඉක්මවා යාමට ඉඩ ලැබී තිබෙන්නේ එම පිළිගැනීම නිසාය.
මෙම කරුණු මෙතරම් දිග්ගැසෙන්නේ එම ප්රශ්නවල තිබෙන සංකීර්ණත්වය නිසා පමණක් නොවන බවද පෙනෙන්නට තිබෙන කාරණයකි. මෙයට යටින් ක්‍රියාත්මක වන්නේ දේශපාලන බල අරගලයකි. ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට සිදුවී තිබෙන්නේ කකුලෙන් ඇදීම් රාශියකට මුහුණ දෙමිනි. පසුගිය කාලයේ අපට පෙනෙන්නට තිබුණේ එම තත්ත්වයයි.
විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහනව වන සංශෝධනය සම්මත කර ගැනීමට උත්සාහ දැරූ විට විපක්ෂය කීවේ මැතිවරණ ක්‍රමය ද ඒ සමගම සම්මත කිරීම අත්‍යවශ්‍ය බවයි. සමහරුන් කල්පනා කළේ එම චේතනාව යහපත් බවයි. එසේ වුවද මෙම ලියුම්කරු ඒ මොහොතේදී ද පෙන්වා දුන්නේ දහනවයට විස්ස ඈඳන්නට යන්නේ ඒ දෙකම නොකෙරෙන වෙදකම් බවට පත්කිරීමට විය හැකි බවයි. එදා මෙදා තුර සිදුවීම්වලින් තහවුරු වන්නේ එම කල්පනාව නිවැරැදි බවයි. දිගටම අපට දකින්නට ලැබෙන්නේ සහාය දෙන බවට ඉච්චා බස් දොඩමින් කකුලෙන් ඇදීමේ සෙල්ලමකි.
රටට අත්‍යාවශ්‍ය ව්‍යවස්ථා සංශෝධනයක් ලෙස සැලකුණු දහනව වන සංශෝධනය මගින් ජනාධිපති බලතල සීමා කිරීම සම්මත කිරීමට නියම කළ දිනයේ විපක්ෂය වෙනත් ප්‍රශ්නයක් යොදාගෙන පාර්ලිමේන්තුවේ විරෝධයක් ක්‍රියාත්මක කළේය. බොහෝ විචාරකයන්ට පවා එය පෙනී ගියේ විකාරයක් වශයෙනි. එමෙන්ම දහනවයට සහාය දෙන්න නොයෙකුත් කොන්දේසි දැමුණු අයුරු ද කාටත් මතකය. ඉන් එකක් නම් මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමයි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර එය සම්මත කරන බව ජනාධිපතිවරයා පොරොන්දුවක් දුන්නත් අන්තිමේදී සම්මත කරන්නට වූයේ විපක්ෂයට අවශ්‍ය පරිදි කපා කොටා සකස් කළ සංශෝධනයකි.
දහනවය සංශෝධනය සම්මත වීමත් සමගම විගණන පනත හා තොරතුරු දැන ගැනීමේ පනත සම්මත කිරීමට ආණ්ඩුව සැලසුම් කොට තිබිණි. ඒ සඳහා එම පනත් දෙක ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුකොට තිබුණේ ව්‍යවස්ථානුකූලභාවය විභාග කරන්නටය. හදිසි පනත් ලෙස සම්මත කිරීම සඳහා ආණ්ඩුව ගත් එම ක්‍රියාමාර්ගය ගැන විපක්ෂය කීවේ වැරැදි වැඩක් බවය. හදිසි පනත් ලෙස එම පනත් ඉදිරිපත් නොකළ යුතු බව විපක්ෂයේ තර්කය විය. ආණ්ඩුව කළේ එම පනත් දෙක අකුලා ගැනීමයි. සාමාන්‍ය වැඩි ඡන්දයක් ප්‍රමාණවත් මෙම පනත් ඉදිරියේ පත්වන පාර්ලිමේන්තුවකදී සම්මත කර ගන්නා බව ආණ්ඩුව කියයි. ඒවා දැන් ඉදිරිපත් කරන ලෙස හෝ සම්මත කරන ලෙස හෝ විපක්ෂය ද ඉල්ලන්නේ නැත. මේවා කරන්නට ඉඩ නොදීම තම ජයග්‍රහණයක් ලෙස විපක්ෂය සිතනවා විය හැකිය.
ව්‍යවස්ථාදායක සභාව පත්කිරීම දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීම සඳහා ප්‍රධාන අවශ්‍යතාවකි. ආණ්ඩුව ඒ සඳහා පියවර ගත්තේ ව්‍යවස්ථාවේ සඳහන් පරිදි විපක්ෂ නායකවරයා ද සහභාගි කර ගනිමිනි. එසේ වුවද එහි ඇද කුද දකින්නට හා පෙන්වන්නට විපක්ෂයට කිසිදු බාධාවක් වූ බවක් පෙනෙන්නට නැත.
දැන් විපක්ෂය කියන පරිදි ව්‍යවස්ථාදායක සභාවේ අගමැති කතානායක හා විපක්ෂ නායක සිටිය හැකි නමුත් ඇමැතිවරුන්ට සිටිය නොහැකිය. ජනාධිපති එයට තම නියෝජිතයා ලෙස චම්පික රණවක ඇමැතිවරයා පත්කිරීම වරදක් බව විපක්ෂය කියයි. අගමැතිගේ නියෝජිතයා ලෙස විජයදාස රාජපක්ෂ ඇමැතිවරයා පත්වීම ද ඒ අනුව වරදකි. එපමණක් නොවේ. එම සභාවට යෝජිත සිවිල් සමාජ නියෝජිතයන් නම් කළේ අගමැති හා විපක්ෂ නායක දෙදෙනාගේ එකඟත්වයෙන් වුවද මේ විපක්ෂයට ඒවා අදාළ නැත.
මේ නිසා දැන් ව්‍යවස්ථාදායක සභාව සම්පූර්ණයෙන් පත්වී නැත. මේ නිසා සාමාජිකයන්ගෙන් තීරණ ගතහොත් එයට ද ලෙඩ අදින්නට විපක්ෂය සූදානම් බව කියති. එනිසා ස්වාධීන මැතිවරණ කොමිසම තවම පත්කරගත නොහැකිය. පොලිස් කොමිසම, අල්ලස් හෝ දූෂණ කොමිසම ආදී අනෙක් කොමිෂන් සභා ගැනද තත්ත්වය ඒ හා සමානය. මේ වළෙන් රට ගොඩ දැමීමේ වගකීම දැන් පැවැරී තිබෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිිරිසේන මහතා හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්රමුඛ ආණ්ඩුවටය. ඔවුන් ගන්නා ඕනෑම ක්‍රියාමාර්ගයකට ලෙඩ අදින්නට විපක්ෂය සූදානම් බව පෙනෙන්නට තිබේ.
විපක්ෂයේ ඉන්නේ කවුදැයි කල්පනා කරන විට පෙනෙන්නේ එහි ප්‍රධාන කොටස ලෙස ඉන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොටසක් බවයි. ඉහත කී හැසිරීම ඔවුන්ගේය. විපක්ෂයේම සිටින ජනතා විමුක්ති පෙරමුණේ හා දෙමළ ජාතික සන්ධානය වැනි පක්ෂවලින් දකින්නට ලැබෙන්නේ වෙනත් දේශපාලනයකි. අනෙක් අතට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ තවත් කොටසක් ඉන්නේ ආණ්ඩුවේය. ආණ්ඩුවේත්, රජයේත් නායකයා ලෙස සිටින්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයාය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයාය. විපක්ෂයේ සිටින සන්ධාන කණ්ඩායම මේ ලෙඩ දමන්නෙත් තමන්ගේම නායකයාගේ වැඩපිළිවෙළටය. දැන් විශාල අවුලක් ලෙස රට ඉදිරියේ පෙනී යන්නේ මේ අමුතු දේශපාලන නාඩගමයි.
දැන් සමහරුත් කියන්නට පටන්ගෙන තිබෙන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා උගුලකට හසුවූ බවකි. එම උගුලට ජනාධිපතිවරයා හසුවන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය භාර ගැනීමත් සමගය.
මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයට තරග කරන්නේ විපක්ෂයේ පොදු අපේක්ෂකයා වශයෙනි. ඔහු විපක්ෂයේ පොදු අපේක්ෂකයා වන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආණ්ඩුවට එරෙහිවය. ශ්‍රීලනිපයේ හා සන්ධානයේ අපේක්ෂකයා මහින්ද රාජපක්ෂයි. ශ්‍රීලනිපයෙන් ඉවත්ව විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස තරග කොට මෛත්‍රීපාල සිරිසේන මහතා පරාජය කරන්නේ සන්ධානය හා ශ්‍රීලනිපයයි. ඒ සඳහා සන්ධානයෙන් ඉවත්වූ තවත් පිරිසක් ද ජනාධිපතිවරයා හා එක් වුහ.
ජනාධිපතිවරණය ජයගත් මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සහාය පළ කරන්නට ශ්‍රීලනිපයේ තවත් පිරිස් එළියට බහින්නට පටන් ගත් බවක් පෙනෙන්නට තිබිණි. අප්පච්චී මළා කියාගෙන එම පෙරහර පටන් ගන්නා විට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලස්සන ගේමක් ගැහුවේය. එය නම් ශ්‍රීලනිපයේ නායකත්වය සිරිසේන මහතාට භාරදීමයි. එදා එසේ කළේ පක්ෂය බෙදීම වළක්වන්නට බව ප්‍රකට විය. මෛත්‍රීපාල සිිරිසේන ජනාධිපතිවරයාත් ඔහු සමඟ සිටි කණ්ඩායමත් සිතන්නට ඇත්තේ දැන් ශ්රීලනිපය සිරිසේන මහතාගේ වැඩපිළිවෙළට සහාය දෙන්නට ගෙඩි පිටින් ඉදිරිපත් වනු ඇති බවයි. කියන කොටම කීවේ එහෙමය එසේ වුවද සිදු වූයේ වෙනත් දෙයකි.
එදා ශ්‍රීලනිපයේ නායකත්වය සිරිසේන මහතාට භාර නුදුන්නේ නම් හෝ ඔහු එය භාර නොගත්තේ නම් හෝ දේශපාලනයේ දෙපාර්ශ්වය පැහැදිලිව බෙදෙන්නට ඉඩ තිබිණි. ජනාධිපතිවරයාගේ යහපාලන වැඩපිළිවෙළට ඇත්තටම සහාය දෙන්නේ කවුදැයි ඒ අනුව තීරණය කළ හැකිව තිබිණි. එසේ වූයේ නම් ඊට අදාළ තම උපාය උපක්‍රමය තීරණය කරන්නට ආණ්ඩුවට හැකියාව තිබිණි. එසේ වුවද සිදුවූයේ වෙනත් දෙයකි. දේශපාලන අවුලක් ලෙස පෙනී යන තත්ත්වය නිර්මාණය වූයේ ජනාධිපතිවරයා ආණ්ඩුවෙත් විපක්ෂයෙත් නායකයා වීමත් සමගය.
ජනාධිපතිවරයා සම්බන්ධයෙන් දැන් ගොඩනැගී ඇති තත්ත්වය ලැදියාවන්ගේ ගැටුමක් වශයෙන් හැඳින්වීම ද නිවැරැදිය. මහජනයා මෙම ජනාධිපතිවරයා බලයට පත්කර ගන්නා ලද්දේ යහපාලන වැඩපිළිවෙලක් සඳහාය. ඒ සඳහා ප්රජාතන්ත්ර විරෝධී පාලනයක් පෙරළා දමන ලද්දේය. එම ප්රජාතන්ත්ර විරෝධී පාලනයේ නියෝජිතයන් හා ආරක්ෂකයන් වශයෙන් සිටින්නෝ සන්ධාන නායක කාරකාදීහුය. එම පක්ෂය පරාජයට පත්වීය. දැන් යහපාලන යටතේ ප්‍රධාන ප්‍රකාශකයා නැතහොත් නියෝජිතයා එයට එරෙහිව සිටි බලවේගයේ නායකයා ලෙස පත්වී ඇත. එම පක්ෂය තවමත් පෙනී සිටින්නේ යහපාලනයට එරෙහි වැඩපිළිවෙලක් සඳහාය. යහපාලනයේ නායකයා එයට එරෙහි බලවේගයේ නායකයා ද වීම ලැදියාවන්ගේ, ගැටුමක් වන්නේ ඒ නිසාය.
කෙසේ වෙතත් යහපාලනය වෙනුවෙන් පෙනී සිටි බොහෝ දෙනා ජනාධිපතිවරයා ශ්‍රීලනිප නායකත්වය ගැනීම ප්‍රශ්නයක් ලෙස දුටු බවත් පෙනෙන්නට නැත. බොහෝ දෙනා සිතන්නට ඇත්තේ දැන් ශ්රීලනිපය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යහපාලන වැඩපිළිවෙළට සහාය දෙනු ඇතැයි යනුවෙන් විය හැකිය. කෙසේ වෙතත් දැන් පෙනෙන්නට තිබෙන්නේ එය ඒකාරයෙන් සිදු නොවූ බවයි. කෙසේ වෙතත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මේ වන තෙක්ම නොසැලී තම වැඩපිළිවෙළ වෙනුවෙන් පෙනී සිටින බවද පැහැදිලිය. විසිවැනි සංශෝධනය සම්මත කරවීමට ජනාධිපතිවරයා දරන උත්සාහයෙන් ද පෙනෙන්නට තිබෙන්නේ එම කාරණයයි.
දැන් සන්ධානයේ තවත් පිරිසකට ද ජනාධිපතිවරයා ලැදියාවන්ගේ ගැටුම් මත සිටින බව පෙනෙන්නට පටන්ගෙන ඇත. ඔවුන්ට පෙනෙන්නේ සන්ධානයේ නායකත්වය භාරගත් සිරිසේන මහතා ඔවුන්ගේ බල දේශපාලන වුවමනා අනුව කටයුතු නොකිරීම වරදක් බවයි. ඇමැතිවරුන් කිහිපදෙනකු තනතුරු අත හරින්නේත් වාසුදේව වැනි මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාට ප්‍රසිද්ධියේ බැණ වදින්නට පටන්ගෙන ඇත්තේත් ඒ නිසාය.
ජනාධිපතිවරයා මෙම ගැටුමේ ඉදිරියට තල්ලූ කරන බලවේගයක් ද වන බව පෙනෙන්නට තිබේ. එය නම් ජනාධිපතිවරණ සටනේදී ජනාධිපතිවරයාට කිට්ටු වූ නමුත් එජාපය සමඟ පෑහෙන්නට සූදානම් නැති පිරිසයි. ඔවුන්ගේ පැහැදිලි වුවමනාව නම් මේ සමස්ත ක්‍රියාදාමය තුළ එජාපය ශක්තිමත් වීම වැළැක්වීමයි. ජනාධිපතිවරයාට ඉතා සමීප බව පෙනෙන ජාතික හෙළ උරුමය වැනි සංවිධාන තම ගේම සැලසුම් කළේ කල් ඇතුවමය. විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස පක්ෂ සංවිධාන හතළිස් නවයක් එක් ගිවිසුමකට අත්සන් කරද්දී හෙළ උරුමය වෙනම ගිවිසුමක් අත්සන් කිරීමේ සිට එම දේශපාලන ව්‍යාපෘතිය හෙමින් සීරුවේ ක්‍රියාත්මක විය. එජාපය ප්රමුඛ ආණ්ඩුවක කනිෂ්ඨ සාමාජිකයන් වීමට මොවුන් සූදානම් බවක් පෙනෙන්නට නැත. ඔවුනට අවශ්‍යව ඇත්තේ සන්ධානයේම ආණ්ඩුවක් විය හැකිය. එසේ නම් දැන් ඔවුනට උදාවී තිබෙන්නේ එජාපයත් සමඟ ගනුදෙනු බේරාගැනීමේ මොහොතයි. මේ ඇතැම් දේ සිදුවන්නේ ඔවුන්ගේ එම වුවමනාවට අනුව වීමට ඉඩකඩ ඇති බව සිහි තබා ගැනීම වැදගත්ය.
මේ වන තෙක් ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් කීවේ ඉදිරි කාලයේ ජාතික ආණ්ඩුවක් ක්‍රියාවට නඟන බවකි. එසේ වුවද ඊයේ පෙරේදා ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව වාර්තා වූයේ එජාපය සමඟ සියලූ සම්මුති දින සීයෙන් අවසන් බවකි. ඉදිරියේදී අවශ්‍ය වන්නේ සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීම බවකි. මෙය අනාගත දේශපාලනයේ ගැටුම් සම්බන්ධයෙන් ඉඟියක් සපයන ප්‍රකාශයක් ද යන්න ගැන සිතා බැලීම වැදගත්ය.
එජාපය ද සිටින්නේ උගුලක සිරවූ තත්ත්වයකටය. එයට සතුරා ලෙස සිටින්නේ මිතුරාගේ නායකත්වයෙන් යුතු සන්ධානයකි. අනෙක් අතින් ඒ මිතුරාට පිටුපසින් සිටින සතුරන්ගෙන් ද පරිස්සම් විය යුතුව ඇත.
පෙනෙන්නට තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවැනි සංශෝධනය පමණක් නොව මෙරට දේශපාලනයේ සියලූ ඉදිරි පියවරයන් ද මෙම දේශපාලන බල ගැටුම තුළ සිර වී ඇති බවයි. එසේ වුවද දේශපාලන ප්‍රතිසංස්කරණ ඉල්ලා නැඟී සිටි ජනයාගේ පිපාසය තවමත් අවසන් නැත. මහජනයාගේ එම අභිලාෂ මුදුන්පත් වන තෙක් සටන නිම වන්නේ ද නැත. මහජන අභිලාෂ හමුවේ දේශපාලන ගේම් ගහන උදවියට පාඩම් ඉගැන්වීමට ද ජනතාව පසුබට නොවනු ඇත. කවුරුන් වුවද ඒ බව සිහි තබාගෙන ක්‍රියා කිරීම ඇඟට ගුණය.
