ගුවනේ අපරාධ – ශ්‍රී ලන්කන් සමාගමේ ප්‍රකෝටි ගණනක් කෑ හැටි – සී ජේ අමරතුංග

එමිරේට්ස් සමාගම ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කළමනාකරණ ගිවිසුම අවසන් කොට ඉවත්ව ගියේ 2008 මාර්තු 31 වැනිදාය. හරියටම අදට වසර අටකට කලිනි. ඔවුන් ගියා කියා කීමට වඩා නිවැරැුදි වන්නේ එළවාගත්තා කියා කීමය. එම සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී පීටර් හිල්ට දී තිබූ ශ්‍රී ලංකා වීසා අවලංගු කොට ඔහු එළවා දමන ලද්දේ ඊට වසරකට පෙරයි. දේශපාලන නිරීක්‍ෂකයන් කියන්නේ එය මෙරට දේශපාලන නායකයන්ගේ මහන්තත්ත්වය නැත හොත් උද්ධච්ඡුකම නිසා බවය. එයට අදළ සිදුවීම වූයේ ලන්ඩන් නුවරදීය.

ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ලන්ඩන් නුවරට ගොස් සිටියේ අසූවකට වැඩි පිරිසක්ද සමගය. එවකට විදේශ අමාත්‍යාංශ අධීක්‍ෂණ මන්ත‍්‍රී ලෙස පත්ව සිටි සචින් වාස් ගුණවර්ධන මහතා ශ්‍රී ලංකන් ගුවන් සමාගමට දැනුම් දුන්නේ ජනාධිපතිවරයා ඇතුළු පිරිසට ඊළඟ ශ්‍රී ලංකන් එයාර් ගුවන් යානයෙන් කොළඹට පැමිණීමට අවශ්‍ය බවයි. මෙබඳු ගමනකදී සාමාන්‍යයෙන් කළ යුත්තේ කල් තබා ආසන වෙන්කර ගැනීමයි. මෙහිදී මෙම ඉල්ලීම කළේ අන්තිම මොහොතේය. ඒ වන විට ගුවන් යානයේ ආසන වෙනත් මගීන් විසින් වෙන්කොට ගෙන තිබිණි.

අසූ දෙනකුට ආසන වෙන් කිරීම සඳහා ඒ වන විට ආසන වෙන්කරගත් මගීන් හිරිහැරයට පත්කිරීමට අකැමැත්ත ප‍්‍රකාශ කළ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ විධායක නිලධාරී පීටර් හිල් මහතා කීවේ ජනාධිපතිවරයාටත් තවත් පස් දෙනකුටත් පමණක් ආසන ලබාදිය හැකි බවයි. එමිරේට්ස් පරිපාලනය සමඟ මෙරට නායකයන්ගේ වෛරය ආරම්භ වන්නේ එම සිදුවීමෙනි. ආසන වෙන්කරගත්  මගීන් එළියට ඇද දමා තමන්ගේ හෙන්චයියන්ට ඉඩ දීමට කැමැති නොවූ පීටර් හිල්ගේ වීසා අවලංගු කොට එළවා දමන්නේ එම සිදුවීමත් සමඟය. ඉන් පසුව එමිරේට්ස් සමාගම ශ්‍රී ලංකා රජයට දන්වා සිටියේ ශ්‍රී ලංකන් එයාර් කළමනාකරණ ගිවිසුම තව දුරටත් දිගු කිරීමට තමන්ට අවශ්‍ය නැති බවයි.

එමිරේට්ස් සමාගම මෙරටින් පිටව ගිය 2008 වසරේ ඔවුන් ගියේ ශ්‍රී ලංකන් එයාර් සමාගමේ ලාභය ලෙස රුපියල් බිලියන 9.3ක්ද රැුගෙනය. ඒ ඔවුන්ට හිමි සියයට හතළිහක කොටස් සඳහා ලාභයයි. ශ්‍රී ලංකා රජයට හිමිව තිබූ සියයට හැට සඳහා ලැබුණු ලාභය ගණන් බලා ගත යුතුය. එලෙස ලාභදායක ගුවන් සේවයක් මෙරටට භාරදී එමිරේට්ස් සමාගම ඔවුන්ගේ කොටස් ද ශ්‍රී ලංකා රජයට විකුණා දැමීය.

2008 වන විට එලෙස ලාභ ලබමින් සිටි සමාගම් පාලනය ඊළඟට භාරගන්නේ ශ්‍රී ලංකා රජයයි. එයට පත්කළේ හිටපු ජනාධිපතිගේ මස්සිනා වූ නිශාන්ත වික‍්‍රමසිංහයි. ඔහුට ගුවන් සේවා ගැන කිසිදු පළපුරුද්දක් දැනුමත් නොතිබූ බව කවුරුත් දැන සිටි කරුණකි. කෙසේ වෙතත් අද මෙන්ම එදා ද අපේ නායකයන් කීවේ අප කරලා පෙන්නන්නම් කියාය. ඒ කෙරුවාව හෙළිවන්නේ දැන්ය. ඒ පිළිබඳ තොරතුරු රාජ්‍ය ආයතන සංවර්ධන ඇමැති කබීර් හසීම් මහතා පසුගියදා හෙළිදරව් කළේය.

2009 බිලියන නවයක් ලාභ ලැබූ ශ්‍රී ලංකන් එයාර් සමාගම ඉන් පසුව දිගටම පාඩුය. එය එසේ මෙසේ පාඩු ලැබීමක් නොවේ. වර්ෂයකට රුපියල් බිලියන 18ක් 20ත් තරම් පාඩුය. 2015 දක්වා වසර හතක පාඩුවේ එකතුව රුපියල් බිලියන 128කි. එය කෙතරම් විශාල මුදලක් දැයි සිතාගත යුත්තේ මෙරට ලක්‍ෂ හැත්තෑවක ජනතාව සමෘද්ධි ආධාර ලබාදීමට වැය කළේ වසරකට බිලියන 12ක් පමණක් බව සලකන විටදීය.

ශ්‍රී ලංකන් එයාර් සමාගමේ මෙම පාඩු පියවාගෙන ඇත්තේ භාණ්ඩාගාරයෙන් ලබන මුදලිනි. නැතහොත් භාණ්ඩාගාරයේ ඇපවීම මත බැංකු හා වෙනත් ආයතනවලින් ලබාගත් මුදලිනි. එබඳු ආයතන හතකට සමාගම ණය වී ඇති මුදල ඩොලර් මිලියන 518කි.
ලෝස් නැතිව ශ්‍රී ලංකන් එයාර් සමාගමේ මුදල් වියදම් කර ඇති ආකාරයද දැන් හෙළිදරව් වෙමින් පවතී. එහි එක් සේවිකාවකට සේවය කිරීමට තිබුණේ අරලියගහ මැදුරේ නාමල් රාජපක්‍ෂ මහතාගේ කාර්යාලයේය. වැටුප හැත්තෑපන් දහසකි. ඉන්ධන දීමනා ඊට අමතරවය. ඒ සඳහා ඉදිරිපත් කර ඇති ඇතැම් බිල්පත්ද ව්‍යාජ බවද හෙළිදරව් වී ඇත. එලෙස ඇයට නීති විරෝධී ලෙස ගෙවා ඇති මුදල රුපියල් විසිඅට ලක්‍ෂයකට වැඩිය. මේ මුදල් පියවන්නට වන්නේ මෙරට සාමාන්‍ය ජනයාගෙන් අයකරන බදු මගිනි.
ශ්‍රී ලංකන් සමාගමේ පාලකයන් ගුවන්යානා ගනුදෙනුවලින්ද හොද්ද බොරකරගෙන ඇති බව පැහැදිලිය. ඒවාට ගෙවා ඇති මුදල සාමාන්‍ය වෙළඳපොළ මිලට වඩා සියයට තිහකින් පමණ වැඩි බව හෙළිදරව් වී ඇත. සාමාන්‍යයෙන් මෙබඳු ගනුදෙනුවලදී වෙළඳපොළ මිල තුළද කොමිස් මුදල් ඇති බව දන්නෝ දනිති. එම මුදලට තවත් ගාණක් එකතු කරන්නේ කාගෙ කාගේ හෝ සාක්කුවලට දාගන්නටය. මේවා දැන් විදේශ රටවල තිබෙනවා කියන ගිණුම්වලට බැරවී තිබිය හැකිය.

තම තමන්ගේ හිතවතුන්ට රැුකියා දීම සඳහා ද මෙම සමාගම යොදාගෙන ඇති බව පැහැදිලිය. ගුවන් යානා 21ක් පමණ ඇති සමාගමේ සේවක සංඛ්‍යාව 6800කි. එක් ගුවන් යානයකට සේවකයන් 300 කට වැඩිය. අපගේ ගුවන් යානයක ගමන් කළ හැකි සාමාන්‍ය මගී සංඛ්‍යාවද 140ක් පමණ වෙයි.  කිසිදු ගුවන් සමාගමක ගුවන් යානයක් සඳහා මෙතරම් සේවක පිරිසක් නැති බව කියති. මෙයින් පෙන්නුම් කරන්නේ ශ්‍රී ලංකන් එයාර් පාලකයන් තම හෙන්චයියන් නඩත්තුවට හා තම හොද්ද බොර කර ගැනීමට මහජන මුදල් කොල්ල කා ඇති ආකාරයයි.

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය ඇමැති ඉරාන් වික‍්‍රමරත්න මහතා පසුගියදා පාර්ලිමේන්තුවට ප‍්‍රකාශ කළේ ශ්‍රී ලංකන් එයාර් ආයතනයේ සිදුවී ඇති මෙම මූල්‍ය අපරාධය පරීක්‍ෂා කළ යුතු බවයි.

කෙසේ වෙතත් මෙම අපරාධය ගැන කෙරෙන පරීක්‍ෂණද ඉදිරියට යන බවක් පෙනෙන්නට නැත. මේ ගැන පළමු හෙළිදරව්ව කරන ලද්දේ දින සියයේ ආණ්ඩුවෙන් පත්කළ ජේ.සී. වැලිඅමුණ කමිටුව මගිනි. සමාගමේ සිදුවී තිබූ මූල්‍ය වංචා ¥ෂණ ගැන එම වාර්තාවේ සඳහන් වීය. එය නිකුත් වී මේ වන විට වසරක පමණ කාලයක් ගත වී ඇත. එසේ වුවද එම වාර්තාවෙන් හෙළිදරව් කළ තොරතුරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුවූ බවක් පෙනෙන්නට නැත.

බරපතළ ¥ෂණ ගැන පරීක්‍ෂා කරන ජනාධිපති කොමිසමද මෙම කරුණ පිළිබඳව පරීක්‍ෂණයක් ආරම්භ කළේය. එසේ වුවද එම වාර්තාවෙන් හෙළිදරව් කළ තොරතුරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු වූ බවක් පෙනෙන්නට නැත.

බරපතළ ¥ෂණ ගැන පරීක්‍ෂා කරන ජනාධිපති කොමිසමද මෙම කරුණ පිළිබඳව පරීක්‍ෂණයක් ආරම්භ කළේය. එසේ වුවද  සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරියාව සිටි නිශාන්ත වික‍්‍රමසිංහ මහතා සොයා ගැනීමට නැත. ඔහුගේ බිරිඳ කීවේ තම සැමියා වසර තුනකින් නිවසට නොපැමිණි බවයි. පසුව නිශාන්ත වික‍්‍රමසිංහ මහතා දන්වා සිටියේ තමන් විදේශගතව සිටින නිසා කොමිසම හමුවට පැමිණිය නොහැකි බවයි. ඒ කියන්නේ පරීක්‍ෂණ තවත් දිග්ගස්සන බවයි.

දැන් මතුවන තවත් ප‍්‍රශ්නයක් නම් ශ්‍රී ලංකන් එයාර් සමාගම ගොඩගන්නේ කෙසේද යන්නය. ණය බර අහස උසට නැග ඇත. ඇණවුම් කළ ගුවන් යානා ගනුදෙනුව අවලංගු කිරීම අපහසුය. අවලංගු කළහොත් එයින් ද යම් පාඩුවක් දරාගන්නට සිදුවෙයි. මෙම තිබෙන ණයට පොලිය ගෙවමින් සමාගම ලාබ ලබන තත්ත්වයට පත්කිරීමද පහසු නැත. ගුවන් සමාගම් ව්‍යාපාරයද ඉතාමත් තරගකාරීය.
මෙලෙස ශ්‍රී ලංකන් සමාගම පාඩු ලබද්දී පසුගිය රජය තවත් සමාගමක් පටන් ගත්තේය. ඒ මිහින් එයාර් සමාගමයි. එයද පාඩු ලබා එහි පාඩුවද ගෙවන්නට වී ඇත්තේ මෙරට සාමාන්‍ය ජනයාටය.

මේ තත්ත්වය යටතේ ශ්‍රී ලංකන් එයාර් සමාගම ගොඩ ගන්නට නොව වළලා දමන්නට සිදුව ඇතැයි කබීර් හසීම් ඇමැතිවරයා ප‍්‍රකාශ කොට තිබිණි. ඒ කියන්නේ ප‍්‍රශ්නය එතරම් බරපතළ බවයි.

සාමාන්‍යයෙන් රටක ජනතාවගෙන් බදු අයකරන්නේ මහජන සේවා පවත්වාගෙන යන්නටය. රජය නඩත්තු කරන්නටය. ජාතික ආරක්ෂාව, නීතිය හා සාමය රැුකීම, සෞඛ්‍ය අධ්‍යාපන හා වෙනත් සුබසාධක සේවා පවත්වාගෙන යාම කළ හැකි වන්නේ මහජනයාගෙන් අයකරන බදු මුදලිනි. එම බදුවල ප‍්‍රතිලාභ මහජනයාට ලැබිය යුතුය. එසේ වුවද කවුරුන් හෝ මහජන මුදල් විනාශ කරන්නේ නම් හා කොල්ලකන්නේ නම් එයින් මහජනයාට කිසිදු ප‍්‍රතිලාභයක් ලැබෙන්නේ නැත. එම විනාශයන්ට ද ගෙවන්නට වන්නේ ජනතාවටය. එය යන්නේ මහජනයාගේ සීනි, පරිප්පු, තේකොළ, කරවල ආදියට ගෙවන බදු මුදලිනි. එයින් සිදුවන්නේ මහජනයාගේ ජීවන බර වැඩිවීමයි. ශ්‍රී ලංකන් සමාගමේ මුදල් කාබාසිනියා කිරීම බරපතළ අපරාධයක් වන්නේ ඒ නිසාය.

විලච්චියේ ගැමියන්, වතුකරයේ කම්කරුවන් ඇතුළු මෙරට ජනතාවගේ බහුතරයක් කිසි දිනෙක ගුවන් ගමනක් නොයනවා විය හැකිය. ගුවන් ගමනක් ගියත් ඒ හැම යන්නේ ශ්‍රී ලංකන් ගුවන් යානාවලම නොවේ. මෙරටට ගුවන්සේවා සපයන වෙනත් සමාගම් 27ක් ඇත. ඒ සෑම ගුවන් සේවාවකින්ම ශ්‍රී ලාංකිකයෝ සේවය ලබාගනිති. ඒ කිසිවකට මෙරට ජනතාවගේ බදු මුදලින් ගෙවීමට සිදුවන්නේ නැත. එම සමාගම් සපයන්නේ ද එකම සේවයකි. ඇතැම් සමාගම් එම සේවය සලසන්නේ ශ්‍රී ලංකන් සමාගමට වඩා අඩු මුදලටය. ඉතින් අප අපේ ජාතික ගුවන් සේවයට කියා විශාල ලෙස බදු ගෙවමින් මෙම සේවා පවත්වාගෙන යා යුත්තේ ඇයි? එය විසඳුම් සෙවිය යුතු ප‍්‍රශ්නයකි.
අනෙක් අතට මෙලෙස පාඩු ලබා ඇත්තේ සාමාන්‍ය තත්ත්වයක් නිසා නොවන බව පැහැදිලිය. මෙම සේවය ලාබදායක ලෙස පවත්වාගෙන යා හැකි බව එමිරේට්ස් පාලනය පෙන්වා දී ඇත. එලෙස ලාභ ලබමින් සිටි සමාගම පවරාගෙන මහජන මුදල් කාබාසිනියා කිරීම සමාව නොදිය යුතු අපරාධයකි. එමෙන්ම එය සිදුකොට ඇත්තේ මහජන මුදල් කොල්ලකෑමක් වශයෙනි.
1979 වන තෙක් මෙරටේ ජාතික ගුවන් සේවය වූයේ එයාර් සිලෝන් සමාගමය. පාඩු ලබා එය වසා දමා එයාර් ලංකා සමාගම ගොඩනගන ලද්දේ ලාභ ලබන්නටය. එයද පාඩු ලබන විට 1998 දී එය කළමනාකරණය එමිරේට්ස් සමාගමට පවරනු ලැබීය. ජාතික ගුවන් සේවය ශ්‍රී ලංකන් එයාර් වූයේ ඉන් පසුවය. එමිරේට්ස් යටතේ එය ලාභ ලබන තත්ත්වයට පත් කරනු ලැබීය.  අපේ පාලකයන් කළේ එම සමාගමට පස්ස පැත්තට පහර ගසා එළවා දැමීමය. ඒ අපගේ අහංකාරකමේ තරමය. මේ නිසා දැන් අපට තවත් එබඳු ගිවිසුමකට යාමේදී පවා  විශ්වාසය පිළිබඳ ප‍්‍රශ්නයක් මතුවීම නොවැළැක්විය හැකිය. එබඳු තත්ත්වයක් ඇති කිරීමද රටකට කරන අපරාධයකි.

දැන් අපට දුන්නොත් කරලා පෙන්වන්නම් කියමින් පපුවට ගසා ගත්තේ රටට මෙබඳු අපරාධ කළ නායකයන්ය. දැන් මේ එළියට එන්නේ ඒ අයට දී තිබූ කාලයේ කොරපු ආකාරයයි. එවැනි අපරාධ නැවත කරන්නට මෙරට බහුතර ජනතාව ඉඩදෙනු ඇතැයි කිසිවෙක් කල්පනා කළ යුතු නැත.

අපට සතුටු විය හැකි කාරණය නම් මෙබඳු අපරාධ තවත් දුරදිග යන්නට ඉඩ නොතබා නවතන්නට මෙරට බහුතර ජනතාව ඉදිරිපත් වීමයි. එහිදී බොහෝ දෙනා එම සටනට ස්වේච්ඡුාවෙන් හා කැපවීමෙන් දායක වූ බව අපි දනිමු. ඇතැමුන් මෙයට දායක වූයේ ජීවිත පරිත්‍යාගයෙනි. මෙම සටන ජය නොගත්තේ නම් අපගෙන් බොහෝ දෙනාට ඇතිවන්නට තිබූ ඉරණම සිතා ගැනීමට පවා අපහසුය. එමෙන් ම රටටද අත්වන්නට තිබූ විශාල විනාශයක් අපට වළකාගත හැකි විය.

දැන් සටන් කළ යුතුව තිබෙන්නේ මෙම ජාතික අපරාධ කළ වුන්ට ගැලවී යාමට නොදී අල්ලා ගැනීමය. මෙම අපරාධය මෙන්ම මෙබඳු වෙනත් ජාතික අපරාධ ගැන ද හොඳින් පරීක්‍ෂාකොට අපරාධකරුවන් දඬුකඳේ ගැසීමට අත්‍යවශ්‍යය. අප එසේ කියන්නේ ඔවුන් පිළිබඳව ඇති වෛරයකින් නම් නොවේ. මෙබඳු අපරාධ කළ වුන්ට ගැලවී යන්නට ජනතාව ඉඩ නොතබන බව අද ඉන්න පාලකයන්ට හා ඉදිරියට බලයට එන්නට සිටින උදවියට ද පෙන්නුම් කිරීමටය. මෙබඳු අපරාධ කිරීමට වෙනත් කිසිවකු ඉදිරිපත් නොවන්නේ එසේ කළහොත් පමණකි.

සී ජේ අමරතුංග

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *