ආචාර්ය එරික්ට සවන්දෙන්න – අකුරැස්සේ වින්සන් ප්‍රනාන්දු

ආචාර්ය එරික් තවුසේක්ට් අනෛතික ණය අවලංගු කරවීම සදහා වන ජාත්‍යන්තර අනේතික කමිටුවේ Committee for the Abolition of Illegitimate Debit (CADTM International ) ප්‍රකාශකයා ඔහු සමඟ අමරා ඉස්මයිල් කළ සම්මුඛ සාකච්ඡාවක් 2018 අප්‍රේල් 19 ඩේලි මිරර් පුවත්පතේ පළවී තිබුණා

. ජාත්‍යන්තර ණය උගුලක පැටලී ඒවාට පොලී ගෙවන්නට ජාතික ආදායමක් මදිවන තත්ත්වයක පසුවන ලංකාවේ ආණ්ඩුව කෙසේවෙතත්, බුද්ධිමත් ජනතාව කල්පනා කරන්නට වටින කරුණු රැසක් ඒ ලිපියේ අඩංගුව තිබුණා . ආණ්ඩුවට කෙසේවෙතත් කියන විශේෂණය මත මෙහිදී සෙවුවේ අපේ ආණ්ඩු එවැනි කරුණු ගැන කොතරම් කල්පනා කරයිද කියන සැකයක් පවතින නිසයි. ඇත්තෙන්ම ලංකාවේ ආණ්ඩුවට ආචාර්ය එරික් තවුසෙන්ට් ගේ අදහස් වලින් උගතහැකි පාඩම් බොහොමයි.

එම සාකච්ඡාවේදී අමාරා ඉස්මයිල් “ශ්‍රී ලංකාව ණය උගුලක පැටලී තිබෙනවා. ඔබ හිතන්නේ ශ්‍රී ලංකාවට වැරදුනේ කොතනද? ” කියා ප්‍රශ්න කරනවා. එහිදී ආචාර්ය එරික් පවසන්නේ ණය ප්‍රශ්නය යනු ආණ්ඩුවේ ආදායම සමඟ මතුවන ගැටලුවක් බවයි .ධනවතුන්ගෙන ආණ්ඩුව බදු ගන්නේ නැත්නම් ඒ අඩුව පුරවන්නට ණය සම්බන්ධයෙන් ඔහු කියන මේ අදහස ඉතා වැදගත්. ඒ මෙසේය .
” ණය ප්‍රශ්නය කියන්නේ ආණ්ඩුවේ සංවර්ධන මොඩලයේ ආකෘතිය පිළිබඳ ප්‍රශ්නයක් .මං හිතන ආකාරයට ශ්‍රීලංකාවේ ආණ්ඩුව වැරදි විදියට අපනයන මූලික සංවර්ධනය ආකෘතියකට සහයෝගය දුන්නා .අපනයන මූලික (සංවර්ධන ) ආකෘතියකදී සිද්ධ වෙන්නේ දේශීය නිශ්පාදකයන් අපනයන කරන්න දිරිගන්වන අතරේ,ආණ්ඩුව පාරිභෝගික භාණ්ඩ ආනයනය කිරීම . නමුත් යතාර්ථය නම් තමන්ගේ පරිභෝජනය තමන්ට රට තුළ නිපදවා ගන්න ඕන.දේශීය නිශ්පාදකයාට දේශීය අවශ්‍යතාව සම්පූර්ණ කරන්න ආණ්ඩුව උදව් කරන්න ඕන .

Amra Ismail ගෙන් තවත් ප්‍රශ්නයක්
මෙහෙමයි, ” ණය ගැනීමට එක හේතුවක් , යටිතල පහසුකම් ව්‍යාපෘති වලට පහසුකම් සැපයීම. ණය උගුලක නොවැටී යටිතල පහසුකම් නැංවීමේ ව්‍යාපෘතිවලට සහයෝගය දීමට සහ සංවර්ධනය කරන්නට ඔබ දෙන උපදේශය කුමක්ද ? ”

එයට ආචාර්ය එරික් දෙන පිළිතුර මෙයයි .
” මෙය ආණ්ඩුවේ ආදායමට නැත්නම් ආණ්ඩුවෙන් පනවන බදු වලට සම්බන්ධයි. ආහාර වැනි මූලික අවශ්‍යතාවන්ට පනවන වැට් අයින් කරන්න ඕන. සුඛෝපභෝගී භාණ්ඩ වලට වැට් ඉහළ දමන්න ඕන. එමගින් රාජ්‍ය ආදායම ඉහළ නංවා ගෙන යටිතල පහසුකම් සදහා ආයෝජනය කරන්න පුලුවනි . අභ්‍යන්තර ණය අපේක්ෂා කිරීම වරදක් නැතිවුණත් ආණ්ඩුව බාහිර ණය යැපීම අඩු කරන්න ඕන.
“අනෛතික ණය අවලංගු කිරීමටත් නොගෙවා සිටීමටත් ඔබ උපදෙස් දෙනවා.ඔබේ අදහස් අනුව ශ්‍රීලංකාවේ කොයි ව්‍යාපෘතියට ගත් ණයද අවලංගු කල හැකි? ” යනුවෙන් අමාරා ඉස්මයිල් අහන පැනයට ආචාර්ය එරික් දෙන පිළිතුර මෙසේය .

” විශාල මුදල් සම්භාරයක් වැය කලත් ජනගහනයෙන් බහුතරයට ප්‍රතිලාභ නොලැබෙන ව්‍යාපෘති ණය විගණනයක් කරන්න අවශ්‍යයි.මුදල් විශාල වශයෙන් වැයවෙන මෙගා ප්‍රොජෙක්ට් සංවර්ධනය කරනවා නම් එයින් ජනතාවට ලැබෙන ප්‍රතිලාභයක් පෙන්වන්න නැත්නම් ඒවා අනෛතික ණය වශයෙන් හදුන්වන්න පුලුවනි ”

(සූරිය වැව ක්‍රීඩාංගණය,හම්බන්තොට සම්මන්ත්‍රණ ශාලාව ,මත්තල ගුවන් තොටුපළ ආදී පසුගිය පාලන සමයේ මෙගා ප්‍රොජෙක්ට් කීයක් ඔබගේ මතකයට නගාගන්න පුලුවන්ද ? ඒ සියල්ල අනෛතික ණය අවධරණය මගෙන් ) ණය උගුලේ පටලැවීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම මගහරවා ගැනීම කල හැකි බවයි ආචාර්ය එරික් එම සාකච්ඡාවේදී පෙනවා දෙන්නේ. ඔහු මෙසේ කියනවා;
” උදාහරණයක් වශයෙන් 2008 ඉක්වදෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනෛතික ණය නොගෙවිය යුතු බව ප්‍රකාශ කරනවා.ඒ වගේම ඒ ව්‍යවස්ථාවෙන් පුරවැසි සහභාගිත්වයෙන් යුතු ස්ථාවර විගණන ක්‍රියාවලියක් ප්‍රවර්ධනය කරනවා.

පෞද්ගලික ණය ,පොදු (Public ) ණය බවට පරිවර්තනය කල නොහැකි බවත් ව්‍යවස්ථාවේ දැක්වෙනවා. ණය ගිවිසුම් අත්සන් කළ යුත්තේ ව්‍යාපෘතියේ ආදායමෙන් ණය ගෙවීමට ණය ලබාදෙන රට අවසර දෙන්නේ නම් පමණක් බවත් ව්‍යවස්ථාවේ වැඩිදුරටත් සදහන් .ඒ අනුව ඔබටත් අනෛතික ණය ගැනීම් වලක්වන වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුලත් කරන්න පුලුවනි.”
ඉහත කරුණු වලට අමතරව එකී සාකච්ඡාව තුළ ග්‍රීක ණය පිළිබඳ සත්‍ය කොමිසමේ ඔහු ලද අත්දැකීම් ,ණය විගණනය,චීනයට හම්බන්තොට වරාය අවුරුදු 99කට පැවරීම වැනි කරුණු පිළිබඳත් සාකච්ඡා කර තිබුණා .ඇත්ත වශයෙන්ම එම සාකච්ඡාව ආණ්ඩුවේ ප්‍රතිපත්ති සම්පාදකයන්වත් සාමාන්‍ය ජනතාවත් කියවා ගැනීම වැදගත් .

ඉක්වදෝරයේ ණය පිළිවෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාගතකොට තිබීම වැනි කරුණත්, අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සශෝධනයක් පිළිබඳ කතිකාවක් මෙරට පවතින මේ මොහොතේ ව්‍යවස්ථා සම්පාදකයන්ගෙන් ජනතාවගේත් අවදානයට යොමු වන්නේ නම් කොතරම් වටින්නේද? විධායක ජනාධිපති ක්‍රමය වැනි සාම්ප්‍රදායික කරුණු වලටම ගාල්වී ඇති අපේ ව්‍යවස්ථා සංශෝධනයට ණය උගුලෙන් ගැල්වීම වැනි සංකල්පත් අඩංගු කරන්නට යමෙක් උත්සහ ගනීද?
ග්‍රීක සත්‍ය කොමිසමේ විද්‍යාත්මක සම්බන්ධීකාරකවරයා වශයෙන් කටයුතු කිරීම ඔස්සේ ලැබූ අත්දැකීම් අනුව ආචාර්ය එරික් කියන්නේ, එම කොමිසමේදී සිදුකලේ 2015 සිට ග්‍රීක රජය ට්‍රොයිකාවෙන් එනම්,ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ,යුරෝපියන් සංගමයේ මධ්‍යම බැංකුව ,සහ යුරෝපීය කොමිසමෙන් ලබාගත් ණය පිළිබඳ විශ්ලේෂණයක් කල බවයි. එම කොමිසමේ කටයුතු රූපවාහිනිය ඔස්සේ විකාශනය කළ බවත් ඔහු පවසනවා. ඒ අනුව කොමිසමේ කටයුතු ජනතාව හමුවේ නිරාවරණය වුණා.එකී කොමිසමේ සොයාගත් කරුණු අනුව ග්‍රීක ණය අනෛතික බව තහවුරු වුණු බව ආචාර්ය එරික් පවසනවා .

හේතුව ණය දෙන්නන් ණය සපයා තිබුණේ ;ජර්මන් ,ප්‍රංශ ,බෙල්ජියම් මහාපරිමාණ පෞද්ගලික බැංකු කරුවන්ට ප්‍රතිලාභ ලැබෙන අයුරින් නිසයි . එය කියවූ මට සිතුනේ අපේ රටත් බැදුම්කර කොමිසම්,එෆ්සීඅයිඩී වලට වඩා කලයුතු මෙන්ම ඊටවඩා වැදගත් වෙන තවත් දේ තිබෙනවාද කියායි.

අකුරැස්සේ වින්සන් ප්‍රනාන්දු

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *