මහින්දට එරෙහිව ගම්මන්පිලත් !

ඒකාබද්ද විපක්ෂයේ නොනිල නායක මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත බන්දුල ගුනවර්දන ,ප්‍රසන්න රණතුංග මහත්වරුන් ප්‍රකාශ කොට ඇති පරිදි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට සහය දීමට තම පක්ෂයද විරුද්ද බව උදය ගම්මන්පිල මහතාගේ නායකත්වයෙන් යුතු පිවිතුරු හෙළ උරුමය පක්ෂය කියයි . එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් තුශාර දිසානායක මාධ්‍ය සාකච්චාවකට එක් වෙමින් මේ බව ප්‍රකාශ කොට ඇත . මීට පෙර විමල් වීරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණ ද ප්‍රහාරාත්මක මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්  විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට සහය දීමට තම විරුද්දත්වය ප්‍රකාශ කළේය .

පවතින නීතිමය තත්වය අනුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සිදු නොවුනහොත් මහින්ද රාජපක්ෂ මහතාට තරග කිරීමේ අවස්ථාව අහිමි වෙයි . විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළහොත් මහින්ද රාජපක්ෂ මහතාට අගමැති දුරයට තරග කිරීමට අවස්ථාව ලැබේ . විමල් වීරවංශ , උදය ගම්මන්පිල කණ්ඩායම උත්සහ දරන්නේ මහින්ද රාජපක්ෂ මහතාට  ඉඩ නොදී ගොටාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් කිරීමටය .

මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කොට ඇත්තේ ජනාධිපතිවරණයට තරග කිරීමට ගොටාභය රාජපක්ෂ මහතා සුදුසු නැති බවයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *