විශ්වාසභංගය කොට උඩ නිසා මාධ්‍යයෙන් තග දමා අගමැති එලවන උත්සහයක් !
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කොට ඇති විශ්වාසභංගය පරදින බව පෙනීයන නිසා ඇතැම් ජනමාධ්‍ය යොදාගෙන කරන ප්රචාරක ව්‍යාපාරයකින් අගමැතිවරයා ඉල්ලා අස්වන තත්වයක් ඇතිකිරීමට ශ්‍රීලනිප පිරිසක් අසාර්ථක උත්සාහයක යෙදී සිටින බව දේශපාලන විචාරකයෝ කියති . විශ්වාසභංගය දිනන්නේ නම් 4දා ට පෙර රනිල් අස්කිරීමේ තදියම කුමක්දැයි ඔවුහු ප්‍රශ්නකරති .
ඒකාබද්ධ විපක්ෂයට ද විශ්වාසභංගය ජයගැනීමට වුවමනාවක් නැති බවත් ඔවුන්ගේ ඉලක්කය මෛත්‍රී පිලෙන් පිරිසක් කඩාගෙන ජනාධිපති තවත් දුර්වලකිරිම පමණක් බවත් විචාරකයින්ගේ අදහසයි . මෙම යෝජනාව නිසා ශ්රීලනිපය දෙපිල බෙදී ඇත්තේ එයට පක්ෂව හා විපක්ෂව වශයෙනි . රනිල්ට එරෙහිව විශ්වාස භංගයට චන්දය දෙන්නට ඉදිරිපත් වන පිරිසගේ වුවමනාව වී ඇත්තේ ද එය ජය ගැනීම නොව විපක්ෂයට එකතුවීම බව කියති . ඒකාබද්ධ විපක්ෂය විශ්වාසභංගය ඉදිරිපත් කළේ මෙම පිරිසගේ වුවමනාව අනුවය .
විශ්වාසභංගයට මුහුණ නොදී අගමැතිවරයා එළවීමට හදන්නේ ශ්‍රීලනිපයේ මෙම බෙදීම වලක්වාගැනීමට බව විචාරකයෝ කියති .
