ජාතිවාදයට ඉඩ දෙමුද? – ජගත් හේමචන්ද්‍ර

පසුගිය දා අම්පාර නගරයේ මුස්ලිම් ජාතිකයෙකගේ හෝටලයක කෑම ගන්නා විට එම කෑම වල තිබු පිටිගුලි වඳ පෙති බවට කරන ලද කාල ගෝට්ටියෙන් වෙළඳසැල් කිපයක්ම ගිනි බත් විය. ඉන් අනතුරුව මහ පාරේ ඇති වු සිද්ධියකින් පසු මහනුවර දිස්ත්‍රික්කයේ තැන් කිහිපයක ඇති වු තවත් කාල ගෝට්ටියකින් ජිවිත කිපයක් අකාලයේ මිලින වු අතර වෙළඳසැල් කිපයක් ගිනි රකුසාට බිලි විය. මේ සිද්ධින් දෙකම ආණ්ඩුව සංහිදියාව ඇති කිරිමට උත්සාහ කරන මොහොතක සිදු විය යුතු සිද්ධින් නොවන බව සඳහන් කරනු කැමැත්තමි.

මහින්ද රාජපක්‍ෂ යුගයේ දී මුස්ලිම් විරෝධි ව්‍යපාරයක් බොදු බල සේනාව විසින් ජනගත කරන ලදි. එහි උච්චම අවස්ථාව වුයේ බේරුවල, ධර්ගා නගරයේ සිදු කල විනාශයයි. එම විනාශයට නායකත්වය දුන් චිවරධාරින්ට නීතියේ පිහිටද නොඅඩුව ලැබුණු බව අප හොඳින් දන්නා කරුණකි. දිගන ප්‍රදේශයේ ඇති වු සිද්ධියේ දී මහසෝන් බලකායේ නායක යැයි කියා ගත් අයෙක් සමාජ ජාල හරහා කරන ලද ප්‍රකාශය අන්ත ජාතිවාදී ප්‍රකාශනයක් වන අතර පිළකුලෙන් යුතුව හෙලා දැකිය යුතු ප්‍රකාශයකි. ඔහු කිවේ කුමක්ද? දිගන නගරයේ වෙළඳසැල් වලට බෙදිම සඳහා පත්‍රිකා 2000ක් මුද්‍රනය කර පැමිණියත් සිංහල වෙළඳ සැල් 20ක් වත් නොමැති බවය. ඔහු සිංහල විරත්වය මවා පාමින් පැවසුවේ මේ නගරයේ බිස්නස් කිරිමට සිංහලයින්ට ඉඩදිය යුතු බව නේද? එයින් ගම්‍ය වෙන්නේ මෙතන ජාති වාදයක් නොව වෙළඳසැල් හිමියන් අතර තරගයකි. ඒ ජාති වාදින් නොදන්නවා ඇති, කිරිබත්ගොඩ නගරයේ සිංහල නොවන කිසිවෙකුට වෙලඳසැල් පවත්වාගෙන යැමට ඉඩක් නොමැති බව මෙය ඇත්තටම බිස්නස් කරුවන් විසින් පෝෂණය කරනු ලබන ව්‍යපාරයක් සහ මතවාදයක් බව අපි දනිමු. එමෙන්ම කෙටි මාවත් වලින් කෛරාටිකව බලයට කැසකවන දේශපාලුවන් ද මෙයට අත් උදව් දෙන බවද දනිමු.

මෙහි අරමුණ ජාති වාදය අවුස්සා ජනතාවගේ පිහිටෙන් බලයට ඒමත් එමෙන්ම ජාති වාදයට පින් සිදු වෙන්න ජනතාව සුරා කෑමත් මිස වෙන දෙයක් නොමැත. ඒ සඳහා මේ අඥානයින් රැළ මුලු රටත්, ආර්ථිකයත් අගාධයට ඇද දැමීමට කටයුතු කිරිම කොතරම් පිළිකුල් සහගත ක්‍රියාවන්ද යන්න සුලු වෙන් හෝ බුද්ධියක් ඇති අයෙකුට වටහගත හැක. ජාතින් අතර වෛරය පතුරවන සිංහල ජනතාවට බොරු ආදරයක් පතුරුවන මේ අඥාණයින් කිසිවිටකත් මැද පෙරදිගට ශ්‍රමිකයින් යැවිම නවත්වන ලෙසටත්, ආරාබියෙන් එන ඉන්ධන ගෙන්විම නවත්න ලෙසට කිසිදු උද්ඝෝෂණයක නොකරති. ශ්‍රමිකයින් හරහා එම රටවලින් අප රටේ ආර්ථිකයට ගලා එන රියාල්, ඩිනාර් එපා නොකියති. නියම සිංහලයින් නම් එම ආදායම් ඉවත දමන ලෙසට ඉල්ලිමක් කලයුතුය. එවිට අපේ ආර්ථිකයට සිදු වන විනාශය දැක ගත හැකිය. මුස්ලිම් ප්‍රජාවට ද යමක් කිවයුතු අවස්ථාව මෙයයයි සිතමි. අතලොස්සක් වු ජාතිවාදි සිංහලයන් මෙන්ම ඒ හා සමාන ජාති වාදය අවුස්සන මුස්ලිම් ජනතාවක් ද සිටින බව අපට අද්දැකීමෙන් කිව හැක. මුස්ලිම් ජනතාව වැඩි වශයෙන් ජිවත් වන කන්තන්කුඩි වැනි ප්‍රදේශවල නිතිය ක්‍රියාත්මකවිම කුමන ආකාරයෙන් සිදු වේදැයි සැකයකි. එම ප්‍රදේශවල පොලිසියේ වැඩි දෙනා සිංහල භාෂාව කතා කරන බැවින්, ඔවුන් අතර සන්නිවේදනය හරි හැටි සිදු නොවන බව අද්දැකිමෙන් දනිමි. එවිට නීතිය ක්‍රියාත්මක කල යුතු පොලිසිය එම ප්‍රදේශවල අසරණ තත්වයකට පත් විම නිසා එම ප්‍රදේශවල තරුණ කොටස් නීතියට පිටින් කටයුතු කිරිම හේතුවෙන් එය නීතිය හා සාමය පවත්වාගෙන යාමට අවහිරතාවයකි. එමෙන්ම තම ජාතිය හුවා දැක්විම සඳහා කාන්තාවන් මුහුණ සිට දෙපතුල දක්වා වසාගෙන අදිනු ලබන ෆර්දාව ඇදුමද අද ප්‍රශ්නයක් වි ඇත. එම ඇදුමෙන් සිටි පතාලයකු මැතකදි අත් අඩංගුවට පත් විය. ඔස්fටි්‍රලියාව, ඉන්දියාව, ප්‍රංශය, වැනි රට වල සිටින මුස්ලිම් කාන්තාවට එවැනි ඇදුමකින් සැරසිම තහනම් කර ඇත. මිට වසර 20කට 30කට ප්‍රථම මෙවැනි ඇදුමකින් සැරසුන මුස්ලිම් කාන්තාවන් මා නොදුටිමි. මෙවැනි ක්‍රියා වලින් ජාතියත් ඉලිප්පිමෙන් සහොදරත්වයෙන් එකතු විම නොව වෙන් විමට තුඩු දෙන කරුණු මතු වේ. කුරාන් පොතේ මෙවැනි ඇදුමක් සඳහන් වි ඇත් දැයි මා නොදන්නෙමි. ඒ අනුව මුස්ලිම් ප්‍රජාවත්, පුජකතුමන්ලා මේ ගැන සිතිමට මේ උච්තම කාලය. බව මගේ හැගිමයි.

කුල වාදය, ජාති වාදයත්, නිර්දය ලෙස විවේචයට ලක් කල සාන්තෘවරයන් අතර ප්‍රමුඛ ස්ථානය හිමි වන්නේ බුදුරජාණන්වහන්සේ බව කවුරුත් අවිවාදයෙන් පිළිගන්නා කරුණකි. වාසෙට්ඨ සුත්‍රය වසල සුත්‍රය වැනි සුත්‍ර මගින් උන්වහන්සේ කුල වාදය සහ ඒහා බැදුන ජාති වාදයට පහර එල්ල කළහ. එම ආගමට ගරු කරන අපත් කහ චිවරය දරා ගත් භික්‍ෂුන් වහන්සේලාට එම දහමින් පිට වෛරය, ක්‍රෝධය පතුරාවා විනාශයක් කල හැකි ද යන්න බෞද්ධයන් ලෙස සිතා බැලිය යුතු වේ. එමෙන්ම බයිබලයේවත් කුරාණයේවත් භගවත්ගිතිකාවේවත් එවැනි මිලේච්ඡ දේ වලට කිසිදු උත්චේඡනයක් නැත. සියලු ශාස්තෘවරුන් ගෙන් ඉගෙන ගත යුත්තේ මනුෂ්‍යයා ජාති, ආගම් හා කුල වශයෙන් බෙදිය නොහැකි බවයි. සිග්මන් ප්‍රොයිඞ්ගේ සුප්‍රසිද්ධ කියමනක් ඇත. එනම් ජාති වාදියා මානසික රෝගියෙක් බවයි. එවැනි මානසික රෝගින්ට නිසි පරිදි බෙහෙත් දිමේන් මේ උමතුව හොඳ අතට හැරවිය හැකි බව මාගේ අදහසයි.
අම්පාරේ වු සිද්ධියට ආසන්නයේ පොලිස් ස්ථානයක් පිහිටා ඇත. එමෙන්ම දිගන සිද්ධියේ දී කලහාකාරින්ට පොලිස් නිලධාරින්ගේ සහයෝගය ලැබුණ් බවත්, එම නිලධාරිගේ ඇල් මැරුණු ආකාරයට රාජකාරි කල බවත් මාධ්‍ය වලින් චෝදනා එල්ල විය. පොලිසිය ඇතුලු සියලු රාජ්‍ය නිලධාරිට වැටුප් ගෙවනු ලබන්නේ සිංහලයාගේ ගන්නා සෘජු වක්‍ර බදු වලින් පමණක් නොවේ රටේ සියලු ජාතින්ගේන් බදු අය කරති එම බදු වලින් වැටුප් ගන්නා සියලු නිලධාරින් වන සැම දෙනාගේ ආරක්‍ෂාව තහවුරු කිරිමත්, නිසි පරිදි රාජකාරි කිරිමටත් වග බලා ගත යුතු යැයි අපි සිතමු. එය පැහැර හැරිම රටේ නිතිය අනුව දඩුවම් ලැබිය යුතු කරුණක් බව ආණ්ඩුවේ අණපනත් වල සඳහන් වේ. අලාභ හානි හා ජිවිත හානි වු අයට වන්දි ගෙවන්නේ ආණ්ඩුව වුවත් ගෙවන්නේ මහජනයාගේ බදු මුදල් වලිනි. ඒ අනුව උන්මන්තකයන් විසින් රටේ සිදු කරන විනාශය වලක්වා ගැනිම අප කාගෙත් වගකිම වනු ඇත. අවසන් වශයෙන් සඳහන් කරමි.

ජගත් හේමචන්ද්‍ර
නියෝජ්‍ය ලේකම්
එක්සත් වාමාංශික පෙරමුණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *