සජිත් , විජයදාස , ගයන්ත ආසන පැරදීමෙන් රනිලුත් අමාරුවේ
තමන් සංවිධායක ධුරය දරන ආසන පරාද වුවහොත් කොතරම් මනාප ලැබුවත් ඇමතිකම් නොදෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සියලු අපේක්ෂකයින්ට දන්වා තිබුනද පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාත් , විජයදාස රාජපක්ෂ , ගයන්ත කරුණාතිලක වැනි ප්‍රබල ඇමැතිවරුත් තමන්ගේ ආසන පරාදවීම නිසා නව ඇමැති මණ්ඩලය පත්කිරීමේදී වික්‍රමසිංහ මහතාද අපහසුතාවයට පත්ව ඇති බව වාර්තා වෙයි . ආසන පරාද වූ වෙනත් අපේක්ෂකයන්ද ඇමතිකම් ඉල්ලා සිටීම නිසාත් ඇමැති මණ්ඩලය සීමා කිරීමට නව ව්‍යවස්ථාව යටතේ සිදුවී තිබීම නිසාත් මෙම තත්ත්වය උද්ගතව ඇත .
කෙසේ වෙතත් මැතිවරණයෙන් පරාද වූ ඇතැම් ප්‍රබලයන් ජාතික ලැයිස්තුවෙන් පත්කරන ලෙස කළ ඉල්ලීම් වික්‍රමසිංහ මහතා ප්‍රතික්ෂේප කළ බව වාර්තා වීය ..
