මැතිවරණ ප්‍රතිඵලයෙන් දයාසිරි අතරමං !

විපක්ෂයේ මන්ත්‍රීවරයකුව සිටිනවාට වඩා පළාත් මහ ඇමැති වීම හොදයයි කියා පසුගිය වසරේ පක්ෂය මාරුකළ දයාසිරි ජයසේකර මහතා මහ ආණ්ඩුවේ ඇමතිවරයකු වීමට සිතා මැතිවරණය තරග කළද ලැබුණු ප්‍රතිපලයට අනුව නැවතත් විපක්ෂ මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවේ වසර පහක් ගතකිරීමට යන්නේදැයි සිතමින් අතරමංව සිටිනබව ඔහුට සම්බන්ධ අපගේ ආරංචි මාර්ග කියයි .

රනිල් මෛත්‍රී එකතුවෙන් හැදෙන යහපාලන ආණ්ඩුවක ඇමැතිධුරයක් හිමිකර ගැනීමේ හැකියාව ගැනද දයාසිරි ජයසේකර මහතා සොයා බලමින් සිටින බවද දැනගන්නට ඇත . ආණ්ඩුවේ ඇමැතිධුරයක් නොලැබෙන්නේ නම් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දීමට ජයසේකර මහතා ඉදිරිපත් නොවනු ඇතැයි ද කියති .

ජයසේකර මහතා පාර්ලිමේන්තු නොයන්නේ නම් පුරප්පාඩුවන මන්තීධුරයේ දිවුරුම් දීමට ලයිස්තුවේ ඊළගට මනාප ලබා සිටින හිටපු නියෝජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර මහතා සැදී පැහැදී සිටින බවද වාර්තාවෙයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *