වගවීමක් නොමැති ප්‍රකාශ ආණ්ඩුවේ පැවැත්මට හිතකරද ? – භාතිය බරුකන්ද
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එක්ව සිටින කණ්ඩාමෙන් සැලකිය යුතු පිරිසයක් ආණ්ඩුවෙන් ( ඇත්ත කතාව නම් ඇමති පදවිවලින්) ඉවත්වෙලා මහින්ද රාජපක්ෂ සමග යළි එක්වන බවට වන කතාව පසුගිය සති අන්තයේ ජාතික පුවත්පත්වල ප්‍රධාන ප්‍රවෘත්තියක් වෙලා තිබුණා.
කාලයක් තිස්සේ මෙවැනි ප්රවෘත්ති විටින් විට පළ වෙලා තිබුණ නිසා ජනතාව නම් ඒ ගැන ලොකු උනන්දුවක් දැක්වූ බවක් දැකිය නොහැකියි. මේ ගැන මෙම ලේඛකයා සමග අදහස් දැක්වූ හොරණ නගරයේ ත්‍රිරෝද රථ රියැදුරෙක් කීවේ ‘18 ක් 20 ක් ගියාට මොකද මහත්තයෝ ආණ්ඩුවක් ගෙනියන්න ඕනෑ 113 ක් විතරනේ’ කියලයි.
දේශපාලන විචාරකයෙක් නොවන ඒත් දේශපාලනේ ගැන වඩාත් උනන්දු ගුරුවරයෙකුගේ අදහස වුණේ ‘‘ඔය කට්ටිය යහපාලන ආණ්ඩුවට එකතු වුණේ ආණ්ඩුව කරන්න උදව් කරන්න නෙමෙයි ආණ්ඩුවට කචල් දාන්න. කැබිනට් එකෙයි අතනයි මෙතනයි ඉඳගෙන ඒ වැඬේ නියමෙට කරන්න පුළුවන්නේ මහත්තයෝ. විපක්සේ හිටියොත් එහෙම කරන්න බැහැනේ. ආණ්ඩුවේ ඇමැති, නියෝජ්‍ය ඇමැති පට්ටම් අරගෙන වැඬේ දෙන්න පුළුවන් නියමෙට. එතකොටනේ වැඬේට බරක් තියෙන්නේ. මේ අයට කොහොමත් යහපාලනේ ඔරොත්තු දෙන්නේ නැහැ. මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙන් ආණ්ඩුවට එකතු වුණ කිසිම කෙනෙකුට මේ ආණ්ඩුව ගැන වගවීමක් නැහැ. වගකීම විතරක් තිබිලා වැඩක් නැහැ. වගවීමකුත් තියෙන්න එපාය. එහෙම වගවීමක් නැති ආණ්ඩුවක් තියෙනවට වඩා හොඳයි නැති එක’’
‘‘මොකක්ද ඔය ‘වගවීම’ කියලා කියන්නේ ? ’’ දේශපාලනයේදී නිතර නිතර භාවිත වන සිල්ලර වචන වල ස්වරය ඉක්මවා ගිය ‘වගවීම’ කියලා කියන්නේ මොකක්ද කියලා දැන ගැනීමේ වුවමනාවෙන් මම ඔහුගෙන් විමසුවා.
‘‘වගවීම කියලා කියන්නේ යම්කිසි දෙයක් වෙනුවෙන් ස්වේච්ඡුාවෙන් ඇති කර ගන්න බැඳීම කියලයි දේශපාලන විද්‍යාවේදි සරලව පැහැදිලි කරන්නේ. මෙහෙම කිවුවොත්, මහත්තයාට ගෙදර පිරිමියා විදිහට තියෙන වගකීම තමයි සල්ලි හම්බ කරන එක. ගෑනු කෙනාට ළමයින්ව බලා ගන්න එක. දැන් මහත්තයා ඔෆිස් ඇරිලා ගෙදර යනවා. දුව හන්දියේ කොල්ලෙක් එක්ක කතා කර කර ඉන්නවා. මහත්තයා මොකද කරන්නේ ‘ගෑනු ළමයි බලාගන්න එක අම්මගේ වගකීම’ කියලා නිකං ඉන්නවාද ? නැහැනේ. දුව ගැන තමන්ගේ බැඳීමක් තියෙනවා. දුවට කතා කරනවා. ඒ වගේ දෙයක් තමයි වගවීම කියලා කියන්නේ’’
යුද්ධයෙන් ඇණ ගත්තෙත් මේ නිසා
ඔහු කියන වගවීම කියන කාරණය අපට ඉතාම පහසුවෙන් වටහා ගත හැකියි. නූතන දේශපාලනයේ පදනම වන්නේ ‘වගවීම’ යැයි දැන් පිළිගැනේ. රටක ෙසෙවරීභාවයට එරෙහිව උද්ගතවන කැරැුල්ලක් බලය යොදා මර්ධනය කිරීමට ලොව ඕනෑම ආණ්ඩුවකට වගකීමක් තිබෙනවා. එහෙත් එම වගකීම ඉටුකර ගැනීමට යාමේදී හිතූමතේ ඝාතන කිරීම් කිරීමට, ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමට ආණ්ඩුවකට වර්තමානයේදී අයිතියක් හිමි වන්නේ නැහැ. ඒ ආණ්ඩුවකට තම ජනතාව කෙරෙහි වන වගවීම පැහැර හැරිය නොහැකි නිසයි. පසුගිය ඊළාම් යුද්ධයේදී සිදු වූ බව කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්රමුඛ ජාත්‍යන්තර ප්‍රජාව ශ්‍රී ලංකාවට චෝදනා කළේ, ත්‍රස්තවාදය තුරන් කිරීම නැමැති වගකීම ඉටුකරන විට ‘ජනතාවගේ මානව හිමිකම් සුරක්ෂිත කිරීම යන ආණ්ඩුවේ වගවීම ඉටු නොකළ බවටයි. මේ තත්ත්වය යුද්ධයේදී පමණක් නොවෙයි, පරිසරය, ආර්ථිකය ආදි කාරණාවලදීත් අද බහුලව සලකා බැලෙනවා. කොටින් අද වගකීමට වඩා වගවීමට තිබෙන පොදු පිළිගැනීම ඉහළයි.
ලංකාවේ නැත්තෙත් මේකමයි
ලංකාව ගත්තොත් තමන්ගේ වගකීමත් හරි හැටි ඉටු කරන මිනිසුන් බොහොම හිඟ රටක්. බලන්නේ තමන්ගේ අයිතිවාසිකම් ගැන විතරයි. මේ වාගේ පටු හා අවස්ථාවාදී තත්ත්වයක් තුළ වගවීම වාගේ දියුණු භාවිතයකට අපේ සමාජය තවමත් ළදරු වැඩියි කියලා හිතෙනවා. මේ තත්්ත්වය අපි වත්මන් ආණ්ඩුව මුහුණ දෙමින් සිටින දේශපාලන ගැටලූවට සරලකරණය කළොත් අපිට දකින්න ලැබෙන චිත්‍රය ඉතාමක් අඳුරුයි.
පසුගිය සති අන්තයේ පුවත්පතකට සම්මුඛ සාකච්ඡුාවක් දෙමින් ආණ්ඩුව සමග එක්ව සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමේ ප්‍රබලම චරිතයක් වශයෙන් සැලකෙන ඇමැති මහින්ද අමරවීර කියලා තිබුණ ‘රාජපක්ෂවරු මොන වැරදි කළත් ඔවුන්ට දඬුවම් නොකළ යුතුයි’ කියලා. ඒ වගේම තවත් ජාතික පුවත්පතක් ප්‍රධාන ශීර්ෂපාඨය විදිහට වාර්තා කළේ ‘විධායක බලතල පාවිච්චි කරන පෙන්වන මෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අභියෝග කරන බවයි.
ඩිලාන් පෙරේරාලා, ඩුලිප් විජේසේකර, නිමල් සිරිපාල ද සිල්වලා පසුගිය කාලය පුරාම කියන දේවලූයි අද ඊයේ මහින්ද අමරවීරලා කියන කතා අතරයි වෙනසක් නැහැ. ඔවුන් මේ දිගින් දිගටම ප්රතිරාවය කරමින් ඉන්නේ යහපාලන ආණ්ඩුව සම්බන්ධයෙන් ඔවුන්ට කිසිදු ආකාරයක වගවීමක් නොමැති බවයි. එහෙම වගවීමක් තිබෙනවා නම් ‘‘මොන වැරදි කළත් රාජපක්ෂලාට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවිය යුතුයි’’ කියලා රටටම ඇහෙන්න කියන්න බැහැ. ‘හැකිනම් විධායක බලතල ක්‍රියාත්මක කරන්න’ කියලා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අභියෝග කරන්න බැහැ. මොකද මේ කාරණා දෙකම මෛත්‍රීපාල සිරිසේන මහතා විජයග්‍රහණය කළ ජනාධිපතිවරණයට වගේම මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු බලය තීරණාත්මකව පරාජය කළ මහ මැතිවරණයේදී ද ජනතාව මහත් ඉහළින් අපේක්ෂා කළ යහපාලන කොන්දේසි දෙකක්. මොකද ලක්ෂ 62 ක ජනතාවක් 2015 ජනවාරී 08 වැනිදා ඡුන්දපොළට ගිහින් මහින්ද රාජපක්ෂ පාලනය නිමා විය යුතුයි කියලා මෛත්‍රීපාල සිරිසේන මහතාට ඡුන්දය භාවිත කළේ රාජපක්ෂ පවුල පොදුවේ කළ අවභාවිතයන් ගැන බොොහාම සවිඥානිකවයි.
ලසන්ත වික්‍රමතුංග ඝානය, ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදන් කිරීම, ඇතුළු ජනමාධ්‍යවලට එල්ල කළ දැවැන්ත මර්ධනය, උතුරේ දමිළ ජනතාවට අති සංවේදී මානව හිමිකම් උල්ලංඝනය කිරීම් වගේම දකුණේ මුස්ලිම්වරුන්ට අතිසංවේදී අලූත්ගම, බේරුවල වැනි අන්තවාදී ප්‍රහාර, වැලිකඩ බන්ධනාගාර රැුඳවියන් 24 දෙනකු ඝාතනය කිරීම, වසීම් තාජුඞීන් ඝාතනය කිරීම, රතුපස්වල, හලාවත හා කටුනායක ඝාතනයක් පිළිබඳ යුක්තිය ඉටුවිය යුතු බවටයි යහපාලන ආණ්ඩුව බලයට පත් කළ ජනතාව විශ්වාසය තබා ඇත්තේ. ඒ වගේම රාජපක්ෂ පවුල තුළින් සිදු වූ අතිදැවැන්ත ආර්ථික හා මූල්‍ය අපරාධ රැුසක් තිබෙනවා. අද බැසිල් රාජපක්ෂලා, නාමල් රාජපක්ෂලා, ගෝඨාභය රාජපක්ෂලා සැරෙන් සැරේ හරස් පොලිසියට, අධිකරණයට යන්නේ අහේතුකව නොවෙයි. බොහොම සහේතුක කාරණාවලට. ඒ නිසා යහපාලනය ගැන කිසිදු ආකාරයක ස්වේච්ඡුාවෙන් ඇතිකර ගත්ත බැඳීමක් නැති මහින්ද අමරවීරලාට බොහොම පහසුවෙන් කියන්න පුළුවන් රාජපක්ෂලාට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවිය යුතුයි කියලා.
ඒ වගේම මහින්ද අමරවීරලා කියන මේ කතා කොතරම් නොදියුණු හා අන්ත වැඩවසම් ද කියලා නූතන දේශපාලන හැසිරීම අනුව අපට පෙනෙවා. ‘රජු නිවැරදියි’ කියන අන්ත වැඩවසම් පාලනය අද ලෝකය ප්‍රතික්ෂේප කරලා ඉවර බව මොවුන්ට අමතක වෙලා. ඒ නිසයි අද හිටපු බ්‍රසීල ජනාධිපතිවරයා අපරාධ චෝදනාවලට සම්බන්ධයෙන් වැරදිකරුවන් වී හිරගෙට යන්නේ. දකුණු කොරියාවෙන් බිහි වූ ප්‍රථම ජනපතිනියට ජම්පරේ අදින්න සිද්ධ වෙන්නේ. යන විදිහට ගියොත් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට එරෙහිව වුණත් ඇමෙරිකානු නීතිය ක්‍රියාත්මක වෙන්න පුළුවන්. මේක තමයි නූතන ප්රජාතන්ත්රවාදය භාවිත වන ආකාරය. බලයේ තාවකාලික බාරකරුවන් වන පාලකයින්ට කරන කියන සියලූම දේවල් සම්බන්ධයෙන් සදාකාලික මුක්තියක් හිමිවන්නේ අන්ත වැඩවසම් රටවල්වල විතරයි. ලංකාවේ බොහොමයක් මිනිස්සු මනසින් වැඩවසම් බව අපිට පිළිගන්න සිදු වුණත් ලංකාවේ නීතිය නම් වැඩවයම් නැහැ. ඒ නිසා පාලකයා කවුරුන් වුණත් ඔහු කළ අකටයුතුකම්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතුයි.
හෙටට ආණ්ඩු කිරීම
ජනතාව යහපාලන ආණ්ඩුව බලයට පත් කළේ විධායක බලතල සහිත ජනපති පදවියට තිත තබා වඩාත් ප්රජාතන්ත්රවාදී පාලන ක්‍රමයක් සකස් කර ගැනීමට බව යහපාලන ආණ්ඩුව පිළිබඳ කිසිදු ආකාරයක වගවීමක් නොමැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරුන්ට නොවැටහීම පුදුමයක් නොවෙයි. ඔවුන් මේ කරන්නේ ‘බොරදියේ මාලූ බෑමක්. වුවමනාවෙන්ම මහින්ද රාජපක්ෂ පරාජය කළ ජනතාවට සමච්චල් කිරීමක්. ඇතැම් විට ජනවාරී 08 පරාජයේ වාඩුව ගැනීමක් වශයෙන් ද සැලකිය හැකියි. මේ කුමන වචනයකින් හැඳින්වුව ද අපට අවධාරණය කිරීමට සිදුවන්නේ ‘විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම’ පරමාභිලාෂය කරගත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට විධායක ජනාධිපති බලතල ක්‍රියාත්මක කරන්න යැයි අභියෝග කිරීම ඔවුන් තුළ ආණ්ඩුව කෙරෙහි පවතින වගවීම් රහිතභාවය මනාව ප්‍රදර්ශනය කිරීමක් වශයෙනුයි.
අනෙක් කාරණය වන්නේ විධායක බලතල ක්‍රියාත්මක කරන්න යැයි ඉල්ලා සිටින්නේ කවුරුන්ට එරෙහිවද ? යන්නයි. සිදුවිය යුතු ආකාරයට නම් ජනපතිවරයා විධායක බලතල ක්‍රියාත්මක කළ යුතු වන්නේ එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරුන්ට එරෙහිවයි. ආසන්න කතාව ගැන සලකා බැලූවහොත් සාගල රත්නායකගේ ආරක්ෂක අමාත්‍යාංශය ජනපතිවරයා අතට ගැනීම විය හැකියි. මීට පෙර ඔවුන් යළි යළි ඉල්ලා සිටි ආකාරයට රවි කරුණානායක මහතාගේ (එවකට* මුදල් අමාත්‍යාංශය ජනපතිවරයා යටතට ගැනීම වැන්නක් විය හැකියි. ඒ වගේම මුළු රටට ම පැහැදිලි වූ කරුණක් වන්නේ ආණ්ඩුව යම්කිසි අර්බුදයකට තල්ලූ කළ පසුගිය කැබිනට් සංශෝධනය පවා ආණ්ඩුව තුළ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන්ගේ දැඩි බලකිරීම මත ක්‍රියාත්මක වූ එකක් බවයි. මේ තත්ත්වය ඉතා පැහැදිලිව ‘බළලූන් ලවා කොස් ඇට බෑවීමක් ’ බව පැහැදිලියි.
මේ වගවීමක් නොමැති තත්ත්වය අපි කැබිනට් මණ්ඩලය තුළදී පවා දකිනවා. කැබිනට් ක්රමයේ පදනම වන්නේ ‘සාමුහික වගකීම’ කියන සංකල්පයයි. බි්රතාන්ය තුළ එය අවධාරණය වන්නේ ‘එක්ව පිීනමු නැතහොත් එක්ව ගිලෙමු’ කියන අර්ථයෙන්.
ඒත් අද කැබිනට් මණ්ඩලය තුළ ගන්නා බොහෝ තීන්දු සම්බන්ධයෙන් සාමුහික වගකීමක් නොමැති බොහෝ විට පේනවා. ඒ තත්ත්වය තුළ බොහෝ විට දැකිය හැකිවන්නේ ‘අද ආණ්ඩු කිරීම’ නොව ‘හෙටට ආණ්ඩු කිරීම’යි. ඒ කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරු විශාල පිරිසක් ආණ්ඩුවේ තීන්දු විවේචනය කරමින් ලකුණු දාගන්න වෑයම් කරන ආකාරයක් අපට දැකිය හැකියි. ඒ වෙන කිසිවකට නොවෙයි ඉදිරි මැතිවරණයේදී පාවිච්චි කිරීමටයි. ඔවුන් මේ තත්ත්වය අනාගත ආයෝජනයක් විදිහට සලකන බවක් තමයි අපට පැහැදිලිව පේන්නේ.
මෙය දේශපාලන අවදානමක්
මෙය දේශපාලන අවදානමක් වශයෙන් අප සැලකිය යුතුයි. මොකද මේ මුට්ටිය දමමින් බලන්නේ මොනවටත් නොවෙයි, ආණ්ඩුව ඇතුළතින්ම දුර්වල කරමින් අවස්ථාව ලද විගසම යහපාලනයට දෂ්ඨ කරන්න. මේ තත්ත්වය තුළ යහපාලන ආණ්ඩුවේ ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම වඩ වඩාත් අසීරු විය හැකියි. මන්ද ආණ්ඩුවේ ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණවලට ඍජුවම නායකත්වය දෙන්නේ එක්සත් ජාතික පක්ෂය. විශේෂයෙන් එජාප නායකයා ද වන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා. එක්සත් ජාතික පක්ෂ නායකත්වය යටතේ ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ සාර්ථක වුවහොත් ඉදිරි කිසිඳු මැතිවරණයකදී එජාපය සෙලවීමටවත් නොහැකි බව අද ආණ්ඩුව තුළ සිටින ශ්‍රීලනිප පාර්ශ්වය වගේම මහින්ද රාජපක්ෂ මහතාගේ ඒකාබද්ධ විපක්ෂයත් දන්නවා. ඒ නිසා කළ යුතු වන්නේ කෙසේ හෝ එජාපයේ මේ වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීම හෝ දියාරු කිරීමයි.
19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ සිට අද දක්වා ආණ්ඩුව, විශේෂයෙන් එජාප නායකත්වය යටතේ ක්‍රියාත්මක වන ආර්ථික හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ වැඩසටහන දියාරු කිරීමට හෝ එහි ක්‍රියාකාරීත්වයට බාධා ඇතිවන ආකාරයට කකුලෙන් ඇදීමට ක්‍රියාත්මක වූ පාර්ශ්ව කවුද කියා සියුම්ව නිරීක්ෂණය කරන විට අපට අද ආණ්ඩුව ඇතුළතින් මුහුණ දෙමින් සිටින අවදානම අපට පැහැදිලි කරගත හැකියි.
ආණ්ඩුව පමණක් නොවෙයි යහපාලන ආණ්ඩුව බලයට පත් කිරීමට දිවිහිමියෙන් ඡුන්දය භාවිත කළ සියලූම ජනතාව මේ දේශපාලන අවදානම වටහා ගත යුතුයි. එසේ නොවුණහොත් සිදුවන්නේ ඉක්මනින් හෝ ප්‍රමාදවී හෝ මුළු රටම යළිත් පවුල් පාලනය නින්දගමක් බවට පත්වීම.
ආණ්ඩුව වැටෙයිද ? වට්ටවයිද ?
ප්රජාතන්ත්රවාදී පාලනය ක්‍රමයක් පවතින ලෝකයේ ඕනෑම රටක විපක්ෂයේ ප්‍රධාන දේශපාලන වුවමනාව වන්නේ යළි බලය අත්පත් කර ගැනීමයි. එය ලංකාවට පමණක් සුවිශේෂ තත්ත්වයක් නොවෙයි. ඒ නිසා 2015 ජනවාරී 09 වැනිදා සිට පරාජයට පත් වූ මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යළි ආණ්ඩු බලය අත්පත් කොට ගැනීමට සිහින දැකීම හා ඒ වෙනුවෙන් කැපවීම දේශපාලන කුමන්ත්‍රණයක් හෝ දක්ෂතාවයක් නොවෙයි.
ඒත් ප්රජාතන්ත්රවාදී ලෝකය පාර්ලිමේන්තු කුමන්ත්‍රණ නම් නොඉවසන බව කිව යුතුයි. මහ මැතිවරණයකදී හෝ ජනාධිපතිවරණයකදී ජනතාව හමුවට ගොස් ජන වරමින් යළි බලය අත්පත් කොට ගැනීම මිස අවස්ථාවාදය හා බලලෝභය පදනම් කොට ගනිමින් පාර්ලිමේන්තු කුමන්ත්‍රණ හරහා බලය අත්පත් කොට ගැනීමට යම් කිසිවෙක් හෝ කල්ලියක් සැලසුම් කරන්නේ නම් එය ඉතා පැහැදිලිව ම ජනබලයට ද්‍රෝහීවීමක්.
ආණ්ඩුව සමග එක්ව සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යම් සැලකිය යුතු පිරිසයක් ආණ්ඩුවෙන් ඉවත් වී පාර්ලිමේන්තු කුමන්ත්‍රණයකට අර අඳින්නේ නම් එය නෛතිකව මෙන්ම දේශපාලනිකව ද පරාජය කළ යුතුමයි. මන්ද ඔවුන් කඩිනමින් බලය අල්ලා ගෙන මේ උත්සාහ කරන්නේ ක්‍රමිකව සිදුවන දේශපාලන ප්‍රතිසංස්කරණ යළි ආ පස්සට හැරවීමට උපක්‍රම යෙදීම මිස ප්රජාතන්ත්රවාදී හා යහපාලන භාවිතයන් ශක්තිමත් කිරීමක් නොවෙයි. එය ජනවාරී 08 වෙනසට ප්රතිපක්ෂ වන්නේ මේ නිසයි. එවැනි සෑම උත්සාහයක්ම පරාජය කළ යුත්තේත් එනිසයි.
සටහන
භාතිය බරුකන්ද
